Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Monday, February 17, 2014

Bauddha Tharka - Islam bakthikayan samaga - maveema pilibada lipiyata pilithuru - part2



  • Mohamed Farzan Suresh Madusanka  චාල්ස් ඩාවින් කියන්නේ පරිණාම “වාදයේ“ පියා නේද? ඩාවින් කොහේවත් අනුවර්තනයෙන් විශාල වෙනස්කම් ඇති වීම ප්‍රායෝගිකව පෙන්නුවේ නැහැ. ඔහු දැක්ක පොසිල සාධකවල තිබෙන සාමානකම් ගැලපීමට යොදගත්ත උපකල්පනයක් තමයි ඒ. ඔහු දැක්කෙත් ගිරවුන්ගේ හොටවල් වල වෙනස්කම් වැනි කුඩා අනුවර්තනයන් තමයි. විවධ වර්ගයේ එළදෙනුන් ඉන්නවා. ඒවා ප්‍රභේදයන්. සුළු සුළු වෙනස්කම්. චාල්ස් ඩාවින් කියන විදිහේ විශාල අනුවර්තයන් සිද්ධ වෙනවා නම්, අනුවර්තනය වෙමින් පවතින හෙවත් පරිණාමයේ අතරමැදි ජීවීන් පැවතිය යුතුයි. උදා - වඳුරාගෙන් මිනිසා පරිණාමය වුනා නම්, වඳුරා හා මිනිසා අතර පරිණාමය වෙමින් පවතින ජීවීන් සිටිය යුතුයි ජීවීන් සිටිය යුතුයි. ඇත්තෙන්ම අප ප්‍රායෝගිකව ස්වභාව දහමෙහි දකින්නේ සුළු අනුවර්තනයන් පමණයි. අනුවර්තනය තුලින් විශාල වෙනස්කම් ඇතිවෙනවා කියන්නේ ඩාවින්ගේ මතයක්. ඔබ ඉදිරිපත් කල මතස්‍යා පෙනහලු මත්සයෙක්. එය තවත් මතස්‍ය වර්ගයක් පමණයි. මෙලෙස දිගුකාලයක් ක්‍රියා විරහිතව හෝ අවම ක්‍රියාකාරීව සිටිය හැකි ජීවීන් සිටිනවා. ඩෙංගු කීටයව ගත්තොත් ජලය නොමැතිව දිගුකාලයක් අක්‍රීයව ඉන්න පුළුවන්. මේ එම ජීවීන්ගේ ස්වභාවය මිසක් අනුවර්තනයක් නෙවෙයි. අප්‍රිකාවේ ඉන්න සියළුම මිරිදිය මතස්‍යන්ට ඔබ ඉදිරපත්කල මතස්‍යා වගේ ඉන්න පුළුවන්ද?? පරිසර තත්වයන්ට ගැලපෙන පරිදි අනුවර්තනය වෙනවා නම් සියළු මතස්‍යන්ට එහෙම වෙන්න පුළුවන් වෙන්න ඔන නේද?? මතස්‍යන්ට සතුන්ට පමණක් නොවෙයි මිනිසුනුත් දිවි රැක ගන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙන්න ඔනේ නේද?? අප්‍රිකානු රටවල් වල නියඟයෙන් කීදාහක් මැරෙනවද?? එම නිසා එහෙම විශාල අනුවර්තනයක් වෙන්නේ නැහැ. ශීත කාලය පවතින්නේ මාස තුන සිට හයක් වගේ සුළු කාලයක්. ජලයේ අනියම් ප්‍රසාරණය නිසා මෙම සුළු කාලය තුල ජලඦ ජීවීන්ගේ ජීව ක්‍රියාවලීන්ට කිසිම බාදාවක් නොවන ලෙස ශීත සෘතුව පසුකරන්න පුළුවන් වෙලා තියෙනවා. පරිසර උශ්ණත්වය අංශක 0 වට පහල යන නිසයි ජලාශ ඝනීභවයන වෙන්නේ. පතුලේ උශ්ණත්වය 0 යි මතුපිට උශ්ණත්වය 0 ට වැඩියි කියල විකාර උපකල්පනයක් ඇයි කලේ? ප්‍රායෝගිකව ශීත කාලයේදී හිම වැටෙන බොහෝ රටවල්වල උශ්ණත්වය සෘනට යනවා. ශාක බද්ධ කිරීම, අවයව බද්ධ කිරීම, පටක බද්ධ කිරීම මේ සියල්ල කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අල්ලාහ් ඒවා ඒ විදිහට මවල තියෙන නිසා හෙවත් නව සෛල නිර්මාණය කිරීමේ හැකියාව එයට තිබෙන නිසා නමුත් අපට ස්නායු බද්ධ කරන්න බැහැ. අල්ලාහ් ඒක මවල තියෙන්නේ බැරි විදිහට හෙවත් නව සෛල නිර්මාණය නොකරන පරිදියි.
  • Mohamed Farzan Suresh Madusanka  And the sun runs [on course] toward its stopping point. That is the determination of the Exalted in Might, the Knowing. (Al Quran 36:38) අප පවා පාසලේදී ඉගෙන ගත්තේ සූරයයා ගමන් නොකරන බවත් අනෙකුත් ග්‍රහලෝක සූරයයා වටා ගමන් කරන බවත්ය. සූරයයා ද ගමන් කරන බව හොයාගත්තේ මෑතකදීයී. නමුත් කුර්ආනය අවු 1435 කට පෙරම මෙය පවසනවා. 
    And it is He who created the night and the day and the sun and the moon; all [heavenly bodies] in an orbit are swimming. (Al Quran 21:33) පෘතුවියත් ඇතුලත් වෙනවා.
    Until, when he reached the setting of the sun, he found it [as if] setting in a spring of dark mud, and he found near it a people. Allah said, "O Dhul-Qarnayn, either you punish [them] or else adopt among them [a way of] goodness." (Al Quran 18:86)http://quran.com/18/86 මෙතන දුල්කර්නයින් යම් භූමියක කල සංචාරයක් ගැන කියවෙනවා. බටහිර නැගෙනහිර කඳු සහිත ප්‍රදේශ ලෙස දිගටම කියවගෙන ගියොත් එම භූමියෙහි භූ ලක්ෂණයන් ගැන විස්තරවෙනවා. එලෙසම මෙතැන විස්තර කරන්නේ දුල්කර් නයින් ඒවා දැකපු ආකාරයයි. හිරු මඩවලකට බහින ආකාරයට දුල්කර්නයින් දැක්කා කියලයි විස්ථර කරන්නේ.
    Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had not made against it any shield. (Al Quran 18:90) http://quran.com/18/90 ඔබ කියන දෙයක් මෙතැන කියවෙන්නේ නැ.
    And We have certainly beautified the nearest heaven with stars and have made [from] them what is thrown at the devils and have prepared for them the punishment of the Blaze. (Al Quran 67:5) පහල අහස තරුවලින් අලංකාර කරල තියෙනවා ඒක හරි. සාතන්ට දමා ගසන්නේ සූරය ගිණි සිළු වලින්. මේක විද්‍යාත්මකව පහදන්න බැහැ. හේතුව විද්‍යාව කතා කරන්නේ පංචේන්ද්‍රයන්ට දැනෙන දෙවල් පමණයි. සාතන් පංචේද්‍රයන්ට දැනෙන දෙයක් නොවෙයි.
    Do you not consider how Allah has created seven heavens in layers, And made the moon therein a [reflected] light and made the sun a burning lamp? (Al Quran 71:15-16)http://quran.com/71/15-16 Indeed, We have adorned the nearest heaven with an adornment of stars (Al Quran 37:6) ඔබ කියන විදිහේ දෙයක් මෙතන කියවෙන්නේ නැහැ. ඔබ ඉදිරිපත් කරල තියෙන පරිවර්තනයේත් ඔබ කියන විදිහේ දෙයක් කියවෙන්නේ නැහැනේ ?? පහල අහස තරුවලින් සරලස තියෙනවා කියන එකෙන් හඳ තියෙන්නේ තරුවලට එහායින් කියල කියවෙන්නේ නැහැ.
