Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Niyatha Mithya Drushtiya - Niyatha Mithya Drushtikayan Kawda




නියත මිත්‍යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.

" මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃගල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. "
සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත. පින්වත් යාලුවනේ මෙහි සංශිප්ත අදහස ගත්තොත් මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාපකර්මයක් කල කෙනෙක් බුද්ධාන්තරයක් නැතිනම් බුදුවරු දෙදෙනෙක් උපදින අතර කාලයක් නිරයේ දුක්විදල නිරයෙන් නිදහස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ කාලෙ මවක් හරි පියෙක් හරි මරල අපාගත වෙන කෙනෙක් මෛත්‍රී බදු හිමියන් උපදින තාක්කල් අපායෙ දුක් විදල නිදහස් වෙන්න පුලුවන් කියනව. ඒත් නියත මිත්‍යාදෘෂ්ඨිකය එහෙම නිදහස් වෙන්නෙ නෑලු. කල්ප විනාශය වෙනකොටත් ඒ අය වෙනත් සක්වලක ඇති ආපයකට මාරුවෙලා ආයිත් ඒකෙ පැහෙන්න පටන් ගන්නව. මිසදිටුව විතරක් නෙවෙයි. උන්දැගෙ ගෝලයොයි, ඒ වචන විශ්වාස කරන අයයි ඔක්කොමල. අන්න ඒනිසා මේ ලිපි බලන අන්‍යාගමික මිසදිටු ඇත්තො පොඩ්ඩක් මේ ගැන හිතුවොත් හොදා. මේ තරම් වටින ධර්මයක් ලැබිල මොකටද අපාගාමීවෙන්නෙ.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

  • 66 people like this.
  • Suresh Wanayalae
  • Suresh Wanayalae මිත්‍යා දෘෂ්ටියක් උපාදානය (දැඩිව අල්ලාගැනීම) කරගන්නේ නැතුව සත්‍ය සොයන කෙනෙක්ට ආගම මොකක් උනත් සුගතියක් හිමිවෙන්න පුළුවන්. මනුෂ්‍ය පුනුරුප්පත්ති ලැබූ අය බෞද්ධ අය විතරක් නෙමෙයි. බුදුන් සදහන් කරපු නියත මිත්‍යා දෘෂ්ටිකයන් කියන්නෙ නැවත ඉපදීම හෝ කර්මපල නැතිබව දැඩිව අල්ලාගන්නා අයටයි. නමුත් සියලුම ආගම් වල මොන ආකාරයක හරි නැවත ඉපදීමක් සහ කාර්මපල ලැබීමක් ගැන ඉගැන්වෙනවා. ඒක නිසා සියලු අන්‍යාගමිකයන් නියත මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච අය කියල කියන්න බැහැ. මනුස්සයින්ගෙන් හැම මනුස්සයාම සම්පුර්ණ මනුස්සයෙක් නෙමෙයි. හැම මනුස්සයාටම හොද නරක තේරුම් ගන්න පුලුවන්නම් මේ ලෝකෙට වෙනත් ආගම් පහල නොවෙන්න ඉඩ තිබුන. සත්තු මරාගෙන කාල හරි ජීවත් වෙන්න උවමනා කරන මිනිසුන් නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන් ඒ මිනිසුන් සම්පූර්ණයෙන්ම පවට බයක් නැති උනානම්. සියලුම වර්ග වල මිනිසුන්ව පවට බය කරන්න උවමනා වීදියට තමයි ප්‍රධාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නෙ. බුදු දහම ඉතා හොදයි. කතෝලික/ක්‍රිස්තියානි ආගමත් හොදයි. ඉස්ලාම් ආගම ටිකක් හොදයි. මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං කරල තිබුනත් මෝහයට (මුලාවට) බර මනුෂ්‍යයන්ට ඉපදෙන්න සුදුසු පරිසරයක් ඉස්ලාම් ආගමෙන් හදල තියනවා. මුළාව සහ බුද්ධිය සමව තියන කතෝලික සහ එවැනි මධ්‍යස්ත අගම් වල අයට මුළාව ටිකක් හරි තිබුනත් ඒ අය අතර හොද සහ නරක තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියන අය වැඩිපුර ඉන්න නිසා මුලාවෙලා නරක වැඩ කරන මිනිසුන්ට වඩා හොද වැඩ කරන බුද්ධිමත් මිනිසුන් වෙනුවෙන් ඔව්න් පෙනී සිටිනවා. විවිධ වර්ග වල මිනිසුන් ජීවත් වන මේ ලෝකෙ පාලනය කරන්න බුදු දහම වැනි අවිහිංසාවාදී ආගමකට බැරි හින්ද වෙන්න පුළුවන් මධ්‍යස්ථ ප්‍රභල ආගම් බිහිවෙලා තියෙන්නෙ.
  • Partha Barua be buddhist, be happy.
    Like · Reply · 3 · 10 hours ago

