Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Monday, February 17, 2014

Bauddha Tharka - Islam bakthikayan samaga - mawum karu gena lipiyata pilithuru




ලොව මැව්වේ දෙවියන් නම් දෙවියන් මැව්වේ කවුරුන්ද?

ප්‍රශ්න නැගීම පමණක් පුරුද්දක් කර ගත් අපේ සමාජයට නැගුනු බරපතල ප්‍රශ්නයකි ඉහතින් සදහන් කළෙ‍්. ප්‍රශ්නයට ප්‍රශ්න නගන එක පසෙක තබා ප්‍රශ්නයට දෙන පිළිතුර බුද්ධියෙන් සිතන්නට හැකි නම් ප්‍රශ‍්නය ඔබට ප්‍රශ්නයක් නොවනු ඇත. පිළිතුර ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරනු ඇත. එසේම වේවායි පැතුම සමගින් මාතෘකාවට පිවිසෙන්නම්.

ලෝකයේ සිටින බුද්ධිමත්ම සතා මිනිසා යන්න අවිවාදිතය. නමුදු මිනිසාට ලබා ගත හැකි දැනුමේ ප්‍රමාණය සොච්චමක් බව මිනිසා තවමත් දන්නේ නැත. දියුණු යයි කියූ මිනිසා තමන්ට අභියෝග නැතයි පවසා තැනු අභ්‍යවකාශ ෂටල පෘථිවිය මත කඩා වැටෙන්නේ දැනුමේ පවතින සීමාවන් නිසා නොවේද? කාන්තාවන්ගේ සුබ සෙත සදහා යයි පවසමින් දරු ප්‍රසුතිය සදහා නුතන විද්‍යාව හදුන්වා දුන් සිසේරියන් සැත්කම දරු සම්පත් සීමා කරන සැත්කමක් බවට පත්ව අවසන්ය. මිනිසා නිමවූ තාක්ෂණයම අද මිනිසාට අභියෝග කරන අවධියක මිනිසා දැනුමේ නාමයෙන් පාරම් බාමින් සිටියි.

ඉතින් පිළිගත යුතුව ඇත. අප දන්නාවූ දැනුම මෙන්ම අප නොදන්නාවූ දැනුමක්ද මෙලොව පවතින බව. එකී දැනුම අප ප්‍රශ්නාවලියක් බවට පත් කර ගත්තේ නම් එකී ප්‍රශ්නයම අප වෙලා ගන්නවා මිස පිළිතුරු පත්‍රයක් අපට හමු නොවනු ඇත. දෙවියන් මැව්වේ කවුරුන්ද? අපේ දැනුමේ සීමාව ස්පර්ශ නොකරන අපට ප්‍රශ්නයක් වුනු තවත් ප්‍රශ්නයකි. මේ ආකාරයෙන් සමීකරණය විසදීමට උත්සාහ කළහොත් නියතවම පිළිතුරක් ලබා ගත හැක.

අප තාත්තා යයි පැවසුවේ කාහටද? ලොව පවතින සියලු පිරිමි මැවීම්වලට තාත්තා යයි ආමන්ත්‍රණය නොකළේ මන්ද? පිළිතුර පැහැදිලිය. තාත්තා යන නාමය හිමි වන්නේ එක අයෙකුට පමණි. ඒ ඔහු සතු වූ සුවිශේෂී සුදුසුකමයි. එසේම අම්මා යයි හැමෝටම පවසන්නේ නැත. සුදුසුකම් සපුරා තිබිය යුතුය මගේම අම්මා යයි කියන්නට.

තවත් උදාහරණයක් ගෙන හැර පාන්නේ නම් රටක ජනාධිපති යයි සියලු දෙනාටම පවසන්නට හැකියාවක් නැත. සුදුසුකම් සපුරා තිබිය යුතුය. පමණක් නොව ඔහු ජනාධිපති බලතල මත අන් අයගෙන් වෙනස් වන්නේය. අන් අයට නොමැති බලයක් ඔහු සතු වන්නේය. අප එය විධායක බලය ලෙසද හදුන්වන්නෙමු.

එසේ නම් දෙවියන් විය යුත්තේ ඔබටත් මටත් වඩා සුවිශේෂී කෙනෙකු නේද? ඔබත් මමත් දෙවියන්ට අර්ථකථනය දුන්නේ ඔබටත් මටත් තිබෙන දැනුමේ සීමීත සීමාව තුල ඉදගෙනය. එනිසාමය තිස් තුන් කෝටියක් දෙවිවරු අප විසින් නිර්මාණය කලේ. සමහර දෙවියන්ගේ ඉතිහාසය ගත්තොත් ඔව්න් මනුස්සයන් ලෙස කළ සේවයට කෘත ගුණ දැක්වීම සදහා මිනිසුන් විසින් ඔහුව දෙවියන් බවට පත් කරනු ලැබීය. නමුත් ඔහු නිසල මෘත දේහයක් බව අපේ බුද්ධිය අපට ප්‍රකාශ කළෙ‍් නැත.