    දින 6 මම හිතන්නේ ඔබ පෘතුවි දින වලින් සළකල තියෙන්නේ. මේ කතා කරන්නේ විශ්වය මවන්න පෙර අවස්ථාවක් ගැනයි. එතකොට පෘතුවිය මවල නැහැ. එහෙනම් පෘතුවි දින කියල දෙයක් මෙම දින 6 ගණින්න පටන් ගන්න කොට නැහැ. එහෙනම් මේ දින 6 වෙනත් කාල පරිච්ඡේදයක් වෙන්න ඔනේ. 
    ඉංග්‍රීසි පරිවර්ථනයේ heaven කියල තියෙන්නේ අහසයි.
  • Mohamed Farzan Suresh Madusanka  [He] who made for you the earth a bed [spread out] and the sky a ceiling and sent down from the sky, rain and brought forth thereby fruits as provision for you. So do not attribute to Allah equals while you know [that there is nothing similar to Him]. (Al Quran 2:22) http://quran.com/2/22 And We made the sky a protected ceiling, but they, from its signs, are turning away. (Al Quran 21:32) අහසේ ඔසෝන් ස්ථරය මගින් පොළවේ ජීවීන් පාරජම්බුල කිරණ මගින් ආරක්ෂා කරනවා. අයණ ගෝලය පෘතුවියේ උශ්ණත්වය පවත්වාගන්න හරිතාගාර ආචරණයට උදව් වෙනවා. මේ අහස අපට වහලක් ලෙස ක්‍රියා කරන ආකාරය.
    සම්පූර්ණ අස්ථි පද්ධතියම නිරිමාණය වෙලා ඊට පස්සේ අස්ථි මස් වලින් ආවරණය වෙනවා නෙමෙයි. මූලික අස්ථි නිර්මාණය වීමේදී කළලය අඟලක් හෝ එකාමාරක් වගේ කුඩයි. පසුව වර්ධනයේදී අස්ථි හා මාංශ එකට වර්ධනය වෙනවා. 
    Is He [not best] who made the earth a stable ground and placed within it rivers and made for it firmly set mountains and placed between the two seas a barrier? Is there a deity with Allah ? [No], but most of them do not know. (Al Quran 27:61)http://quran.com/27/61 පොළව stable/ස්ථීර වූ තැනක් තමයි පොළම සෙලවි සෙලවි නෙමෙයි තියෙන්නේ. 
    And the thunder exalts [ Allah ] with praise of Him - and the angels [as well] from fear of Him - and He sends thunderbolts and strikes therewith whom He wills while they dispute about Allah ; and He is severe in assault. (Al Quran 13:13)http://quran.com/13/13 මෙතන කියන්නේ හෙන හඬත් අල්ලාහ්ව ප්‍රශංසා කරන බවයි. 
    Do they not see the birds controlled in the atmosphere of the sky? None holds them up except Allah. Indeed in that are signs for a people who believe. (Al Quran 16:79)http://quran.com/16/79 මෙතන කියන්නේ අල්ලාහ්ගේ නිර්මාණය ගැන. අල්ලාහ් කුරුල්ලන්ව වාතයේ රැඳිල ඉන්න පුළුවන් විදිහට නිර්මාණය කලේ. 
    O company of jinn and mankind, if you are able to pass beyond the regions of the heavens and the earth, then pass. You will not pass except by authority [from Allah ]. (Al Quran 55:33) මේ තරම් විශාල විශ්වයේ ඔබ කියනවද මිනිසුන් බොහෝ දුරක් ඉහල අහසට ගමන් කරල තියෙනවා කියල ??? මිනිසුන් හදපු යානයක් වත් තාම සූරයග්‍රහ මණ්ඩලය පහුකරලත් නැහැ.
  • Mohamed Farzan Suresh Madusanka ඉස්ලාමය මුල්තැන දෙන්නේ සාමයට තමයි. නමුත් ගහන්න ගහන්න වඳින්න කියල ඉස්ලාමය අපට කියන්නේ නැහැ. අවශ්‍ය තැනදි අවශ්‍ය නම් යුද්ධ කරන්න ඉස්ලාමය අවසර දෙනවා.
  • Suresh Madusanka  ඔයා එවපු දේවල්ම තමයි ගොඩක් මුස්ලිම් අය කියන්නෙ මං ඒ වගේ ගොඩක් අයට උත්තර දීලත් තියනවා. මං ඔයාටත් ඒවා වලට උත්තර එවන්නම්, මගේ වැඩ වලටත් වෙලාව යන නිසා මං ඉරිදට විතරක් reply කරන්නම්. එතකං ඔයා reply කරන්න ඕනෙ නැහැ.
  • Sri Lanka mcn suresh,modayanta therum karala wadak na
  • Suresh Madusanka  පරිණාමය කියන්නෙ "වාදයක්" විතරක් වගේ ඔයාට පෙනුනට සත්වයන් සහ ශාකයන් වල විවිධ පරිණාමයන් ගැන ගොඩක් දේවල් Mr. Charles Darwin හොයාගත්තට වැඩියෙන් දැන් නවීන පරීක්ෂණ මගින් හොයාගෙන තියනවා. ඒ ගැන කිසිම වාදයක් නැහැ. ඔයා ඒක පිළිගන්න කැමති නැති එක ඔයාගෙ ප්‍රශ්නයක් විතරයි. ගිරවුන්ගේ හොටවල් ගැන ඩාවින් ඉදිරිපත් කරල තිබුණේ ඒක ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සහ පැහැදිලි කරන්න පහසු උදාහරණයක් නිසා විතරයි. පරිණාමයබොරුවක් කියල කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන් ඔයාල ආගම නිසා කොච්චර විකුර්ති වෙලාද කියල. පොසිල වල කාල නිර්ණයන් සහ ඒවා හමු වෙච්ච තැන් අනුව පරිණාමය හොදටම තහුවුරු කරගෙන තියෙන්නෙ. සතුන්ගේ සහ ශාක වල පරිණාමය ගැන ඔයාම හොයල බලන්න මං මිනිස්සුන්ගෙ පරිණාමයේ ගැන වැදගත් සොයාගැනීමක් ගැන ඔයාට කියාන්නම්. මිනිස්සුන්ට ජාන 23 ක් තියනවා. එක ජානයක් හැදෙන්නේ ක්‍රෝමසොන දෙකක් එකතුවෙලයි. එක ක්‍රෝමසොනයක් මවගෙන් ලැබෙනවා අනිත් ක්‍රෝමසොනය පියාගෙන් ලැබෙනවා. ඒ කියන්නෙ ඔක්කොම ක්‍රෝමසොන 46 ක් තියනවා. ගොඩක් වානරයන්ට ජාන 24 ක් තියනවා. ඒ කියන්නෙ ක්‍රෝමසොන 48 ක් තියනවා. මිනිස්සුන්ට වඩා එක ජානයක්, ඒ කියන්නෙ ක්‍රෝමසොන දෙකක් වදුරන්ට වැඩිපුර තියනවා. අප්‍රිකාවේ ඉන්න චින්පන්සීන්ගේ ක්‍රෝමසොන වල සහ මිනිස්සුන්ගෙ ක්‍රෝමසොන වල ලොකු සමානකමක් තියනවා. එත් අපිට ඒ වදුරන්ට වඩා ක්‍රෝමසොන දෙකක් අඩුයි. එහෙම උනේ කොහොමද කියල බලන්න අපේ ක්‍රෝමසෝන නිර්මාණය වෙලා තියන විදිය ගැන පර්යේෂණය කරාම හොයාගෙන තියනවා, අපේ එක ජානයක් නිර්මාණය වෙලා තියෙන්නෙ තවත් ජානයක් එකතුවෙලා කියල. ඒ කියන්නෙ අපේ පරිනාමයේදි අපිට තිබුණු ක්‍රෝමසෝන 48 න් දෙකක් තවත් ක්‍රෝමසෝන දෙකකට සම්බන්ද වෙලා/පැටලිලා තියනවා. සාමාන්‍ය ක්‍රෝමසෝනයක තියෙන්නෙ එක කේන්ද්‍රයක් උනාට අපේ ඇගේ තියන ජාන දෙකක් එකතු වෙලා හැදුනු ජානයේ කේන්ද්‍රයන්/මද්‍යයන් දෙකක් තියනවා කියල පැහැදිලිව සොයාගෙන තියනවා (1.)http://www.youtube.com/watch?v=c5PJG_-XlwE 2.)http://en.wikipedia.org/wiki/Chimpanzee_genome_project). එහෙම තමයි අපේ ජානයක් අඩුවෙලා තියෙන්නෙ.