Original Post:  https://www.facebook.com/buddhist.foundation/photos/a.179385288934645.1073741827.179290992277408/293950734144766/

---------------------------------------------------------------




දස වස්තුක මිත්යා දෘෂ්ඨිය
1 . 👉 ‘නත්ථි දින්නං’
දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
2. 👉 ‘නත්ථි යිට්ඨං’
පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
3. 👉 ‘නත්ථි හුතං’
මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්යා දෘෂ්ඨියක්.
4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්යා දෘෂ්ඨියක්.
5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්යා දෘෂ්ඨියක්.
6.👉 ‘නත්ථි පරලෝකෝ’
මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ඨියක්.
7. 👉 ‘නත්ථි මාතා’
අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ටියක්.
8. 👉 ‘නත්ථි පිතා’
පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්යා දෘෂ්ඨියක්.
9. 👉 ‘නත්ථි සත්තා ඕපපාතිකා’
මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්යා දෘෂ්ඨියක්.
10.👉 'නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්යා දෘෂ්ඨියක් .
(මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසකො – අනුපදවග්ගො – මහාචත්තාරීසක සුත්තං)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
👉 https://www.thripitakaya.org/sutta/index/216
👉 https://mahaviharaya.lk/article/27678



-----------------------------------------------------------
නොදන්නා දේවල් ගැන වැරදි මත හදාගෙන හිටියම ඒවා දැඩිව අල්ලාගෙන නියත මත කරගන්න ඉඩ තියනවා. නොදන්න දේවල් ගැන නියත මත හාදාගෙන නොසිටියොත් නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නෙ නැහැ.

බුදු දහමේ උගන්වන කාලාම සූත්‍රයේ තියන නිදහස් චින්තනය මැවුම්වාදීන් ළඟ හෝ බොහෝ භෞතිකවාදීන් ළඟවත් නැහැ. කෙටියෙන් කිව්වොත්, පොත් වල තිබුනත්, පරම්පරාවෙන් ආවත් ඒ වගේ ගොඩක් හේතු තිබුනත් යම් දෙයක් යහපත් බුද්ධිමතුන් පිළිනොගන්නවානම් සහ තමන්ගේ සිතට එකඟව බැලුවම තමන්ට සහ අනුන්ට අයහපතක් සිදුවෙනවානම් එවැනි දේවල් විශ්වාස කරන්න එපා කියලයි බුදුන් වහන්සේ ලස්සනට දේශනා කරල තියෙන්නෙ.
නිදහස් චින්තනය කියාගෙන මෝඩ මත පතුරන මෝඩයන්ටත් ඒ කාලාම සූත්‍රයෙන් නියම නිදහස් චින්තනය කියන්නෙ මොකක්ද කියල පැහැදිළි කරල තියන විදිය මගින් හොඳ කනේ පහරක් දීල තියනව කියල කියන්න පුළුවන්.

සමහර අය බුදු දහමේ තියන වැරදි මත කියල හිතාගෙන ඉන්නෙ ඒ අයට තේරුම් ගැනීමට හෝ ගළපාගැනීමට නොහැකි දේවල්. නවීන විද්‍යාව බුදු දහමට ගැළපෙන විදිය මං මගේ blog එකේ දාල තියනවා: Budu Dahama Saha Naveena Vidyawa: https://bauddha-tharka.blogspot.com/p/budu-dahama-saha-naveena-vidyawa-part1.html
වචන වලින් විතරක් ඉගෙන ගන්න හදන මෝඩයන්ට පර්යේෂණ ප්‍රතිඵල වලට යොමුකරන වෙබ් අඩවි සහ වීඩියෝ (Links) වල වැදගත්කම තේරෙන්නෙ නැහැ.
------------------------------------------------------------

