ඇත්තටම නාමය කියන්නෙ දැනුමක් නෙවෙයිද? ඒ කියන්නෙ අපිට ඇපල් ගෙඩියක් පෙන්නලා පොඩ් කාලෙ ඉදන් ඇපල් ගෙඩිය මේ තියෙන්නෙ ඇපල් ගෙඩිය කියලා අපිට ඒ අදාලා සතරමහාදාතුව නම්ක වශයෙන් හදුනනවානෙ. එක නෙද අපි නාමයක් කියලා හදුනා ගන්නෙ? නමුත් එතන ඇත්තටම නාමයක් කියලා කියන්නෙත් බොරුවකටනෙ
Suresh
මං නම් හිතන්නෙ නාම කියන්නෙ දත්තයක් (data) කියලයි. රූප මගින් නාම සටහන් කරනවා කියලයි මං හිතන්නෙ, හරියට CD තැටියක දත්ත ගබඩා කරන්න CD තැටියට කිරණයක් එල්ල කරල ඒ CD තැටියේ සියුම් රුපයක් වෙනස් කරනවා වගේ, මේ විශ්වය තුල නාමයත් ගබඩා වීමක් සිදුවෙනවා. ඒක නිසා විය යුතුයි. කල්ප ගානක ඉතිහාසයක් උනත් බුදු කෙනෙකුට බලන්න පුළුවන් කමක් තියෙන්නෙත් ඒ වගේ හේතුවක් නිසා විය හැකියි. අපි නාම කියල හඳුන්වන දේවල් සම්මුති විතරයි. ඒවා සකස් වෙන විදියට අනුව අපි නම් කිරීමක් කරනවා, ඒ වගේ තමයි කර්මයත් නාමය නිසා ක්‍රියාත්මක වන දෙයක් විය හැකියි. අහෝසි කාර්ම කියල කියන්නෙ ඇතැම් දුර්වල නාමයන් මැකී යාමක් විය හැකියි. මං හිතන්නෙ අපේ විශ්වය තුල ඇති අවකාශය තුල සටහන් තැබීමක් සිදුවිය හැකියි කියලයි. ඊට තවත් හේතුවක් තමයි අපිට නොපෙනෙන අංශුත් මේ විශ්වය තුල තිබිය හැකි නිසා ඒවායේ සැකැස්ම වෙනස් වීමෙන් ඕනෑතරම් නාමය විශ්වය තුල තැම්පත් විය හැකි වීමයි. බුදු දහම තුල හඳුන්වල තියෙන්න "නාමය" තුලත් තියෙන්නෙ සකස් වීමක් තමයි. මං හිතන්නෙ ඒ සකස් වීම සියුම්ව සටහන් වීමක් සිදුවෙනවා කියලයි.
|
ඔව් හරියට හරි. මම එක අදහසට එකගයි. මමත් ඔයා ඔය කියපු දේ ගැන හිතුවා දවසක්. අපි phone එකකින් කතා කරද්දි. එක තැනක ඉදන් තවත් තැනකට ශබ්දයක් ගමන් කරද්දිත්, ඒ ශබ්දය විනාශ විමක් වෙන්නෙ නැනෙ නෙද? එක කොහෙ හරි තැම්පත් වෙනවනෙ. නමුත් මට අපි මෙ කරන කියන දෙවල් විශ්වය තුල තැම්පත් විම කියන දෙ ගැන ගොඩි ගැටලු සහගත බවක් තියනවා. ඔයාගෙ අදහසනන් හරියටම හරි. සියට 1000ක් එකගයි
Suresh
වැඩ නිසා ටිකක් කල් ගියා කතාකරන්න. මං පහල දාල තියන විස්තරය ඔයාගෙ ප්‍රශ්නෙට ගැලපෙනවද බලන්න.
