දේව සංකල්පය කෙබඳු විය යුතුද? (How should be the GOD concept?)
ලෝකයේ බොහෝ ආගම් දැකිය හැකිය. මේ සෑම ආගමකටම වෙන වෙන දෙවියන් සිටිය හැකිද? නො එසේනම් සෑම ආගමක්ම නියෝජනය කරන එක් දෙවිකෙනෙක් පමණ සිටිය යුතුද? සෑම ආගමක්ම නියෝජනය කරන දෙවියන් එක්කෙනෙකු නම් වෙන වෙන ආගම් වලින් අදහන දෙවියන්ට වෙනත් ලක්‍ෂණයන් තිබිය නොහැකිය. එහෙත් අපි දකින සෑම ආගමකම වෙනස් ඇදහිලි සහ වෙනස් දේව විශ්වාසයන් තිබේ. ඒ අනුව ඒ ඒ ආගමට වෙන් වූ දෙවියන් හට මිනිසුන් වඳින බව පෙනී යන කරුණකි. එහෙත් විශ්වයේ පවතින ස්වභාවික නීති දෙස බලන කළ විශ්වයටම එක් දෙවියෙකුට වඩා සිටිය නොහැකි බව පෙනී යන කරුණකි. විශ්වය පාලනය කරන්නාවූ දෙවියන් එක්කෙනෙකුට වැඩි ගණනක් සිටින්නේ නම් ඒ සෑම දෙවිකෙනෙකුම විශ්වය පාලනය කරනු ඇත. එහි ප්‍රතිපලය වනුයේ එකම කරුණට ස්වභාවික නීති බොහෝමයක් දැකිය හැකි වීමයි. උදාහරණයකට කිවහොත් දිනකට පැය විසිහතර වෙනුවට දෙවියන් දහසක් සිටියේනම් එය දහස් විදියකට වෙනස් කරනු ඇත. දැනට සෙල්සියස් අංශක සියයකදී උතුරන වතුර දහස් විදියකින් වෙනස් වී යනු ඇත. මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම ස්වභාවික නීතියක්ම එක් එක් දෙවියන්ගේ උවමනා පරිදි වෙනස් ආකාරවලින් වෙනස් වුවහොත් ලොව විනාශය කරා යනු ඇත. එහෙත් අපි එවැනි සන්සිද්ධියක් දකින්නේ නැත. එසේනම් මුළු විශ්වයම මවා පාලනය කරන්නාවූ එක් දෙවියෙකු පමණක් සිටිය යුතු බව නිගමනය කළ යුතු වන්නේය. එහෙත් ප්‍රශ්නය වන්නේ එම දෙවියන් කව්රුන්දැයි නිවැරදිව දැනගැනීමය. අදේවවාදීන් ගේ මතය අනුව විශ්වය කව්රුන්වත් මවා නැත. එය සැම කාලයකම තිබී ඇති බව ඔවුන්ගේ මතය වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ සෑම කාලයකම තිබෙන විශ්වය කෙසේනම් ඇති වුයේද යන්නයි. මේ සඳහා ඔවුට පිළිතුරක් නැත. අදේවවාදීන් පවසන පරිදි විශ්වය සෑම කාලයේම පැවති බව විද්‍යානුකුල පිළිතුරක් නොවේ. ලොව ප්‍රකට විද්‍යාඥන්ගේ මතය අනුව විශ්වය ට ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතුය. විශ්වයේ ආරම්භයට මහා පිපිරුම් වාදයෙන් පිළිතුරක් දීමට උත්සාහ කර තිබේ. එහෙත් එම වාදයෙන් මහාපිපිරුමට අවශ්‍ය මුලික වින්‍යාසය සකස් කළේ කව්රුන්ද යන්න විස්තර වන්නේ නැත. අනෙක් අතට මහාපිපුරුම් වාදයෙන් විශ්වය බිහිවී ඇති බව පැවසුනද එහි සඳහන් කරන ආකාරයට කිසිවෙකුගේ සැලසුමක් නොමැතිව මෙවන් සංකීර්ණ විශ්වයක් බිහිවිය නොහැකිය. පිපිරුමකින් පසු විනාසයක් සිදුවනු මිස සැලසුම් ගතව කිසිවක් ඇතිවන්නේ නැත. එසේනම් මේ විශ්වයේ තිබෙන්නාවූ ඉතාමත් සංකීර්ණ දේවල් සඳහා සැලසුම් සකස් කලේ වව්රුන් විය යුතුද? අපිදකින විශ්වයේ ඇති දැවැන්ත ක්ශිරපත ඇතුළු ග්‍රහ මණ්ඩල ගැන