එපමණකුදු නොවේ. අප දෙවියන් යයි සිතා සිටින්නේ අප මෙන්ම කන බොන අදින පළදින විවාහ වන යම් සුවිශේෂ මැජික් බලයක් තිබෙන (හරියටම විධායක බලයක් සහිත ජනාධිපති මෙන්) පුද්ගලයෙකු ලෙස පමණි. ඔබටත් මටත් සමාජය ඉගැන්වූයේ එලෙසය. ඉතින් එයට ඇබ්බැහි වූ අපි දෙවියන්ව මවපු කෙනාව සොයමින් සිටින්නෙමු.

සිතන්නට කාලය දෙන්න. මගේ තාත්තව මා හදුනා ගත්තේ ඔහු තාත්තා බව මට පැවසූ නිසාය. අම්මාද එසේමය. ජනාධිපති කව්රුන්ද යන්න රට දැන ගත්තේ නිල වශයෙන් ප්‍රකාශ කල පසුවය. කියන්න තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් තමන් දෙවියන් යයිද? තමන්ව නමදින්න යයිද? මේ අණ පිළිපදින්න යයිද පැවසූ එකදු දෙවියකු හෝ සිටීද? නැත. ඔව්න්ට දෙවියන් යන නාමය ලබා දුන්නේ අපය. රූප අඹා, පහන් පුදා මනක්කල්පිත දෙවියකු අපම නිර්මාණය කොට ගෙන ඇත්තෙමු.

මීට පෙර මාගේ සටහනේදී ඔබට පැවසූ අල් කුරානය ඔබ අධ්‍යයනය කළෙ‍් නම් එහි එක දෙවියකු ගැන පමණක් සදහන් වේ. ඒ දෙවියන් තමන් ගැනම ලොවට ප්‍රකාශ කරයි. තමන් කවුරුන්ද යන්න ලොවට හදුන්වා දෙයි. තමන්ගේ මැවීම් ගැන ලොවට පහදා දෙයි. තමන්ගේ මැවීම්වල රාජකාරීන් වගකීම් කවරේද යන්න මනා ලෙස උගන්වයි. එපමණකුදු නොනැවතී තමන් පහළ කල අල් කුරානය තුලින් අල් කුරානය සහ අල්ලාහ් දෙවියන් ප්‍රතික්ෂේප කරන අයට අභියෝගයන්ද සිදු කරයි.

යොමු කරන්න ඔබේ අවධානය අල් කුරානයේ 112 ශේදය දෙසට

1. නබියේ ඔබ පවසන්න අල්ලාහ් එකකයෙකි.

2. අල්ලාහ්ට කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නොමැත.

3. ඔහු කිසිවෙකු ප්‍රසුත කලේද නැත. ප්‍රසුත කරනු ලැබුවේද නැත.

4. ඔහුට සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ( ඔහු අසමසමය)

හරිම අපුරුවට ඉහත දේව වාක්‍ය දෙවියන් යනු කවුරුන්ද යන්න අපට උගන්වයි. එවන්වූ ආකාරයෙන් ඔබත් මමත් නිර්මාණය කල දෙවියන් විසින් ඔව්න්ව හදුන්වා තිබේද? ඉහත වාක්‍ය ඔබ විසින් නිර්මාණය කල සියලු දෙවියන්ට ආදේශ කරන්න. පිළිතුර කවරක්ද යන්න ඔබම සිතා බලන්න.

1. අල්ලාහ් එකකයෙකි.

ඔබ විසින් සදහන් කරන දෙවිවරුන් එක්කෙනෙකු නොවේ. කො‍්ටිම තිස්තුනකි. එය මනුෂ්‍ය ජනගහනය හා සමානය. ඉතින් මනුෂ්‍යයන්ව පාලනය කරන්නට කො‍්ටිම තිස් තුනක් දෙවිවරු අවශ්‍ය නම් දෙවියන් යන්නෙහි බලය කවරේද?

2. අල්ලාහ්ට කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නැත.

පුද්ගලයන් යනු අවශ්‍යතාවයන්ගෙන් සපිරි උවමනාවන්ගෙන් පිරි ජල උල්පතක් බදුය. එසේම තනිවම ජීවත් වීම කිසිසේත් නොහැකිය. දෙවියකු විය යුත්තේ එකී මනුෂ්‍ය ලක්ෂණයෙන් සම්පුර්ණයෙන් බැහැර වූ කෙනෙකු නොවේද? පිළිම අඹා පින්තුර තබා මමත් ඔබත් නිර්මාණය කළ දෙවියන්ටත් පිලිරු වලට කැත කරන කාක්කාව පවා එළවන්නට තවත් කෙනෙකුගේ සහය අවශ්‍ය වේ. ( මෙය කාටත් අපහාසයට නොව බුද්ධියේ විමසුමට ගත් උපහැරණයක් පමණි.)

3. ඔහු කිසිවකු ප්‍රසුත කළෙ‍්ද නැත, ප්‍රසුත කරනු ලැබුවේද නැත.

ඔබට පිළිතුරු ලැබුනා යයි සිතමි. බලන්න ඔබ විසින් නැගුවාවූ ප්‍රශ්නයට අල්ලාහ් දෙවියන් විසින්ම පිළිතුරු දී ඇති ආකාරය. දෙවියන් ලොව මැව්වත් දෙවියන් මවනු ලැබූ කෙනෙකු නොමැති බවත් දෙවියන් සදාකාලික බවත් අල්ලාහ්තාලා ලොවට ප්‍රකාශ කරන්නේ තර්කානුකුල දේව වාක්‍ය මගිනි. ඉහතින් ප්‍රකාශ කළාසේම ලොව මැවු දෙවියන්ව තවත් දෙවියකු මවනු ලැබුවේ නම් එක දෙවියා යන්නෙහි අර්ථය කවරේද?