නොයෙක් සිදුවීම් අපිට මතක් වෙන්නෙ සංඤා (Perception and/or cognition) නිසයි. අපේ මොලයෙන් පිටත ඝණ, ද්‍රව සහ වායු වල තැම්පත් වෙලා තියන තොරතුරු නවීන තාක්ෂණික උපකරණ වලින් දැනගන්න හැකි වෙන්න පුළුවන්, ඒත් ඊටත් වඩා සියුම් විදියට අවකාශය තුල ඇතිවෙමින් නැතිවෙමින් පවතින අංශු වල සකස් වීමක් නිසා තැම්පත් වෙන්න පුළුවන් තොරතුරු කියවීමේ හැකියාවක් අපේ සිතට තියනවා කියල මං හිතනවා. සත්වයන් ඒ තොරතුරු සටහන් කරන්නේ වේදනාව ඇති වීමේදී විය හැකියි. අපි විසින් සටහන් කරන තොරතුරු අපේ සංඤා විය හැකියි. ඒවා අපේ ජීවිතයට සම්බන්ධ වන විදිය සංස්කාර ලෙස හඳුන්වනවා විය හැකයි. මං දන්න විදියට වේදනා, සංඤා සහ සංස්කාර වලට තමයි අපි බුදු දහමට අනුව 'නාම' කියල හඳුන්වන්නෙ. නාම (දත්ත/Data) සහ රූප (ද්‍රව්‍ය/ Matter or Form) එකිනෙක සම්බන්ධ කරන්නේ විඤානය (දැනගැනීම (දත්ත කියවීම) / Knowing (data reader)) නමැති එකක් පසුපස එකක් ගමන් කරන විඤානයන්ගෙන් පෙර විඤානයක් නිසාම හටගත් පසු විඤානයක් හෙවත් සංස්කාරයන් නමැති දැනගැනීමේ රටාවන් (දැනගැනීමට යොමුවන විදිය) (Volition or Mental Formation) නිර්මාණය වීම සඳහා වක්‍රව (රුප, වේදනා සහ සංඤා හරහා) හේතුවක් වූ පෙර විඤානයන් නිසාම සකස් වූ ධර්මයක් වන සංස්කාර සමග රූප නැවත නැවත සම්බන්ධ වීම නිසාම විඤානයන් (දත්ත කියවීම/data reading) හට ගැනීමේ චක්‍රීය ක්‍රියාවලිය නිසා රූප, වේදනා, සංඤා, සංස්කාර සහ විඤාන කියන කරුණු පහේ පැවැත්මට අනුව සිතක් විදියට ක්‍රියාත්මක වෙනවා.
විඤානය (Consciousness) නිසා නාම සහ රූප හට ගැනීම සිදුවුනත් විඤානය නිරුද්ධ කිරීමට (නැති කිරීමට) නම් විඤානය උපාදානය (විඤානයට/ දැනගැනීමට දැඩිව එල්ලී සිටීම/අල්ලා ගැනීම) නැති කල යුතු මෙන්ම විඤානයට ඉදිරියෙන් සහ පසුපසින් චක්‍රීයව ගමන් කරන රූප, වේදනා, සංඤා සහ සංස්කාර ධර්මයන් ද උපාදානය කරගැනීමත් (දැඩිව එල්ලීගෙන සිටීම) නතර කරන්න ඕනෙ.
මං හිතන විදියට නාමයන් සටහන් වීමක් සිදුවෙන්නෙත් රූප වල හැඩය වෙනස් වීමෙන්ම තමයි. ඒත් අපිට පෙනෙන රූප වල නෙමෙයි ගොඩක් දේවල් සටහන් වෙන්නෙ. අපේ මතකයන් කෙටි කාලීනව සටහන් වෙන්නෙ නම් අපේ මොලයේ තියන අපිට පෙනෙන සහ ගමන් කරන සහ ගමන් නොකරන අංශුමය රූප වල වෙන්න පුළුවන්. ඒත් අපේ විඤානයට පුළුවන් අපේ මොලයේ තියන නාමයන් සහ මොලයෙන් පිටත තියන නාමයන් සමග සම්බන්ධ වෙලා රූපයන් වෙනස් කරන අතර තවත් නාමයන් සටහන් කරන්න. ඒත් විඤානය පවතින්නේ නාම සහ රූප වල චක්‍රීය ක්‍රියාවලියක් නිසාම තමයි. මං හිතන්නෙ හිස් අවකාශය තුල තමයි බොහෝ නාමයන් දීර්ග කාලීනව සටහන් වීමක් සිදුවෙන්නෙ.

ග්‍රහලෝක සහ සූර්යයා එකම තැනක රැඳෙන්නේ නැතුව සුළියක් (vortex) ආකාරයට ඉදිරියට ගමන් කරන නිසා අධික වශයෙන් නාමයන් (දත්ත/data) එකම තැන නැවත නැවතත් සටහන් වීමක් සිදුවෙන්නෙ නැති නිසා අවකාශය තුල තරමක් පැහැදිළිව තොරතුරු සටහන් වීමක් සිදුවිය හැකි බවත් හිතන්න පුළුවන් (our solar system is a vortex http://www.youtube.com/watch?v=0jHsq36_NTU). මං හිතන්නෙ හිස් අවකාෂය සම්පුර්ණයෙන්ම හිස් නැහැ කියලයි. රසායනිකව ප්‍රතික්‍රිය නොකරන සහ ගුරුත්වාකර්ෂණට හසු නොවන විදියට ඇති වෙමින් සහ නැතිවෙමින් පවතින අංශු පිරිච්ච අවකාශයක් තුල අපි පනුවො වගේ හාරගෙන යමින් සටහන් තබනවා කියලයි මං හිතන්නෙ. ඒ සටහන් තබන මාර්ගය හරහා ග්‍රහලෝක ගමන් කරන නිසා අපේ කර්මයන් වලට බලපෑම් කිරීමට හෝ අවහිර කිරීමට හැකියාවක් ග්‍රහලෝක සහ තරු වලටත් හිමි වන නිසා තමයි තරු සහ ග්‍රහලෝක වල පිහිටීම අපේ ජීවිත වලටත් අසාමාන්‍ය විදියට බලපානවා කියල කියන්නෙ. අපි ඉපදෙන වෙලාවේදී ග්‍රහයන්ගේ පිහිටීම මගින් අපේ අභ්‍යන්තර නාම සහ රූප සමග එතරම් සම්බන්ධ නොවූ අපේ ශරීරයෙන් පිටත ඇති නාම සහ රූප වලට සම්බන්ධ වීම ආරම්භ වීම ග්‍රහයන්ගේ පිහිටීමේ සහ ශක්තීන්ගේ බලපෑම් වලට අනුව පාලනයක් වීම ආරම්භ වෙනවා වෙන්නත් පුළුවන්.