    www.youtube.com
    Location: Chautauqua Institution Chautauqua, NY Event Date: 08.18.08 Speakers: Kenneth Miller Cell biologist and author Kenneth Miller discusses the scientif...
  • Suresh Madusanka  මිනිස්සුන්ට ගොඩක් සමානකම් කියන තවත් වානර වර්ග කිහිපයක්ම ඉදල තියනව කියල ලිකිත වාර්තා මගින් සහ පොසිල මගින් හොයාගෙන තියනවා. ඇතැම් වානරයන් වද වෙලා තියනවා. දැන් කාලෙ මරාගන්නවට වඩා ඉස්සර කාලෙ වානර මිනිස්සුත් හොදට සමූල ගාතන කරගෙනත් ඇති. නියන්ඩතාල් (Neanderthal) මානවය කියන්නෙ හෝමෝ සේපියන් කියන මානවයන්ට/මිනිස්සුන්ට සමානකම් කියපු නමුත් වෙනත් උප (sub) හෝමෝ සේපියන් වර්ගයක් සහ හෝමෝ සේපියන් කියන මානවයන්/මිනිසුන් සමග එකතු වී ළමුන් සෑදීමට නොහැකි වූ බැවින් එම වර්ගයාගේ සිදුවූ විශාල අඩු වීමකින් පසුව සම්පූර්ණයෙන්ම වද වෙලා ගිය නමුත් ඔවුන් තරමක් දියුණු වානර/මනාව වර්ගයක් (http://en.wikipedia.org/wiki/Neanderthal). අධි මානය නිසා ඇතැම් මිනිසුන් අකමැති උනාට මිනිසුන්ගේ මුතුන්මිත්තන් වානර සත්වයන්ගෙන් පරිණාමය උනා කියල පිළිගන්න, ලැජ්ජාව නිසා සත්‍ය ඉදිරියේ ඇස් වහගෙන ඉන්න එක උත්තරයක් නෙමෙයි. පරිනාමය කියන්නෙ සාදක මගින් දියුණු වෙච්ච දෙයක්. සාදක කියන්නෙ ඔප්පු කරන්න හැකියාවක් තියන දෙයක්. මුල් කාලයේ පරිණාමය කියන දෙය "වාදයක්" විදියට හැදින්නුවට දැන් ඒක ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල උගන්වන්නේ පරිණාම "න්‍යාය" හෝ ඩාවින්ගේ "න්‍යාය" කියලයි. එකට හේතුව නිව්ටන්ගේ න්‍යායන් වගේම පරිණාම න්‍යායනුත් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසයි. ජාන වෙනස් කරල වෙනස්/අලුත් වර්ගවල ශාක නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් පරිණාමයෙදී ශාක වල ජාන වෙනස් වෙලා වෙනස් වර්ග වල ශාක නිර්මාණය වෙන්නෙ නැහැ කියල ඔයා ආයෙත් කියනවනම් මං ඒ ගැන ඔයාගෙන් තවත් අහන්නේ නැහැ. ඔයාගෙ අන්ද භක්තිය නිසා ඔයාට සත්‍ය මොකක්ද කියල පෙනෙන්නෙ නැහැ කියල මට තේරුම් ගන්න පුළුවන්.

    en.wikipedia.org
    The Neanderthals or Neandertals (/niˈændərˌθɔːlz/, /niˈændərˌtɔːlz/, /niˈændərˌtɑːlz/, /neɪˈɑːndərˌtɑːlz/ or /niˈændərθəlz/)[3] are an extinct species of human in the genusHomo, possibly a subspecies of Homo sapiens.[4] They are very closely related to modern humans,[5][6] differing in DNA by only 0...
  • Suresh Madusanka  ලංකාවේ ගවයන් ගැන මං කිව්වේ විවිද ප්‍රබේද වල ගවයන් ලබාදෙන කිරි ප්‍රමාණය වෙනස් බව මං දන්නෙ නැතුව නෙමෙයි. මං කිව්වෙ එකම වර්ගයේ ගවයන්ගෙන් එක පිරිසක් උතුරේ වනගතව වියලි බිම් වල බොහෝ කාලයක් ජීවත් වී තිබෙන නිසා ඒ ගවයන්ට හොදින් ආහාර ලබා දෙනවිට ඒ ගවයන් නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය එකම වර්ගයේ ගවයන් වන නමුත් තෙත් බිම් වල ජීවත් වන ගවයන් ලබාදෙන කිරි ප්‍රමාණයට වඩා වැඩියි කියලයි. පරිසරයට අනුව අනුවර්තනය වෙච්ච ජීවීන්ට විතරයි ඒ පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් උනේ. හැම ජීවියාම සාර්ථකව අනුවර්තනය වෙන්නෙ නැහැ. අනුවර්තනය වෙන්න බැරි වෙච්ච ජීවීන් වද වෙලා ගිහින් තියනවා. අනුවර්තනය වෙන්නෙ පරිසරය අනුව නිසා හැම පරිසරයකම ඉන්න සත්වයන් එක විදියටම අනුවර්තනය වෙන්නෙත් නැහැ. අප්‍රිකාවේ තියන පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් විදියට තමයි ඒ මාළු අනුවර්තනය වෙලා තියෙන්නෙ. ස්වභාවික වරණය (natural selection) කියන එකත් මෙහිදී බලපානවා. ඒ කියන්නේ පරිසරයේ විශාල වෙනස් කමක් සිද්ධ වෙනකොට ඒ වෙනස් කමට ඔරොත්තු දෙන හෝ ඊට අනුව අනුවර්තනය වෙන සතුන්ට විතරයි පවතින්න පුළුවන් වෙන්නෙ. වියලි දේශ ගුණයන් වලම හැදුනු ඔටුවන්ගෙ මොල්ලියේ විශාලත්වය කාලයත් සමග විශාල වෙලා තිබුනත් එහෙම මොල්ලියක් නොමැති සත්වයන් වියලි දේශගුණයන්ට ඔරොත්තු දෙන විදියට අනුවර්තනය වෙන්නෙ නැතුව සුදුසු වෙනත් ප්‍රදේශ සංක්‍රමණයන් පවා සිද්ධ වෙනවා. ඔයා කියනවනම් කාන්තාරයට හරියන්න ඔටුව මැව්වා කියල, ඔයා ටිකක් හොයල බලන්න දැන් තියෙන්නෙ කාන්තාරයක් උනාට අවරුදු මිලියන ගණනකට පෙර ඒ ප්‍රදේශ වල තිබුණු ශාක සහ සත්වයන් තමයි දැන් පොසිල බවට පත්වෙලා බොරතෙල් බවට පත්වෙලා තියෙන්නෙ. අවරුදු මිලියන ගණනකට පෙර ඒ ප්‍රදේශ වල ශාක සහ සතුන් හිටිය විතරක් නෙමෙයි ඒ ප්‍රදේශ වලට විශාල වශයෙන් හිම වැටිලත් තියනවා. ඒ දවස් වල කාන්තාරයක් නැතුව හොදට කන්න දේවල් තිබුනත් ඔයා කියන විදියට ඔටුවෝ විතරක් එහෙ ඉන්න ඇති කියල ඔයා හිතල බලන්න. ඒ වගේ ආහාර තිබෙන පරිසරයකට ඔටුවන්වනම් කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නෙ පරිසරයට අනුව මවල නැහැ කියන එකයි. ශාක සහ සත්තු පරිසරයට ගැලපෙන විදියට හැඩගැහිලා තියනවා.