4. ඔහුට සමාන කිසිවෙක් හෝ කිසිවක් නැත.

තව දුරටත් මේ දේව වාක්‍ය තුළින් දෙවියන් යන්නෙහි අර්ථකථනය වඩාත් ශක්තිමත් කරයි. අප විසින් සිදු කරගෙන ඇත්තේද මෙම වරදය. අප දෙවියන්ව අපට සමාන කරමින්, මම ඉපදුනානම් දෙවියනුත් ඉපදිය යුතු නොවේද? දෙවියන් ඉබේ පහල වන්නේ කොහොමද? මම ඉබේ පහල වුනිද? වැනි නොයෙකුත් කතා ගොතමින් සංවාදවල පිහිනමින් සිටින්න්නෙමු. දේව වාක්‍ය යයි මනුෂ්‍යා විසින්ම තහවුරු කොට ඇති අල් කුරානය තුලින් අල්ලාහ්තාලා පවසයි තමන්ට සමාන කිසිවක් හෝ කිසිවෙක් මේ පෘථිවි තලයේ නොමැති බවත් තමන් සර්ව බලධාරී බවත්.

ඉහත වාක්‍ය හතරින් පමණක් අප නැමදිය යුත්තේත‍් අවනත විය යුත්තේත් විශ්වාස කළ යුත්තේත් කවර දෙවියන්ද යන්න මනාව පසක් කර දෙයි. මාවයි ඔබයි සමස්ත ලෝකයාවයි මවනු ලැබූ අල්ලාහ්තාලා ගැන තවදුරටත් දන ගන්න. අල් කුරානය ඔබේ සුරතට ගන්න.

සමහර විට ඉහත කරුණු ඔබට නොතේරෙනවා විය හැක. එහි වරද ඔබේ නොවේ. මන්ද කුඩා දරුවෙකුට දන්නා දේ සීමිතය. නමුත් ඒ දේ ඔහුගේ දෙමාපියන්ට තේරෙනවා ඇත. ඉතින් ඔබ මේ කරුණු කාරනාවලට පොඩි දරුවෙකි. කළ යුත්තේ ගත් කටට මෙය ඔබ නොදන්නා නිසාම ප්‍රතික්ෂේප කිරීම නොව මෙය ඉගෙන ගැනීමයි. ඒ සදහා සංවාද කරන්න. නමුත් මා දිනිය යුතුයි යන තැන සිට ඔබ සංවාද කරන්නේ නම් මදක් නවතින්න. ඔබට කුසලානය අපි දෙන්නම්. ජයග්‍රහණය භාරගෙන මෙතනින් නික්ම යන්න. මන්ද අප සංවාද කල යුත්තේ දිනීමට නොව අවබෝධය සදහා පමණි.

මුහම්මද් නෆ්ලාන්
 — with Fathima ShafiraMohamed Ruzaik AkmalChaminda Lakmaland Mohamed Ruzaik Mohamed Akmal.
Like ·  · Share · January 30
  • Suresh Madusanka  Kawru hari boththamak obala nemei me vishwaya aaramba une. me vishwayen heduna kenek me vishwaye aarambaya gana kiyana eka tikak vishwasa karanna amarui. kawru hari me vishwaya mawwa kiyala kiyana eka ape prashneta uththarayak nemei, eeka thawath prashna godak vitharai. mawapu kenaa nidaagena idala aharilada me vishwaya mawwe? eya kochchara kaalayak nidaagena hitiyada? eyaa minissunwa mawala minissuth ekka sellam karanawada? eyaa me vishwaya mawanna kalin eya hitiye me vishwaye athule nemeida?Aarambayak nathi devi kenek innawa kiyala hithanna puluwan ayata Aarambayak nathi vishwayak thiyanawa kiyala hithanna bari mokada? Loku Devikenek oonemada me vishwaya aaramba karanna? Me vishwayata aarambayak thiyanawa kiyannath baha naha kiyannath baha, eekata hethuwa eeka hoyaaganna bari nisai, eth apita hoyaganna puluwan dewal thiyanawa me loke. e thamai api ipadila marunata passe aapahu ipadenawa kiyana eka. eeka thamantama hoyaganna nam loku kaalayak yanawa. Karmaya (Kriyaawa) kiyana eka me vishwaye thiyana deyak. Me vishwayath tika tika podi wela Black Hole ekak wenawa, Eeta passe loku pipiriimak (Big Bang) wela tharu wage dewal hadenawa. Black holes kiyana ewa godak thiyanawa. Me vishwaye siduwenne Mahaa Pipireem (Big Bangs) ekak vitharak nemei, godak siddawenawa, ethanath thiyenne Chakrayak. me vishwaye aarambaya gana ahana prashnayata mata denna thiyana hodama pilithura thamai, thaamath me vishwaye kelawarak gena kiyanna baha, me vishwayata kelawarak thiyanawanam e kiyanne ethanin ehaata mukuth naha kiyana ekane. ethanin ehaata aalookayatawath gaman karanna beri wenna one ne. ethanin ehaa paththe kawru hari innawa nam e kiyanne e vishwaye kelawara newei. me vishwaye kelawara kaatawath mawanna baha, me vishwayata kelawarak thiyanawa kiyanne, apple gediyak athule inna panuwo tikak kiyanawa ape apple gediya vitharai me vishwayatama thiyenne kiyala kiyana eka wage deyak. apita me vishwaya maninath baha, me vishwaye kelawarak hoyannath baha. kawruth me vishwaye kelawara dik karanneth naha. me vishwaye kelawara kiyanne awasaanayak nathi deyak. awasaanayak/kelawarak nathi (Anantha) deyakata aarambayak thiyenna vidiyakuth naha. vishwayata awasaanayak/kelawarak/ seemaawak mawanna kawruth one naha kiyanne aarambayak mawannath kawruth one naha kiyana ekai. kelawarak nethi vishwaye kelawara mawala iwara karanna vidiyak naha, e wagema me vishwaye aarambayath kiyanna baha. ape jivitha kiyanne me vishwaye thiyana weegayan/chalanayan (speed) nisa nirmaanaya wechcha deyak. e weegayan ekathuwela hadunu kriyaawaliyata (Heethu Pala) thamai Jeevithaya/Mama kiyala hithagena inne. Siyum vidiyata patan gaththa eka dan godak kriya (Karma) karagena yana nisa godak idiriya/anaagathaya (Sanskaara) hadaagena/sakas karagena thiyenne. Hethu (cause) nisa Idiriyehi/Anagathayehi Pala (effects) Nirmaanaya wenna awashya pasubima sakas welaa thiyenne. Api dannema nathuwa hadaagaththa idiriya (Sanskaara) keti karaganna vidiya thamai Budun wahanse apita kiyala dunne. 
    read more: http://bauddha-tharka.blogspot.com/.../bauddha-tharka...