  • Chalana Deshan චූටි කුකු මන් ඇහුවේ සරල ප්රශ්නයක් නියත මිත්යාදෘෂ්ටිය පාපකර්මයක් වෙන්නේ ඇයි...?? අනේ ඔයා පිළිතුරු දෙන්නකෝ.
චූටි කුකු Chalana Deshan , පිං ක්රියාත්මක වෙන්න නම් පව් පිං කියල දෙයක් තිබෙන බව සිත තේරුම් ගන්න ඕනෙ. පව් පිං නැහැ කියල හිතුවොත් තමන්ගේ පිං වල ප්රතිඵල ලැබීම නතර කරන්නේ තමන් විසින්මයි. නියත මිත්යා දෘෂ්ටිය නිසා තමන් කරපු පිං ක්රියාත්මක වෙන එක නතර උනත් තමන් කරපු පව් ක්රියාත්මක වෙන එක නතර වෙන්නෙ නැහැ. ඊට හේතුව හොඳ උපතක් ලැබිය හැකි මනුෂ්ය ශරීරයක් සූදානම් වෙනකොට පිං ක්රියාත්මකවන කෙනෙක්ට ඒ ශරීරය හිමි වීමේ හැකියාව වැඩි වීම සහ පිං ක්රියාත්මක නොවන කෙනෙක්ට තමන්ගේ පව් වලට විපාක ලැබෙන්න හැකියාවක් තියන උප්පත්තියක් ලබන්න තියන හැකියාව වැඩි වීමයි. එතකොට තමන්ගේ ඊළඟ උපත ශක්තිමත් නොවී හෝ වෙනත් හේතුවක් නිසා අපායට වැටුනොත් ආපහු ගොඩඑන්නනම් තමන් පිං කරල තියනවා කියල තමන්ගේ සිතටම (කර්මයට අනුව) තේරුම් ගැනීමට අපහසුතාවයක් ඒ නියත මිත්යාදෘෂ්ටිය මගින්ම ඇතිකරන නිසා තමන්ට ඒ දුක් වලින් මිදී හොඳ උපතක් ලබාගන්න අමාරු වෙනවා.
---------------------------------------------------------------

  • චූටි කුකු Chalana Perera , කර්මය ගැන හොයන එක පිස්සු හැදෙන්න පුළුවන් වැඩක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. ඇතැම් අය පව් කරත් නැවත නැවතත් එකම උප්පත්තියක් ලබල එකම වැඩේ කරල බොහෝ පව් රැස් කරගෙන හෝ පිං රැස් කරගෙන වෙනත් විදියක සතෙක් වෙලා හෝ අපායට වැටි හෝ පිං කරන්න පුළුවන් ජීවිතයක් ලැබුණු අයට මනුස්ස ජීවිතය වැනි හොඳ ජීවිතයක් ලැබෙනවා කියල සඳහන් වෙනවා. එහෙම ඉන්න සමහර අයට ගොඩ එන්න වෙන්නෙ කල්ප අවසානයෙන් පසුවයි. ඒත් පව් සහ පිං නැහැ කියල හිතන අය කල්ප අවසානයේදී වෙනත් සක්වලක අපායකට යනවා. ඊට හේතුව පිං වල ප්රතිඵල නැහැ කියල හිතාගෙන අධික මිත්යා දෘෂ්ටියකින් ඉන්න අයගේ පිං ක්රියාත්මක වෙලා හොඳ ජීවිතයක් ලැබීමේ හැකියාව අඩු වීමයි. අපේ චේතනා අනුව සහ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල වලට අනුව විශ්වයේ තිබෙන න්යාම ධර්ම 5කට යටත්ව (ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම) විවිධ ආකාරයේ සත්වයන් වෙලා ඉපදිලා පිං කිරීමට හෝ පව් කිරීමට ඇති හැකියාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. චිත්ත න්යාමයට අනුව මිය යන අවස්තාවේ ඇතිවන චේතනාවාට අනුවත් හොඳ හෝ නරක සත්වයෙක් වෙලා උපත ලබන්න පුළුවන්. ඒක නිසයි බෞද්ධයෝ කියන්නෙ උපාය දන්නෝ අපායේ නොවැටේ කියල.
  • චූටි කුකු Chalana Perera , Buddhism is not a creationism. So it talks about natural laws of the mind/consciousness.
    ඉස්ලාම් ආගමික ත්රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?): https://www.youtube.com/watch?v=imTzBrqBmMk
    මැවුම්කාර දෙවිකෙනෙකු සිටිනවාද? - පිළි
    තුර (සිංහලෙන් සහ ඉංග්රීසියෙන්): http://bauddha-tharka.blogspot.com/p/blog-page_3.html

    ආයුෂ අඩු මිනිසුන්ගේ බුද්ධි මට්ටම වැඩි කරගැනීමට ඇති අපහසුකම නිසා ඔවුන්ව වෙනස් කිරීමට උත්සහ කරනවාට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන විදියට ආගම් නිර්මාණය කරගෙන ඔවුන්ව පවට ටිකක් හරි බය කර තැබීම නිසා පව් පිං නැහැ කියල හිතන මිත්යා දෘෂ්ටියෙන් හරි අඩුම ගානේ මෝඩ මිනිසුන් ගලවගන්න පුළුවන්. ඒ විදියට මිනිසුන්ගේ අවශ්යතාවයට අනුව සතුන් මැරීම පවක් නෙමෙහි කියල හිතන අසරණ හෝ මෝඩ අයට ඉස්ලාම් ආගම සහ ගොඩක් බුද්ධිමත් කෙනෙකුට බුදු දහම තෝරාගැනීමට හැකියාවක් තියනවා.