  • Suresh Madusanka  මිනිස්සු දිවි රැකගන්න අනුවර්තනය වෙලා තියන නිසා තමයි ගොඩක් ලෙඩ වලට බෙහෙත් කරේ නැතත් ඒව ඉබේම හොදවෙන්නේ. මිනිසා දැනට වෙලා තියන අනුවර්තනය මිනිසුන්ගේ පැවැත්මට හොදටම ප්‍රමාණවත් කියලයි මට පෙනෙන්නෙ. ඔයා හිතන විදියට අවරුදු 5000 තියා 10000 කින්වත් මිනිස්සුන්ගේ ලොකු අනුවර්තනයන් සිද්ධ වෙන්නෙ නැහැ. ඒවා සිද්ධ වෙන්නෙ ගොඩක් හිමින්. ඔයා හිතනවනම් සෝමාලියාවේ ඉන්න මිනිස්සු අවරුදු ගානක් බඩගින්නේ හිටිය කියල ඒ මිනිස්සුන්ට කෑම නැතුව ගොඩක් කල් ඉන්න පුළුවන් විදියට ඉක්මනට අනුවර්තනය වෙයි කියල, ඒක ඔයාලගේ මොහොම්මඩ් තුමා පරණ ගිවිසුමේ තියන දේවල් දැනගෙන ඒවා හිස් මුදුනෙන් පිළිඅරගෙන දවස් 6 න් විශ්වය මැව්වයි කියල තියන චින්තනය වගේ ගොං චින්තනයක් කියල තමයි කියන්න වෙන්නෙ. දවස් 6 න් විශ්වය මැව්වා කියන එක දැන් මොඩිෆයි කරල කල්ප 6 ක් කියලත් සමහර අය කියන්න හදනවා. එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න වෙනව කියන්නෙ ඕවට තමයි. දවස් 6 න් විශ්වය මැව්වා කිව්වට පොළව මවල ඉවරවෙලා ඉරයි හදයි තරුයි මැව්වා කියලයි තියෙන්නෙ, මේ විශ්වයේ තව ගොඩක් දේවල් තියනවා ඒවා ගැන කියලත් නැහැ. පුදුම වැඩේ කියන්නෙ දෙවියන් 7 වෙනි දවසේ නිවාඩුවකුත් අරගෙන තියනවා, දවසක් කියන්නෙ කල්පයක් හෝ විශාල වර්ෂ ගණනක් නම් දෙවියන්ගෙ 7 වෙනි දවසෙ නිවාඩුව තාමත් ඉවරවෙලා නැති වෙන්න ඕනෙ. මං දැන් එහෙම කිව්ම ඒ කතාව තව බොරු මතයක් නිර්මාණය කරගන්න භාවිතා කරන්නත් පුළුවන්. ඒ තමයි, දෙවියන්ගෙ නිවාඩුව ඉවරවෙලා ඇවිල්ල උබලව අල්ලගනියි කියල හිතන තත්වෙට පත්වෙන ගොන් මානසිකත්වයක් තියන මිනිස්සුන්ව තමයි ඉස්ලාම් ආගමෙන් වැඩිපුර බිහිකරලා තියෙන්නෙ. පොළව මවල ඉවරවෙලා ඉර සහ තරු අපිට ආලෝකය සදහා එල්ලුව කියන එකේ කිසිම විද්‍යාත්මකව කිසිම පදනමක් නැහැ කියල ආගමික කන්නාඩි ගලවල බැලුවොත් ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මුහුදු ජලය සෙල්සියස් අංශක 0 දි මිදෙන්නෙ නැත්තෙ එහි තිබෙන ලුණු නිසා ලුණු ජලය මිදෙන උෂ්ණත්වය තවත් පහල අගයක් ගන්න නිසා සහ මුහුදු ජලයේ සෙලවීම වැඩි බැවින් මිදෙන්න තියන හැකියාව අඩු වෙන නිසයි. අපේ ශරීරයේ බද්ධ කරන්න පුළුවන් කොටස් ගොඩක් තියෙද්දි ඔයාට පෙනිලා තියෙන්නෙ බද්ධ කරන්න බැහැයි කියල ඔයා කියන ස්නායුවක්. ඔයාගෙ භක්තිය නිසා ඔයා ඔයාට පෙනෙන දේවල් වලින් ග්‍රහණය කරගන්නෙ ඔයාගෙ භක්තිය නිවැරදි කරගන්න අවශ්‍ය දේවල් විතරයි.
  • Suresh Madusanka  සූර්යා සහ සද ගමන් කරනවා කුරානයේ කියල තියෙන්නෙ සූර්යා මන්දාකිණිය/චාක්‍රාවාටය වටා ගමන් කරනවා කියල දැනගෙන නෙමෙයි කියල නම් හරියට කුරානය කියවපු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ. කුරානයේ තියෙන්නෙ සූර්යා තමන්ගේ නැවතුම් ස්ථානය වන දෙවියන් සිටින දෙසට ගමන් කරනව කියලයි. එහෙම නැතුව සූර්යා මන්දාකිණිය වටේ යනව කියල නෙමෙයි තියෙන්නෙ. ඒ දවස් වල මොහොම්මඩ් තුමාට පෙනුණේ සූර්යා පෘතුවිය උඩින් පථයක් විදියට ගමන් කරනවා කියල මිසක් පෘතුවියත් සමග සූර්යා ගමන් කරනව කියල නෙමෙයි. ඒ දවස් වල හිටපු ගොඩක් මිනිස්සු හිතාගෙන හිටපු විදියටම තමයි මොහොමඩ් තුමත් හිතාගෙන ඉදල තියෙන්නෙ. අනිත් කාරණය තමයි කුරානයේ ඉර සහ සද පථයක පාවෙනවා කියල තිබුනට පෘතුවිය පථයක ගමන් කරනවා කියල පෙනුනෙ නැති නිසා ඒක ගැන කියල නැහැ. ඔයා දැන් පෘතුවියත් ඒ ගොඩට අයිති වෙනව කියල කිව්වට කුරානය ලියපු අය ඒ ගැන දැනගෙන හිටියනම් අනිවාර්යෙන්ම ඒක කුරානයේ සදහන් කරන්න අමතක කරන්නෙ නැහැ. ඒක ඔයාට පොඩි දෙයක් වගේ පෙනුනට ඒක කුරානයේ තියන ලොකු අඩුවක්. ජන කතාවල තියන දේවලුත් විශ්වාස කරල තමයි දුල්කර්නයින් කියන පුද්ගලයා මඩ වලකට බැසගෙන යන සූර්යව දැකල තියනව කියල සහ සූර්ය උඩට නැගීගෙන එන තැන දැකල තියනව කියලත් කියල තියෙන්නෙ. ඒකෙන් තේරෙන්නෙ පෘතුවිය ගෝලාකාර බව ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැති නිසා කුරානය ලියපු අයත් ඒ ගැන දැනගෙන ඉදල නැහැ කියලයි. ඒ දවස් වල හිටපු විද්‍යා ගුරුවරු කුරානය ලිව්වත් ඒ මිනිස්සුත්ටත් ඔය වගේ බොරු කතාවක් පොතට දානවා හැර