    bauddha-tharka.blogspot.com
    Sameed Mohamed Mohamed Siyan suraj mahattaya mama al-qurhanaya gena witharak katha kare netha...obata ma sanatha karana de boruwak yey oppu kireemata puluwan nam INSHA ALLHA mama bouddhaga welada deneemata lhesthi....mama anek muslim sahodarayan wenuwen katha kare ne...ma pawasanne meyay ma al-qurah...
    • Sahan Piyumal Bududahame haraya mowunta prashnayak yaaluwa.Mowunta deviyangen ehaata hithanna bah deviyan eyaalawa hira karala thiyenne allahta erehi wanna epaa kiyana eka gana meyaalata podi kaale indala kiyala deela thiyenne ithin mowunta sitheeme seemawak panawalai thiyenne.Sarwa bhaladhaari deviyan pilibadawa mage athi mathaya nam api ganitha karma waladi ithaa wishaala sankyawan wagema PAWASIYA NOHEKI dewal ANANTHAYA lesa hadunwanawa ithin methanath welaa thiyenne ekamai lokaya haduwe kawda minissu haduwe kawda kiyana eka prashnayak wenawa ethanadi nabi ho jesu wewaa eyaala hirawenawa eyaalage dharmaya e kiyanne eyaala hadaagaththa mathawaada minissunta idiripath kalayuthui kese ho ithin eyaala minissunge thiyana podu durwalathaawayan yodaagannawa ekata sarwabaladhaari deviyan yodaagannawa ethakota hari e seratama uththara eyaala deviyan keewai kiyala kiyanawa e mage mathaya kesewethath sarwabaladhaari deviyan kiyana sankalpaya mithyaawak minissu mulaawelai thiyenne ethakota minissunge buddhiya heena wenawa e deviyan nisa.
    • Mohamed Farzan Suresh Madusanka  ඔබ විශ්වය තනි ඒකකයක් ලෙසයි සළකල තියෙන්නේ ඇයි ඒ?? විශ්වයට කෙළවරක් තිබිය නොහැක කියන එකට ඔබ යම් යම් උපකල්පනයන් පමණක් ඉදිරිපත් කරල තියෙනවා. මගේ මතය නම් මෙම විශ්වයට කෙළවරක් තිබිය යුතුයි කියන එකයි. අප දන්නවා විශ්වයේ සියළුම ශක්තීන්ගේ හා ස්කන්ධයන්ගේ මුළු එකතුව නියතයි කියල(ශක්ති හා ස්කන්ධ සංස්ථිති නියමය). මෙය වන්නේ සංවෘත පද්ධතියක පමණයි. සංවෘත පද්ධතියක් කියන්නේ සීමාවක් තියෙන පද්ධතියක්. ඒ වගේම ඔබ කියනවා වගේ විශ්වය සීමා රහිතයි නම් විද්‍යාත්මකව සානාත කරන ලද නියමන් වන ශක්ති හා ස්කන්ධ සංස්ථිතිය බොරුවක් වෙනවා. ඔබ තවත් කිසිම පදනමක් නැතුව යම් යම් සංකල්පයන් ඉදිරිපත් කරල තියෙනවා. මේහෙම සංකල්පයන් ඉදිරපත් කරන්න ලේසියි සනාත කරන්න තමයි අමාරු.
    • Sumudu Rajapaksha Mohamed Farzan @"shakthi sansthithi niyamaya","skanda sansthithi niyamaya" nodanna "physics" igenagannawa thiya hariyata schoolekatawath giye nethi noogath modayo karunakara "shakthi sansthithi niyamaya" ha skanda sansthithi niyamaya" gena pora talks deemen walakinna.mokada ein wenne obawama hellu weemak pamani.