පසෙක තිබියදී අපහේ පෘථිවි ගෝලය ගැන මදකට සිත් යොමු කර බලමු. මෙතරම් ග්‍රහවස්තු තිබියදී අපගේ ග්‍රහයා පමණක් සුර්යයා ගේ සිට ජිවින්ට සදුසු පරිසරයක් ඇතිවන අන්දමට එහි දුර තීරණය කලේ කව්රුන් විසින්ද? එහි උෂ්ණත්වය වායුගෝලය ජලය ආහාර වැනි ජිවින්ට අත්‍යාවශ්‍ය දේවල් ඉබේ නිර්මාණය විය හැකිද? මේවා අඩුවකින් තොරව සෑම ජීවියෙකුට ලැබෙන පරිදි පාලනය කරන්නේ කව්රුන් විසින්ද? මේවා නැවත නැවත උත්පාකනය වන යාන්ත්‍රයයක් ඇතිවීමට නම් භුද්ධිමත් මැදිහත් වීමක් අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. ලොව වෙසෙන ඒක සෛල ජීවියාගේ සිට දැවැන්ත ජීවින් දක්වා සෑම ජීවියෙකුම පරිපුර්ණව මවා ඇති බව පෙනී යන කරුකකි. මේවායේ ව්‍යාප්තිය සඳහා ඉතාමත් සුදුසු ක්‍රම ඇති කලේ කව්රුන්ද? සෑම ජීවියෙකුගේම ප්‍රජනන ක්‍රියා ආහාර වාසස්ථාන ආරක්ෂාව ඇතුළු සියලු දේ කියා දුන්නේ කව්රුන්ද? මී මැස්සා කුහුඹුවා වඩුකුරුල්ලා වැනි සතුන් කරන ක්‍රියාවන් එම සතුන් ඉබේ ඉගෙන ගත්තාද? පක්ෂීන් පියාසර කරන විට v අකුරක හැඩයට පියාසර කරන්නේ කාගේ ඉගැන්වීම් නිසාද? මහද්වීප තරණය කරන පක්ෂීන් දිසාව සොයාගන්නේ කෙසේද? උන් එවැනි ඉතා දුර ගමනක් සඳහා සාගරය මැදින් දින ගනනාවක් පියාසර කිරීමේදී ආහාර සපයා ගැනීමේ ක්‍රම උගන්වනු ලැබුවේ කව්ද? ලෝකයේ ඇති ප්‍රධාන ආගම්වලට අනුව මුල්ම මිනිසා ආදම් නබිතුමාය. ඔහුගේ පටන් අවසාන නබිවරයා වන මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා දක්වා බොහෝ ආගම් මේ ලොවට පහල කොට ඇත. මේ ආගම්වල පැරනිකමට වඩා දෙවියන් ඒ ඒ කාලවලට යවනු ලබන ආගම් සහ නීති පිළිපැදීම මිනිසාගේ යුතුකම වන්නේය. උදාහරණයකට කිවහොත් රටක අලුත් විවස්තාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු පරණ විවස්තාව අහෝසි වන්නා සේම දෙවියන් අළුතින් ආගමක් පහළ කල සෑම විටම පරණ ආගම අහෝසි කරන්නේය. මේ නිසා මිනිසාගේ යුතුකම දෙවියන් අවසාන වරට යවනු ලැබූ ඔහුගේ දුතයා කව්රුදැයි සොයා බලා ඔහුගේ මාර්‍ගය පිළිපැදීමය. By Fasy Ajward අපගේ වෙනත් ලිපි සඳහා මේ යොමුවට පිවිසෙන්න. https://www.facebook.com/ http:// |
Original Post: https://www.facebook.com/photo.php?fbid=643203149071176
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/2014/02/bauddha-tharka-islam-bakthikayan-samaga_17.html
This is a part from another conversation with a Muslim on the Universe and etc:
Read more: http://buddhist-essentials-and-concepts.blogspot.com/p/animals.html
Me lokaye kisima deyak arambayedi sankeerna une na .hama deyakma prathamika awasthawe sita thamai vikashanaya une.
ReplyDelete