හිරු උදාවීම පිළිබදව වෙන විද්‍යාත්මක දැනුමක් ඒ කාලෙ තිබුනෙ නැහැ. කුරානය බැලුවම තේරෙන්නෙ ඉර සහ හද කියන ඒවත් රව්ම් තැටි විදියට හිතාගෙන ඉදල තියනව කියලයි. ඔයා හොදට කියවල බලන්න ඒ (Al Quran 71:15-16) වාක්‍ය, ඒකෙ තියෙන්නේ දිව්‍ය ලෝක ටික එක මත එක තිබෙන විදියට මැව්වා කියලයි. ඊට පස්සේ කියනවා ඒ දිව්‍ය ලෝක අතර ලාම්පු විදියට හද සහ ඉර තැබුවා කියල, ඒ කියන්නේ හද තියෙන්නෙ පහලම දිව්‍ය ලෝකයට උඩිනුයි, එත් ඊට පස්සේ කියනවා පහළම දිව්‍ය ලෝකෙ තරු වලින් සැරසුවා කියල, ඒ කියන්නෙ තරු තියෙන්නෙ පහල දිව්‍ය ලෝකයක උනත් හද සහ ඉර තියෙන්නෙ ඊට උඩින් තියන දිව්‍ය ලෝක අතරයි. ඒ කියන්නෙ ඇස් මට්ටමින් බැලුවම තරු සහ හද තියෙන්නෙ උඩින්ද යටින්ද කියල හොයාගන්න බැරි නිසා ඒ කාලේ තිබුන දැනුමේ හැටියට තරු තියෙන්නෙ හදට වඩා පහලින් කියල හිතලයි කුරානය ලියල තියෙන්නෙ. "heavens" කියන වචනයට ඔයා අහස කියල කිව්වට ඉස්ලාම් ආගමේ තියනවා ඒවා ඉහලට යන විට ඒවා වල තිබෙන සැප/පහසුකම් වැඩිවෙන විදියට නිර්මාණය වෙච්ච දිව්‍ය ලෝක කියලා (http://en.wikipedia.org/wiki/Heaven -Islam). නවීන ආරාබි වලට අනුව තමයි heaven කියන එක අහස කියන එකටත් සමාන කරගෙන තියෙන්නෙ. බුදු දහමට අනුවත් අහසේ දිව්‍ය තල 6 ක් තියනවා. ඉස්ලාම් අය ඒ ගැනත් දැනගෙන හිටපු නිසා වැඩිපුර එකක් එකතු කරලා දිව්‍ය ලෝක 7 ක් ගැන සදහන් කරල තියනව. බුදු දහමට අනුවත් දිව්‍ය ලෝක තියෙන්නෙ ඉහල කියල තමයි සදහන් වෙන්නෙ, එත් ඒවාට දිව්‍ය තල කියලයි කියන්නෙ, අහස කියනනෙ අවසානයක් හොයාගන්න බැරි අවකාශයකටයි. බුදු දහමේ සදහන් වන දිව්‍ය සහ බ්‍රහ්ම තල ගැන පොඩි විස්තරයකුත් මං එවන්නම්. එහි තියනවා ද්‍රව්‍ය නොවන බ්‍රහ්ම ලෝකත් විශ්වයේ තිබෙනවා කියල. 
    Heaven in Buddhism: 

    There are the Sensual Heavens, the Fine-Material Heavens and the Immaterial Heavens.
    1.The Heaven of the Four Great Kings. 
    2.The Heaven of the Thirty-Three. (This world is ruled by a pantheon of thirty-three gods and goddesses.)
    3.Yama Devas.
    4.Tusita Heaven.
    5.The Heaven of Those who Delight in Creation.
    6.The Heaven of Those who Delight in Other's Creations.
    \\\\\ SIX LAYERS!!!!! \\\\\ Plus ++
    Beyond Heavens, there are Brahma Heavens.
    18 realms of the Brahma gods; also called the fine-material realm. (They are said to be self-luminous and to feed on bliss.)
    \\\\ 18 MORE LAYERS \\\\ Plus ++
    Even higher are the immaterial 4 Brahma Heavens (realms)
    \\\\ 4 MORE LAYERS \\\ TOTAL = 28
    http://www.arrowriver.ca/wheel/heaven.html


    en.wikipedia.org
    Heaven, the Heavens or Seven Heavens, is a common religious, cosmological or transcendent place from which heavenly beings (such as a God, angels, the jinn, and sky deities like King or Queen of Heaven, Heavenly Father, Heavenly Mother, Son of Heaven, heavenly saints or venerated ancestors) originat...
  • Suresh Madusanka  කුරානයට අනුව දිව්‍ය ලෝක වලට මැදින් හද සහ සූර්යා තිබෙන නිසා 7 වන දිව්‍ය ලෝකය තියෙන්නෙ සුර්යාවත් පහුකරලයි. එක නිසා සමහර මුස්ලිම් අය කියන විදියට අහස් 7 කියල කියන අපේ ලෝකේ වටේ තිබෙන නොයෙක් ගෝලයන් වලින් එකක්වත් සූර්යාව පසුකරල පිහිටන්නෙ නැති නිසා ඒ අහස 7 කියල කුරානයේ සදහන් වෙන්නෙ පෘතුවිය වටේ තිබෙන අයන ගෝලය වැනි ගෝලයන් ගැන නෙවෙයි කියල පැහැදිලි වෙනවා. ඒ අය සදහන් කරන ගෝලයන් වලින් Ionosphere කියන ගෝලයෙන් කොටසක් තිබෙන්නෙ Exosphere කියන ගෝලය තියන සීමාව තුල සහ Thermosphere කියල කියන ගෝලයත් තුල නිසා Ionosphere කියල කියන්නෙ වෙනත් අහස් තල(දිව්‍ය ලෝක) දෙකක් තුල තිබෙන තවත් අහස් තලයක්, ඒ කියන්නෙ ඒ අහස් තලයට තමන්ගේම කියල තැනක් නැති නිසා අනුන්ගෙ තැන් වලට රින්ගගත්ත තලයක්. විද්‍යාවෙන් පිළිගන්න විදියට ප්‍රධාන තලයන් තියෙන්නෙ 5 ක් විතරයි.