සිතක් පැවතීමට හෝ ආරම්භ වීමට අත්‍යවශ්‍ය වන කරුණු පහ තමයි රූප, වේදනා, සංඤා, සංස්කාර සහ විඤාන කියන පංච උපාදානස්කන්ධය (The Five Aggregates Of Clinging). ශරීරය විනාශ වීමේදී (මිය යෑමේදී) ඒ ධර්මතා 5 තුල දැඩිව එල්ලී/අල්ලාගෙන නොසිටින සිතක් තුල තවත් භවයක් (උපතක්) ඇල්ලීමට (භවයක එල්ලීමට/Clinging) හේතුවන පොළඹවීමේ අධික ආකර්ෂණ ශක්තියක් නැති නිසා අලුත් ශරීරයකට ගමන් කරන්නෙ නැහැ.
මං හිතන විදියට ස්වභාවිකව රූප සමග රූප ගැටීම නිසා රූපවල සිදුවන වෙනස වේදනාවක් (Sensation or Feeling) ලෙස සැලකුවොත් එම ක්‍රියාවලියේදී තවත් ක්‍රියා 3ක් එකවර සිදුවෙන්න පුළුවන්. ඒ තමයි, අවකාශය තුල එම සිදුවීම දත්තයක් ලෙස සටහන් වීම (සංඤා නිර්මාණය වීම), එය සිදුවූ ආකාරය නිසා හටගත් ආකර්ෂණ ශක්තියක් හෝ වේගයක් නිසා මෙවර රූප සමග දත්තයන් (නාම) ගැටීමට (හෝ දත්ත සමග රූපයන් ගැටීමට) හැකියාවක් ඇති වීම (සංස්කාර නිර්මාණය වීම) (එනම් මං තේරුම්ගත් විදියට, සංස්කාර යනු නාම සමග රූප ගැටීමක් නොව ඒවා වලට ගැටීමට අවශ්‍ය වේගයක් ලබාදීමකි.), අවසානයේදී නාම (දත්ත) සමග රූප ගැටීම නිසා රූප සහ නාම එකිනෙක ගැටීම වලදී නාම සහ රූප අතර ආකර්ෂණ ශක්තියක් (ඇලීමක් / Attachment or Attraction/ Interaction ) ඇති වීම හෙවත් දැනගැනීමක් ඇති වීම (විඤානය නිර්මාණය වීම) සමග අහඹු ලෙස එම විඤානය (දැනගැනීම/ ආකර්ෂණ ශක්තිය) වෙනත් දැඩි ඇලීමකට (එල්ලෙනසුළු ඇලීමකට) නැඹුරු (බර) වීම හෙවත් ඉතාමත්ම ආසන්නයේ ඇති ආකර්ෂණ ශක්තිය වැඩි (ඇලීම වැඩි) වෙනත් රූප (ද්‍රව්‍ය) සහ නාම (දත්ත) අතර ආකර්ෂණ ශක්තියක් ඇති කිරීමට හෝ තිබෙන ආකර්ෂණ ශක්තිය වැඩි කිරීමට හේතුවක් වීම නිසා විඤානය නමැති ආකර්ෂණ ශක්තිය මගින් නාම සමග රූප නැවතත් ගැටීමට සැලැස්වීම (අවිද්‍යාව/ මුලාව සහ තන්හාව/ කැමැත්තෙන් ඇලීම නිර්මාණය වීම) මගින් එම රූප, වේදනා, සංඤා, සංස්කාර සහ විඤාන වල චක්‍රීය ක්‍රියාවලියක් නිර්මාණය වීම (සිත නිර්මාණය වීම) සිදුවිය හැකි පරිසර තත්වයක් යටතේදී නිර්මාණය වූ ඒ ක්‍රියාවලිය තවදුරටත් ඇලීමට නැඹුරු වෙමින් යෑමේදී ඝණ ශරීරයක් සහ ඉන්ද්‍රියන් නිර්මාණය කරගන්නා අතර පංච උපාදානස්කන්ධයේ ඇලීමේ ශක්තියට අනුව ශරීරයෙන් ශරීරයට ගමන් කරන සත්වයෙක් බවට පත්වෙන්න හැකියාවක් තියනවා.
මැවුම් කරුවෙකු නොමැතිව විශ්වයේ පැවැත්ම ගැන මං හදපු වීඩියෝ එකත් බලන්න: https://youtu.be/qy2v_uI7trM

No comments:
Post a Comment