    • Suresh Madusanka  Mohamed Farzan, විද්‍යාවට අනුව ශක්තිය නියතයක් කියල කිව්වට ශක්තිය වෙනස්/පරිවර්තනය වෙනවා කියලත් ඔයා අහල ඇති. ඒ කියන්නේ තාප ශක්තිය මගින් චාලක ශක්තිය හෝ ආලෝක ශක්තිය වැනි විවිධ ශක්ති ප්‍රබේධ ඇති කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පදාර්ථත්/පරමාණුත් ශක්තිය බවට පත්වෙනවා කියල ඔයා අහල ඇති. ඔයා අහල තියනවා ඇති Black Holes කියල දේවලුත් මේ විශ්වයේ තියනවා. ඒ black holes මගින් පදාර්ථ/පරමාණු විතරක් නෙමෙයි ආලෝකයත් ගිල/ඇද ගන්නවා කියල සමහර විට ඔයා දන්නව ඇති. ඒ කියන්නෙ ශක්තිය තවත් දෙයක් බවට පරිවර්තනය වෙනවා. විද්‍යාවට අනුව තාම සොයාගෙන නැහැ black hole එකේදි ශක්තියට මොනවද වෙන්නේ කියල. සමහර black holes මගින් තරු වැනි විශාල වස්තූන් පවා ගිලගන්නවා (http://www.cosmosmagazine.com/.../black-hole-caught.../). ඔයා අහල ඇති අවකාශයේ හැකිලීම නිසා ගුරුත්වාකර්ෂණය ඇති වෙනවා කියල Albert Einstein කියන විද්‍යාක්ඥය කියල තියනවා. විශාල black hole එකක් ලගදි ගුරුත්වාකර්ශනය අනන්තයට ආසන්න වෙනවා කියල අනුමාන කරනවා. විද්‍යාවට අනුව පදාර්ථ/පරමාණු පරිවර්තනය වෙලා ශක්තිය බවට පත් වෙනවා වගේම පදාර්ථ සහ ශක්තිය ඉතා සියුම් සහ ඉතා කුඩා වී විශාල ගුරුත්වාකර්ශනයක් සහිත black hole එකට ඇතුල් උනාම එහි විශාලත්වය ඉතා අඩු වී (මිරිකී/හැකිලී) black hole එක තුලට එම ශක්තිය ගබඩා වී black hole එකෙහි අවකාශයෙහි (space එකෙහි) ඉතා කුඩා වැඩි වීමක් පමණක් සිදුවන බැවින් එම black hole එක තුලට ගමන් කරන ශක්තිය මගින් black hole එකේ අවකාශයෙහි යම්කිසි වෙනසක් ඇතිකරන බව විද්‍යාවට අනුව හොයාගෙන තියනවා ඒත් භෞතික විද්‍යාවට අනුව එය සිදුවෙන ආකාරය කිසිම ආකාරයකින් ගණනය කිරීමක් මගින් පැහැදිලි කරන්න බැරි වෙලා තියනවා. ඒ කියන්නෙ පදාර්ථ සහ ශක්තිය පරිවර්තනය වෙලා අවකාශය (space) බවට පත් වුනා කියල උපකල්පනය කරනව හැර විද්‍යාවට අනුව කුඩා black hole එකක් තුලට ඇතුළු වන විශාල තරු වැනි වස්තුන්ට සිදුවන දෙය වෙනත් ගණනය කිරීමක් මගින් පැහැදිලි කරන්න බැහැ. මං ඔයාට මේ දේවල් කියන්නේ භෞතික විද්‍යාවෙ තියන දුර්වලතාවයන් ගැන ඔයාට තේරුම් කරලා දෙන්නයි. කිලෝ ග්රෑම් (Kg) වලින් දුර මනින්න බැහැ වගේ මේ විශ්වයේ තිබෙන ශක්තීන් පරාවර්තනය වෙන විදිය මනින්න අවශ්‍ය කරන ඒකක/මිනුම් තාම නවීන භෞතික විද්‍යාවෙත් නැහැ. හැකිලුනු ශක්තිය නැවතත් විශාල පිපිරිමක් මගින් විශ්වයට මුදා හැරීම මගින් අලුත් තරු සහ ග්‍රහ ලෝක විශාල වශයෙන් නිර්මාණය වී අලුත් චක්‍රාවාට/මන්දාකිණි (galaxies) නිර්මාණය වෙනවා කියලත් හොයාගෙන තියනවා (http://www.insidescience.org/.../every-black-hole.../566). ඒ කියන්නෙ විශ්වයේ තියෙන්නේ ශක්ති පරාවර්තනය වන චක්‍රයක් මිසක් මැවීමක් නෙමෙයි. අනන්තය කියන්නෙ සිමාවක් නැති දෙයක්. ප්‍රායෝගිකව විශ්වයට සීමාවක්/කෙළවරක් තියෙන්න විදියක් නැහැ වගේම විශ්වයේ සිදුවන චක්‍රාකාර ක්‍රියාවලියේ කොටසක් වන ශක්තියටත් සීමාවක් දෙන්න බැහැ. සෘජූ සරල රේඛාවක කෙළවරවල් දෙක කවදාවත් එකිනෙක හමු වෙන්නෙ නැහැ කියල තේරුම් ගන්න පුළුවන් වගේ, ප්‍රායෝගිකව විශ්වයට කෙළවරක් තියෙන්න විදියක් නැහැ කියල අපිට තේරුම් ගන්න පුළුවන්. විශ්වයට කෙළවරක් තියෙන්න හෝ මවන්න විදියක් නැහැ කියල කියන්නේ කොහොමත් විශ්වයට ආරම්භයක් තියෙන්න විදියක් නැහැ කියන එකයි.