  • Suresh Madusanka  අහසෙන් තරමක ආරක්ෂාවක් ලැබුනත් අහස කියන්නෙ අපිව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන වහලයක් නෙමෙයි. අහසෙන් විශාල ග්‍රහ වස්තු ඉස්සරත් පොළවට කඩන් වැටිලා විශාල විනාශයන් වෙලා තියනවා, ඒ වගේම ඉදිරියටත් වෙන්න පුළුවන්. කුරානයේ තියන ඒ වාක්‍යය සම්පූර්ණයෙන්ම සත්‍යක් විදියට සලකන්න බැහැ. අහසෙන් අපිට පෙනෙන්න ලොකු හානියක් නැහැ කියල පෙනෙන නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අහසෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනවා කියල. කළලය ගැන නම් කියන්න තරම් ලොකු දෙයක් නැහැ. ඔයා කියන විදියට පොළව සෙලවි සෙලවි නොතිබුනාට කුරානයේ කියල තියෙන්නෙ පොලව ස්ථාවරව හදල තියනව කියල විතරයි. එත් අපි දන්නව පොළව හැමදාම එකම විදියට තියෙන්නෙ නැහැ කියල. පොලවේ තැටි පාවෙලා ගිහින් මහද්වීප වල පිහිටීම හා හැඩය වෙනස් වෙනවා, පොළව විතරක් නෙමෙයි හැමදේම වෙනස් වෙනව සහ විනාශ වෙනවා කියන එක නවීන විද්‍යාවෙන් හොයාගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි පොළව ගමන් කරනව කියලත් කුරානයේ සදහන් වෙන්නෙ නැහැ. පොළව ස්ථාවර තැනක් කියල කියපු එක මගින් පොළවත් ගමන් කරන බව දැනගෙන ඉදල නැහැ කියල තමයි තේරෙන්නෙ. හෙන හඩ ඇතිවන විද්‍යාත්මක හේතුව ගැනනම් අහල තියනවා, එත් ඒ හඩ දෙවියන්ටත් ප්‍රශංසා කරනව ඔයාට කියන්න පුලුවන්නම් මටත් පුළුවන් කියන්න ඒ හෙන හඩ මාවත් ප්‍රශංසා කරනව කියල. හෙන හඩ ඇතිවීමේ විද්‍යාත්මක හේතුව ගැනත් අවබෝධයක් තිබිල නැහැ. එකයි ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නෙ දෙවියන්ට ප්‍රශංසා කරන්න කියල කියන්නෙ. දෙවියන් විසින් අකුණු එවනවා කියලත් සදහන් කරලා තියනවා. දෙවියන්නට ඕන විදියට අකුණු එවන්න පුලුවන්නම් අරාබිය පැත්තටත් අකුණු ටිකකුයි හොද වැසි ටිකකුයි යවල ඒ පැත්තෙ තියන රස්නයත් අඩු කරානම් මොකද වෙන්නෙ, එත් එක එක කාල වලදි එකම රටවල් ටිකකට විතරයි ගොඩක් වැස්ස එවන්නෙ. ස්වභාව ධර්මය සහ දෙවියන් කියල කියන්නෙ පටලවගන්නෙ නැතුව තේරුම් ගන්න ඕන කරන විෂයන් දෙකක්. කුරුල්ලෝ ඉහලට පියබල ගිහින් අහසේදී අත්තටු ගහන්නේ නැතුව පාවෙනවා දැක්කම ඒක සමහර අයට ප්‍රතිහර්යක් විදියටත් පෙනෙන්න ඇති, ඒ ප්‍රශ්නෙට උත්තරය විදියට ඒ කුරුල්ලන්ව දෙවියන් විසින් අල්ලාගෙන ඉන්න බැවින් එය දෙවියන්ගෙ ප්‍රතිහාර්යක් විදියට සලකල විශ්වාස වන්තයන් සදහා එය හොද සලකුණක් කියල ප්‍රකාශ කිරීමම ඒ දවස් වල හිටපු විශ්වාසවන්තයන්ව ගොනාට අන්දන්න කියපු දෙයක් මිසක් විශ්වාසය වැඩි වෙන්න උදව් වෙන තරමෙ ප්‍රතිහාර්යක් ඒකෙ නැහැ. එතන තියෙන්නේ සාමාන්‍ය ස්වභාව ධර්මයේ ඇති ආකර්ෂණයන් සහ පීඩනයන් වැනි කරුණු නිසා සිදුවන පාවීමක් පමණයි. මිනිස්සු හද පහු කරලා නම් ගොඩක් කල් වෙනවා. කුරානයේ හැටියට හද තියෙන්නෙ දිව්‍ය තල වලට මැදින් නිසා පහළම දිව්‍ය තලයත් පහුකරගෙන තමයි හදට මිනිස්සු ගහින් තියෙන්නෙ, ඒ කියන්නෙ පෘතුවියේ සිට අහසට ගමන් කරලා තියනවා කියන එකයි. විද්‍යාවට අනුව දෙවියන්ගේ විශේෂ අවසරයක් නැතුව තවත් කුඩා දුරක් හෝ ගමන් කරන්න හැකියාවක් තියනවා. ඔයා දෙවියන් අහස මවපු දවස් ගණන අපේ ලෝකෙ දවස් වලින් නෙමෙයි කියල කිව්ව වගේ කුරානයේ තියන විදියට මිනිස්සුන්ට පොළවේ සහ දිව්‍ය ලෝක වල කලාපයන් පසුකර දෙවියන්ගේ අවසරයක් නැතුව යන්න බැහැ කියන එකෙන් අදහස් වෙන දුර හදටත් වඩා ඈතින් තියන තැනක් කියලයි කියන්න හදන්නෙ.
  • Suresh Madusanka  ගොඩක් ප්‍රශ්න වලට ඔයාලට තියෙන්නෙ ප්‍රශ්නය මගහරින උත්තර. උදාරණයක් විදියට, සත්තු මරණ එක අමානුෂික දෙයක් නෙමෙයිද කියල ඇහුවම ඔයාල කියන්නෙ ශාක වලටත් පණක් තියන නිසා සත්තු මරණ එක වැරදිනම් ශාක මරණ එකත් වැරදි වෙන්න ඕනෙ කියලයි. සමහර අය කියනව සත්තු හැදිලා තියෙන්නෙ අපිට කන්න අවශ්‍ය විදියට කියලත්. සමහර සතුන් හැදිලා තියෙන්නෙ තවත් සතෙක්ව මරාගෙන කාල ජීවත් වෙන විදියට නිසා සතෙක් ඒ වගේ උත්තරයක් දුන්නනම් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක ඒ සතාගෙ අසරණකම නිසා කරන දෙයක් කියල. ඒත් ප්‍රශ්නෙට උත්තරය ඒක නෙමෙයි. සත්තු ආගම් අදහන්නෙ නැහැ. මිනිස්සුත් සත්තු වගේ වැඩ කරනවානම් බුදු දහමෙ කියනව වගේ හැමෝටම සත්වයො කියල තමයි කියන්න වෙන්නෙ. එහෙනම් විමුක්තිය (සදාකාලයටම දුක් කරදර නොමැතිවීම) සියලු සත්වයන්ටම ලැබිය යුතු දෙයක්. මනුෂ්‍යයාට පමණක් තියන විශේෂ බුද්ධි මට්ටම නිසා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. එයින් එක් දෙයක් තමයි, තමන්ට සිදුවෙනවාට අකමැති දෙයක් අනෙක් සත්වයන්ටත් සිදු නොකිරීම සහ සිදු නොවිය යුතුය කියන දෙය. බුදු දහමට අනුව ශාක කියන්නෙ විවිධ සත්වයන්ගේ නිවහනක් පමණයි. ඇතැම් ඇතැම් විශාල ශාක වල එතරම් බලයක් නොමැති දිව්‍ය ස්වභාවයේ සත්වයන් සිටින බව බුදු දහමේ සහ හින්දු දහමේ සදහන් වෙනවා. එවැනි හේතු නිසා විශාල ශාක කැපීමේදී සාම්ප්‍රදායික සිරිතක් විදියට එම ශාකය තමන්ගේ නිවස කරගත් සියලු සතුන්ට එයින් ඉවත් වෙන්න කියල ඉල්ලීමක් කරල තමයි ගස් කපන්නෙ. ශාක වලටත් වේදනාවක් දැනෙනවා කියල කියනවා නම් අපේ ඇගිලි වල නියපොතු කපනකොට අපිට වේදනාවක් නොදැනෙනවා වගේ ශාකයක තිබෙන වියලි ස්වභාවය හේතුවෙන් එයට දැනෙන වේදනාව අඩු බව සිතන්න පුළුවන්. එත් සතුන්ට දැනෙන වේදනාව ඊට වඩා ගොඩක් වැඩියි කියල අපිට පේනවා. බුදු දහමෙ කතාවක් තියනව බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ධර්මය දේශනා කරන්න කලින් කන්න මොනවහරි දෙන්න ඕනෙ කියල. මිනිස්සු ජීවත් උනොත් තමයි මොන සත්‍යක් හරි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ. බුදු දහමෙන් ගිහියන්ට රකින්න කියල දීල තියෙන්නෙ ජීවිතය ගෙනියන්න පුළුවන් විදියෙ සීලයක් විතරයි. ශාක වලට නැවත ඉපදීමක් තියනවා කියල බුදු දහමේ සදහන් වෙන්නෙ නැහැ. නමුත් මං දන්න විදියට උපසම්පදා වෙච්ච බික්ෂූන් වහන්සේලාට ශාක කැපීම පවා බුදු දහමෙ විනය නීති මගින් තහනම් කරල තියනව. බුදු දහම කියන්නෙ අන්තගාමී ආගමක් නෙමෙයි. බුදු දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම ජීවත් වීමේදී අවශ්‍ය වෙනව.