    නියත මිත්යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.: http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)
    ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයක් පවතින්නේ කව්රුන් නිසාද? (රැවටුනාද?)

-----------------------------------------------------------

  • Viraj Karavita චූටි කුකු
    මිනිසාගේ මතක ය තිබෙන්නේ කොහෙද
  • චූටි කුකු Viraj Karavita , මොළයේ. ඒත් අවකාශයෙත් තැන්පත් වෙන්න පුළුවන්. (Space Is Not Empty: The crazy world of quantum foam: https://www.youtube.com/watch?v=YZImA8NLOx8)).
    9 Subatomic Stories: The crazy world of quantum foam
    9 Subatomic Stories: The crazy world of quantum foam
    9 Subatomic Stories: The crazy world of quantum foam

  • Viraj Karavita චූටි කුකු
    මොලයේ කොටසක් අක්ර්ර් රිය උනාම අවකාශයේ තැන්පත් වෙන්න පුලුවන් එවා ගන්න බැරි මොකද
  • චූටි කුකු Viraj Karavita , ඒවා ගන්න පුළුවන් අධි මානසික හැකියා වලින් විතරයි. ඒවා සියුම් වැඩියි. පරමාණු වලට වඩා ගොඩක් පොඩියි. පෙර ජීවිත වල මතකයත් (කර්මයත්) ඒකට සම්බන්ධයි.

    • Viraj Karavita චූටි
      කවදාවත් කරන්න බැරි වැඩක්නේ ඕක ,..
      මොලය අක් රිය උනාම ඔය කියන මානසික තියෙනවාද
    • චූටි කුකු Viraj Karavita , මනසේ නිවහන මොළය උනාට හදවත අක්රීය උනාම අවකාශය තුළ තනිව සැරිසරන්නත් හැකියාවක් මනසට තියනවා කියල සොයාගෙන තියනවා. ඒ වගේම මොළය මරුනමත් මනසට ගමන් කරන්න හැකියාවක් තියනවා.
      හදවත නැවතුනාට පස්සෙ ආපහු පන ලැබුණු අය ශරීරයෙන් ඉවත් වෙලා ගමන් කරද්දි භාවිතා කරන්නෙ බොහෝ විට පරමාණු වලට අමතරව අවකාශය පුරා ඇති ඉතා කුඩා (quantum) අංශු වල ක්රියාවලියයි. ඒක නිසයි ඔව්න් ඉතා විශාල වී අවකාශය තුල සැරිසරමින් සිට ඊට පසුව කුඩා වී ශරීරයට පැමිණුන බව ඔව්න් වැඩි පිරිසක් කියල තියෙන්නෙ.
      Near-Death Experiences are directly connected to mind and body separation. So it is an evidence of a life after death. You can find many peer-reviewed scientific evidences from here: Near-Death Experiences – Academic Publications: https://med.virginia.edu/perceptual-studies/publications/academic-publications/near-death-experiences-academic-publications/
      Reincarnation Research - University of Virginia (UVA) School of Medicine: https://med.virginia.edu/perceptual-studies/who-we-are/dops-media/video-reincarnation-research/)
      Fifty Years of Research at UVA: https://www.youtube.com/watch?v=0AtTM9hgCDw
      According to Buddhism there are 6 types of consciousness:
      The six types of consciousness are eye-consciousness (that is, consciousness based on the eye), ear-consciousness, nose-consciousness, tongue-consciousness, body-consciousness and mind-consciousness.
      Mind is a process, and it can survive even with only one consciousness (mind consciousness), so that is why after the death it can travel from one body to another body.
      Near-Death Experiences - Academic Publications | Division of Perceptual Studies
      Near-Death Experiences - Academic Publications | Division of Perceptual Studies

--------------------------------------------------------------------

Kumara Kariyawasam චූටි කුකු athakota a sirura tula inna kenege aththeetha thorathuru wenasda!

චූටි කුකු Kumara Kariyawasam , internet eke e gana visthara thiyanawa:
Walk-ins & Soul Exchanges: https://www.youtube.com/playlist?reload=9...
Walk-ins & Soul Exchanges
Walk-ins & Soul Exchanges
Walk-ins & Soul Exchanges





No comments:

Post a Comment