      www.cosmosmagazine.com
      PAIRS: Scientists have witnessed the rare spectacle of a supermassive black hole...See More
    • Suresh Madusanka Ranrahas-com
      Write a reply...


  • Sumudu Rajapaksha thisthunkotiyak dewiwaru kiala buddagame sadahan karala thiyenne minisun weni wenath lowaka sitina jeewin pirisak gena.own lowa mewu ho palanaya karana aya newei.minisun menma jeewin pirissk.api ownwa adahanne nehe.own buduhamuduruwangen upades gena thibenawa,buduhamuduruwangen darmaya asa thibenawa,buduhamuduruwanta garu karala thibenawa.thisthun kotiyak kiyanne "dewiyan" yana namin hedinwu jeewinge janagahanaya.
    karunakara buddagama gena nodena eyata apahasa karanna epa
  • Sumudu Rajapaksha "dewiyanwa kawuru vath mewwe ne" kiana oba aye "minisunwa kauruwath mewwe nehe kiana " viddyathmaka mathaya wiwechanaya karanne?
  • Suresh Madusanka Ranrahas-com This powerful boy can talk with Gods: http://www.youtube.com/watch?v=kGe7AlUjXLU

    Power of Mind:


    1.) Ajahn Chah - Bio 44 - How attained was Ajahn Chah -http://www.youtube.com/watch?v=9tT5r-qQNEU

    2.) Ajahn Chah - Training the Mind (English Reading Audio) -http://www.youtube.com/watch?v=GATd4JUX6G4

    3.) Ajahn Chah - Bio 43 - Talking about enlightenment -http://www.youtube.com/watch?v=u76o7xZe3PE

    4.) Ajahn Chah - Mindful Way - http://www.youtube.com/watch?v=Anf1yhX9VQo

    5.) Ajahn Chah - Bio 22 - Meditation Breakthrough -http://www.youtube.com/watch?v=M1oK4Vt_ntY


    www.youtube.com
    **************** thank you for watching !! ****************** - ------------------ subscribe for more videos !------------------ -
  • Ziyan Mohamed Lam yalidh walam yuuladh.. (wedhuwedha netha wadhanu lebuwedha netha)
  • Mafu Lafir Mashallah...!!!!
  • Rameesh Khan God is one
    He doesnt have parents
    He doesnt have childs

    He is powerfull
    God is grade..allahu akbar
    Prophet muhammed
    Prophet eesa(jesus)
    Prophet adam
    Prophet musa,ibrahim ismail nooh etc etc (peace b upon to them)

    Oh allah u sent all of prophets to guid us.and we beleave the last and final messenger muhammed (pbuh)
  • Hasanjana Wijayabandara ඉතින් ඕං මං ඒ ප්‍රශ්නෙම අහන්නම්.. ලොව මැව්වේ දෙවියන් නම් දෙවියන් මැව්වේ කවුරුන්ද???
  • Hasanjana Wijayabandara <<<ඉහත වාක්‍ය හතරින් පමණක් අප නැමදිය යුත්තේත‍් අවනත විය යුත්තේත් විශ්වාස කළ යුත්තේත් කවර දෙවියන්ද යන්න මනාව පසක් කර දෙයි. මාවයි ඔබයි සමස්ත ලෝකයාවයි මවනු ලැබූ අල්ලාහ්තාලා ගැන තවදුරටත් දන ගන්න. අල් කුරානය ඔබේ සුරතට ගන්න.

    සමහර විට ඉහත කරුණු ඔබට නොතේරෙනවා
     විය හැක. එහි වරද ඔබේ නොවේ. මන්ද කුඩා දරුවෙකුට දන්නා දේ සීමිතය. නමුත් ඒ දේ ඔහුගේ දෙමාපියන්ට තේරෙනවා ඇත. ඉතින් ඔබ මේ කරුණු කාරනාවලට පොඩි දරුවෙකි. කළ යුත්තේ ගත් කටට මෙය ඔබ නොදන්නා නිසාම ප්‍රතික්ෂේප කිරීම නොව මෙය ඉගෙන ගැනීමයි. ඒ සදහා සංවාද කරන්න. නමුත් මා දිනිය යුතුයි යන තැන සිට ඔබ සංවාද කරන්නේ නම් මදක් නවතින්න. ඔබට කුසලානය අපි දෙන්නම්. ජයග්‍රහණය භාරගෙන මෙතනින් නික්ම යන්න. මන්ද අප සංවාද කල යුත්තේ දිනීමට නොව අවබෝධය සදහා පමණි.>>>

    අනේ අනිච්චං.... මේවා උඹේ විශ්වාසයන් නිසා ආපු ඔබේ හිතලු විතරයි ගොයියො....
  • Hasanjana Wijayabandara <<<<
    4. ඔහුට සමාන කිසිවෙක් හෝ කිසිවක් නැත.