  • Suresh Madusanka  ආගමක් කියන්න එක හැමෝටම සාධාරණ දෙයක් වෙන්න ඕනේ. ඔයා කියන විදියට ඔයාට කියන්න පුළුවන් ඊශ්‍රායලය පලස්තීනයට ගහන නිසා පලස්තීනය ඊශ්‍රායලයට ගහනවා කියල. එත් ඊශ්‍රායලයෙ අය කියන්න පුළුවන් එකේ අනිත් පැත්ත. සුන්නි මුස්ලිම් අය ෂියා මුස්ලිම් අයට ගහන නිසා ෂියා මුස්ලිම් අය සුන්නි මුස්ලිම් අයට ගහන එක ඔයාලගේ ආගම් වල උගන්නන විදියට අනුව සාධාරණයි. එත් ඊට පස්සේ සුන්නි මුස්ලිම් අය කියන්නෙ ෂියා මුස්ලිම් අය අපිට ගහපු නිසා අපිත් ෂියා මුස්ලිම් අයට ගහනව කියලයි. එහෙම ගියොත් ඔය ප්‍රශ්නය කවදාවත් ඉවරවෙන එකක් නෙමෙයි. මුස්ලිම් ආගමේ තරම් සටනට උනන්දු කරපු සහ ආගමේ නාමයෙන් මිනී මරන්න උගන්නපු සහ මිනීමරපු ආගමක් මේ ලෝකෙ නැහැ. ඒවා ගැනත් මං අවස්තාවක් ලැබුනොත් කියන්නම්. ක්‍රිස්තියානි ආගමත් ඒ අතින් දෙවනියට දාන්න බැහැ. ක්‍රිස්තියානි ආගමත් ගොඩක් ආක්‍රමණ වලට මුල් වෙලා තියනවා. යුද්ධ කරන්න නීති හදන්නෙ සාමාන්‍යයෙන් දේශ පාලනය කරන අය. කිසිම බයක් නැතුව මිනිස්සුන්ව මරන්න උගන්නපු සහ එහෙම මරණ අයට දිව්‍ය ලෝකෙ දොරවල් වලින් පළවෙනි දොරෙන්ම ඇතුල් වෙන්න පුළුවන් කියල කියන අයගෙ අමානුෂිකකම ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. දේශපාලනයටවත් සුදුසු නැති නීති ආගමික පොත්වල තියන එකෙන්ම තේරෙන්නෙ ඒ ආගමික පොත් ලියල තියෙන්නෙත් ඒ කාලෙ හිටපු දේශපාලකයන්ගේ උවමනා වලට අනුව ආගමේ නාමයෙන් තමන්ගෙ බලය වැඩි කරගන්න උවමනාවෙන් උමතු වෙච්ච පිරිසක් කියලයි.
  • Mohamed Farzan Suresh Madusanka පරිණාම වාදය වාදයක් වන්නේ විද්‍යාවටයි. මට නෙමෙයි. මට නම් පරිණාම වාදයයේ සාධකයන් දෙවියන්ගේ ඒකීයත්වය තහවුරු කරන දෙයක්. පරිණාම වාදය සත්‍යක් නම් විද්‍යාඥයින් එය නියමයක් බවට පත් කරල ජීවීන්ගේ උප්පත්ති කතාවට තිත තියන්නේ නැත්තේ ඇයි? පරිණාම වාදයේ ගොඩක් ගැටළු තියෙනවා ඒ නිසයි එය තවමත් වාදයක් පවතින්නේ. උදා- ඇයි අද පරිණාමය නැවතිලා තියෙන්නේ?? අවශ්‍ය ජීවීන් පරිණාමය වෙලා ඉවරද?? එනම් එම පරිණාමයේ සීමාව තීරණය කරන්න මේ සියල්ල යම් බුද්ධිමත් ශක්තියකට යටත්ද?? ඔබට ඇයි මේ පරිණාම වාදයේ ගැටළු නොපෙනෙන්නේ ?? පරිණාම වාදය අත හැරියොත් තමන්ට එල්ලෙන්න වැල් නැති නිසයි. පරිණාම වාදය ගොඩ නැගෙන්න ඔබ කියන ආකාරයේ යම් යම් පොසිල සාධකයන් මුල් වුනා. නමුත් එයින් කියන් පරිණාමය වුනා කියල කියවෙන්නේ නැහැ එම පොසිල සාධක එකතු කරල ඩාවින් තමයි පරිණාම වාදය කියල දෙයක් ගොඩනැගුවේ. ඔබ තවත් වැදගත් ගැටළුවක් මතුකරනවා මෙතන. තනි සෛලයකින් ජීවීන් පරිණාමය වුණා නම් ඇයි වෙනස් විශේෂ අතර සංසේචනයෙන් සරු ජනිතයින් බිහි නොවන්නේ ?? න්‍යාය කියන එක වාදයට සමාන වචනයක්. එකම දේ ගැන නිවුටන් හා අයින්ස්ටයින් දෙවිදිහකට කියල තියෙනවා කියල මම කිව්වා. ඒ කියන්නේ නිවුටන් කියපු දේ න්‍යායක් කියන එක සාධාරණයි. ඔනෑම ජීවියෙකුගේ ඩි.එන්.ඒ අණුවේ දාමයකින් කොටසක් ගලවල වෙනත් ජීවියෙකුගේ ඩි.එන්.ඒ අණුවට සම්බන්ධ කරන්න පුළුවන්. මෙතනදි කරන්නේ තිබෙන ජාන හුවමාරු කිරීමක්. ඩි.එන්.ඒ අණුව සියළු ජීවීන්ට පොදුයි. ඩි.එන්.ඒ අණුව පරිණාමය වුනා කියන්න කිසිම සාධකයක් නැහැ. පරිණාමයේ තවත් ගැටළුවක් තමයි මේ ඩි.එන්.ඒ අණුව කොහෙන්ද පහළ වුනේ කියන එක. මම කිව්වනේ කුඩා අනුවර්තන සිදුවෙනවා කියල. ඔබ කියන ගවයන්ටත් එය අදාලයි. ඔබ ඉදිරිපත් කල අප්‍රිකාවේ පෙනහළු මතසයන් අවු ගණනක නියගයට ඔරොත්තු දෙනවා ඒ අතර අනෙක් මත්සයින් සතුන් හා මිනිසුන් ඒයට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහිලා නැහැ බොහෝ මිනිසුන්ට සතුන්ට නියඟයේදී මැරෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන අනුවර්තනය තුලින් පරිසර තත්වයට ගැලපෙන විදිහට පරිණාමයක් වෙලා නැහැ. නැත්තම් අනෙක් ජීවීන් පරිණාමය වෙමින් පවතිනවා. අපි දන්නවා අද පරිණාමයක් සිදු නොවන බව. පොළව යට තැන්පත් වුනු ශාක ගල් අඟුරු, බොර තෙල් නොවෙයි. සාමානයයෙන් කාන්තාර පවතින්නේ සමකයට ආසන්නයේ. හිම වැටෙන්න තරම් සීතලක් තියෙන්න ඇතියි කියල හිතන්න අමාරැයි. මීට අවුරුදු මිලියන ගණනකට පෙරත් හිරු හා පෘතුවිය මේ විදිහටම තිබෙන්න ඇතියි කියල හිතනවා. ඔබ කියන විදිහට අවු 10 000 ක් නොවෙයි අවු මිලියනයක් ගියත් අද අපිට කිසිම අතරමැදි ජීවියෙක් දැකගන්න බැහැනේ. මම කියන්නේ තවමත් පරිණාමය වෙනවා නම් අපිත් එක්ක හොමෝ ඉරෙක්ටස්ලා නියැන්ඩතාල්ලා අනෙකුත් ජීවීන්ගේ අතරමැදි අවස්තාවනුත් ඉන්න ඔනේ.