    තව දුරටත් මේ දේව වාක්‍ය තුළින් දෙවියන් යන්නෙහි අර්ථකථනය වඩාත් ශක්තිමත් කරයි. අප විසින් සිදු කරගෙන ඇත්තේද මෙම වරදය. අප දෙවියන්ව අපට සමාන කරමින්, මම ඉපදුනානම් දෙවියනුත් ඉපදිය යුතු නොවේද? දෙවියන් ඉබේ පහල වන්නේ කොහොමද? මම ඉබේ පහල වුනිද? වැනි නොයෙකුත් කතා ගොතමින් සංවාදවල පිහිනමින් සිටින්න්නෙමු. දේව වාක්‍ය යයි මනුෂ්‍යා විසින්ම තහවුරු කොට ඇති අල් කුරානය තුලින් අල්ලාහ්තාලා පවසයි තමන්ට සමාන කිසිවක් හෝ කිසිවෙක් මේ පෘථිවි තලයේ නොමැති බවත් තමන් සර්ව බලධාරී බවත්.>>>>

    හැබෑට එහෙමත් තහවුරු වෙනවද??? අපිත් මනුෂ්‍යයො තමයි..! හැබැයි අපිනම් ඔය කියන කුරානෙ තහවුරු කොරන වැඩේට හිට්යෙ නෑ ඕං.......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  • Hasanjana Wijayabandara <<<<
    3. ඔහු කිසිවකු ප්‍රසුත කළෙ‍්ද නැත, ප්‍රසුත කරනු ලැබුවේද නැත.

    ඔබට පිළිතුරු ලැබුනා යයි සිතමි. බලන්න ඔබ විසින් නැගුවාවූ ප්‍රශ්නයට අල්ලාහ් දෙවියන් විසින්ම පිළිතුරු දී ඇති ආකාරය. දෙවියන් ලොව මැව්වත් දෙවියන් මවනු ලැබූ කෙනෙකු නොමැති බවත් දෙවියන් සදාකාලික බවත් අල්ලාහ්තාලා ලොවට ප්‍රකාශ කරන්නේ තර්කානුකුල දේව වාක්‍ය මගිනි. ඉහතින් ප්‍රකාශ කළාසේම ලොව මැවු දෙවියන්ව තවත් දෙවියකු මවනු ලැබුවේ නම් එක දෙවියා යන්නෙහි අර්ථය කවරේද? >>>
    අනේ හැබෑට ඕක තර්කානුකූල වාක්‍යයක්ද??පෙන්නුවනම් ඕක කොහොමෙයි තර්කානුකූල වෙන්නෙ කියලා........
  • Hasanjana Wijayabandara <<<<2. අල්ලාහ්ට කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නැත.

    පුද්ගලයන් යනු අවශ්‍යතාවයන්ගෙන් සපිරි උවමනාවන්ගෙන් පිරි ජල උල්පතක් බදුය. එසේම තනිවම ජීවත් වීම කිසිසේත් නොහැකිය. දෙවියකු විය යුත්තේ එකී මනුෂ්‍ය ලක්ෂණයෙන් සම්පුර්ණයෙන් බැහැර වූ කෙනෙකු නොවේද? පිළිම අඹා පින්තුර 
    තබා මමත් ඔබත් නිර්මාණය කළ දෙවියන්ටත් පිලිරු වලට කැත කරන කාක්කාව පවා එළවන්නට තවත් කෙනෙකුගේ සහය අවශ්‍ය වේ. ( මෙය කාටත් අපහාසයට නොව බුද්ධියේ විමසුමට ගත් උපහැරණයක් පමණි.)>>>>

    හැබෑට??
    <<<දෙවියකු විය යුත්තේ එකී මනුෂ්‍ය ලක්ෂණයෙන් සම්පුර්ණයෙන් බැහැර වූ කෙනෙකු නොවේද?>>>
    ඇයි ඔබ මෙවැනි තීරණයකට ආවේ?? ඔය කියන දෙවියන් ඔබට ඇවිත් කීවාද එහෙම දෙයක්???
  • Hasanjana Wijayabandara <<
    1. අල්ලාහ් එකකයෙකි.

    ඔබ විසින් සදහන් කරන දෙවිවරුන් එක්කෙනෙකු නොවේ. කො‍්ටිම තිස්තුනකි. එය මනුෂ්‍ය ජනගහනය හා සමානය. ඉතින් මනුෂ්‍යයන්ව පාලනය කරන්නට කො‍්ටිම තිස් තුනක් දෙවිවරු අවශ්‍ය නම් දෙවියන් යන්නෙහි බලය කවරේද?>>

    තිස්තුන් කෝටියක් දෙවිවරු අපේ දෙවිවරුයි.. ඒ කියන්නෙ සිහළ බොදුනුවන්ගෙ දෙවිවරුයි.. කවුරු හෝ සිංහලයෙකු ඔබට අපේ තිස්තුන් කෝටියක් දෙවිවරු අපිව පාලනය කරන බවක් කියා තිබේද??
  • Hasanjana Wijayabandara <<යොමු කරන්න ඔබේ අවධානය අල් කුරානයේ 112 ශේදය දෙසට

    1. නබියේ ඔබ පවසන්න අල්ලාහ් එකකයෙකි.


    2. අල්ලාහ්ට කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නොමැත.

    3. ඔහු කිසිවෙකු ප්‍රසුත කලේද නැත. ප්‍රසුත කරනු ලැබුවේද නැත.

    4. ඔහුට සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ( ඔහු අසමසමය)>>

    හැබෑට??? මේවා අභියෝගයන් කියා විශ්වාසද????
  • Hasanjana Wijayabandara <<මීට පෙර මාගේ සටහනේදී ඔබට පැවසූ අල් කුරානය ඔබ අධ්‍යයනය කළෙ‍් නම් එහි එක දෙවියකු ගැන පමණක් සදහන් වේ. ඒ දෙවියන් තමන් ගැනම ලොවට ප්‍රකාශ කරයි. තමන් කවුරුන්ද යන්න ලොවට හදුන්වා දෙයි.>>
    මෙවැනි නිගමනයකට ඔබ ආවේ කොහොමද? ඔබ ඔය කියන දෙවියන් දැක තිබෙනවද?? ඔබ හුදු පොතක තිබූ පමණින් කතා පිළිගන්නවද??? ඔබ හැරී පෝටර් කතා පොතත් විශ්වාස කරනවද???????
  • Hasanjana Wijayabandara <<ඔබත් මමත් දෙවියන්ට අර්ථකථනය දුන්නේ ඔබටත් මටත් තිබෙන දැනුමේ සීමීත සීමාව තුල ඉදගෙනය>> මේ කතාව ඔබටත් පොදු නැද්ද.. මේ කතාවට එන්න කල්න් ඔබ කොයිතරම් දේවල් නිගමනය කරල ඉවරද.....
  • Hasanjana Wijayabandara කවුද බොලාට කීවෙ ඔය කුරාණෙ තියෙන්නෙ ඔය කියන දෙයියගෙම කතා කියලා.. බයිබලෙත් ඔය වගේම කතා ගොඩක් තියෙනව නේද බං... උබලා තිස්තුන් කොඅටියක් දෙවියන්ට අභියෝග කොරන්නෙ නිකන් උබලගෙ දෙයියො උඹම කියලා හිතාන වගේ මටනම් පේන්නෙ...... 
  • Hasanjana Wijayabandara මේවා අහලා පණ පලයන් පෙරේදා කීවලු....  මේ ලිපිය තුලම කොතරම් පරස් පර විරෝධී කරුණු තියෙනවද... උබලට ඉතින් ඔය දෙයියගෙම පිහිටයි.......
  • Razeena Ghouse Suresh Madusanka Ranrahas-com sahodaraya obata tharkanukula adhas thiyenawa. Ewata pilithuruth api laga thiyenawa.... hebai me fb eke comment karala me tharkayanta pilithuru sepaiema amarui. Obata me prashnayanta lokaya nirmathru ekama deviyan bohoma lassanata pilithuru sepaila thiyenawa al - quran eke.... karunakarala sinhala ho English pitapatha aragena hodin ivaseemen kiyawanna. ALLAH obata lehesi karai eya therum ganna .... oba wage budhdhimath sahodarayan thamai eya kiyaviya uththe.......... nethuwa bageta danagena fb wala comment karana card board veerayan novei. May almighty Allah guide you to understand the holy quran. .....!
  • Razeena Ghouse Ada wenathuru pahala wu shasthruwarun kisiwek thaman sathya deviyan bawath, thamantama pamanak nemadum karana lesath kiya netha.. e wagema thama pilima ambala puda pujaa pawathwana lesath kiya netha.... namuth minisun wisin esekara owunge shasthrunge dahamata pataheniwa kriya kara pirihemin pawathinneya.......... mowunta sathya wataha geneemata tharam buddhiya nethibawa gena kanagatuwemi..... thama muthun miththangiya adi pare gaman kirimata salasenawa misa budhdhimathwa karunu karana soya balannenam owunge geevitha alokamath vanu noanumanai.
  • Outlawz L-a Jazakallahu Kaira. Brother Good Explain.
  • Outlawz L-a Who Created God? This Is A Wrong Question.
  • Nadun Ellawala Answer given here is too long for such a short question. Can any one give me an answer from just one sentence. Like, God created everything and God is created by __________ .
  • Naqash Azmi Good job .. Jezakallah for boost me..
  • Razeena Ghouse Well said. Alhamdulillah


Original Post: https://www.facebook.com/photo.php?fbid=633702400021251
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/2014/02/bauddha-tharka-islam-bakthikayan-samaga_17.html


isis destroys 6000-year-old artifacts

Idiots don't know the value of a culture and history. The biggest problem is that they destroy it because of their radical religious believes. So it is difficult to trust the people of that religion, because we don't know who is radical and who is not.


ISIS Destroyed the Mosul Museum. Will Mes Aynak Be Destroyed Too?
ISIS destroyed thousands of years of history when they sacked the Mosul Museum. We could not protect those artifacts, but we CAN protect Mes Aynak from corporate destruction. Donate now to take a stand and #SaveMesAynak! igg.me/at/SaveMesAynak
Posted by Saving Mes Aynak on Monday, 18 May 2015

No comments:

Post a Comment