  • Mohamed Farzan කුර්ආනයේ කොහෙද කියල තියෙන්නේ අල්ලාහ් හත්වෙනි දවසේ නිවාඩු ගත්තැයි කියල???? පොළව මවල ඉවර වෙලා ඉර මැව්වයි කියල කියල නැහැ. තරු වල ආලෝකය අන්ධකාරයේදී තමයි දැනගන්න පුළුවන්. මම අපේ ශරීරයේ බද්ධ කරන්න පුළුවන් වගේම බැරි දේවල් ගැනත් සැළකුවා. ඔබයි අන්තවාදී වෙලා බද්ධ කරන්න පුළුවන් දේවල් ගැන විතරයි බලල තියෙන්නේ. සූරයයා යම් නැවතුම් ලක්ෂයක් දක්වා ගමන් කරනවා කියල. මේ ලක්ෂය මොකක්ද කියල අපි දන්නේ නැහැ. ඇත්තටම චක්‍රාවාටය වටා සූර්යයා වටයක් සම්පූර්ණ කරයිද නැද්ද කියල අපි දන්නේ නැහැ. හේතුව ගණන් බලල තියෙන විදිහට සූර්යයාට චක්‍රාවාටය වටා වටයක් සම්පුර්ණ කරන්න අවු මිලියන 230ක් ගතවෙනවා. කුර්ආනය කියන්නේ විද්‍යා ග්‍රන්ථයක් නොවෙයි. එය මිනිසාගේ මැවුම් කරුගෙන් මිනිසාගේ මග පෙන්වීම සඳහා පහල කරන ලද ජීවන සැළැස්මක්. ඔබට ලොකු ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් කුර්ආනයේ නැති. නමුත් තියෙන දේවල්වල කිසිම අඩුපාඩුවක් ඔබට පෙන්නන්න බැහැ. පෘතුවියත් අයිති වෙනව කියල කිව්වේ සියළු ආකාශ වස්තූන් අතරට පෘතුවියත් අයත් වන නිසයි. තවත් වාක්‍ය ඉදිරිපත් කරන්න පුළුවන් And you see the mountains, thinking them rigid, while they will pass as the passing of clouds. [It is] the work of Allah , who perfected all things. Indeed, He is Acquainted with that which you do. (Al quran 27:88) දුල්කර්නයින් ගැන කියන කොට දුර්කර්නයින් දැකපු දේවල් ගැනයි විස්ථර කරන්නේ. පෘතුවිය ගෝලාකාර බවට සාධක ඔනේ තරම් කුර්ආනයේ තියෙනවා. [He is] Lord of the two sunrises and Lord of the two sunsets.(Al quran 55:17) http://quran.com/55/17 පැතැලි තැටියකට නැගෙනහිරවල් හා බටහිරවල් දෙකක් තියෙන්න බැහැ. එක ප්‍රදේශයකට හිරු බහින විට තවත් ප්‍රදේශයකට හිරු නගිනවා ඒ වගේම පෘතුවියේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ එක් ප්‍රදේශයකට හිරු නගින විට තවත් ප්‍රදේශයකට හිරු බහිනවා. Do you not consider how Allah has created seven heavens in layers And made the moon therein a [reflected] light and made the sun a burning lamp? (Al Quran 71:15-16)http://quran.com/71/15-16 මේ ඔබ කියන වාක්‍ය දෙක. මෙතන කියන්නේ අල්ලාහ් අහස් 7 තට්ටු වශයෙන් නිර්මාණය කලා කියලත් හඳ පාවර්තිත ආලෝකයක් ලෙස හා හිරු
  • Mohamed Farzan ස්ව්‍යංව ආලෝක ලබා දෙන්නක් වශයෙනුත් මැව්වයි කියලයි. ඔබ කියන විදිහට පියවි ඇසින් හඳ තියෙන්නේ තරුවලට යටින්ද උඩින්ද කියල හොයාගන්න බැරිනම් ඒක ඔබේ ඇස්වල තියෙන දෝෂයක් වෙන්න පුළුවන්. මේ අහස් කියන එක ඉස්ලාමයේ අපි විශ්වාස කරන මරණින් මතු බලාපොරොත්තු වන ස්වර්ගයන් නොවෙයි. දිව්‍ය ලෝකවලට මැදින් හඳ සහ සූර්යයා තියෙනවාය කියල කුර්ආනයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. කුර්ආනයේ කියන අහස් හත පෘතුවිය වටා තියෙන ස්ථර නොවෙයි. යම් මුස්ලිම් කෙනෙක් එහෙම කිව්වා නම් මගේ දැනුමේ හැටියට එය වැරදියි. හේතුව, මෙම අහස් මිනිස් බුද්ධියට හසු නොවන ලෙස විශාලව තබා ඇති බව අල්ලාහ් පවසනවා. ඉතින් මිත්‍රයා අහසෙන් අපිට ආරක්ෂාවක් සැළසෙනවා නේ. අල්ලාහ් කිව්වෙත් නැහැ අහසෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා කියල. පොළව මිනිසුන්ට ස්ථාවර තැනක්. පොළව ඇතුළු සියළු ආකාශ වස්තු ගමන් කරනවා කියල පෙර වාක්‍යන්ගෙන් මම පැහැදිලි කලා. පොළව ස්ථාවර තැනක් කියල කියන්නේ මිනිසුන්ටයි. හෙන හඬ දෙවියන්ට ප්‍රශංසා කරනව කියල කියන්නේ දෙවියන්. ඔබටත් එහෙම කියාගන්න අවශ්‍ය නම් කියගන්න පුළුවන්. නමුත් ඔබට ඒ හෙන පාලනය කරන්න බැහැ නේද? අරාබියට වැස්ස අවශ්‍ය නැහැ. වැස්ස නැති වුනත් ඔවුන් සීතලේ තමයි ඉන්නේ. දෙවියන් සියළු දෙනාට සියල්ල දීල නැහැ. විවිධ දේවල් විවිධ පාර්ශවයන්ට බෙදල දීල තියෙන්නේ. ඔබෙන්ම උදාහරණයක් ගත්තොත් අරාබියට වැස්ස නැතත් තෙල්/මුදල් දීල තියෙනවා. ඒ වගේම වායු සමීකරන නිපදවීමේ තාක්ෂණය තවත් පිරිසකට දීල තියෙනවා. අරාබිය මුදල් දීල වායුසමිකරන ගන්නවා. මේ මුදල් මගින් අදාල වායු සමීකරන නිපදවන කම්හල්වල සේවකයින් හා ඔවුන්ගේ පවුල් වල අවශ්‍යතාවයන් ඉටු වෙනවා. අදාල සමාගමේ වායු සමීකරන මගින් අරාබියේ උණුසුමට පිළියමක් ඔවුන්ට ලැබෙනවා. මේ විදිහට හුවමාරුවන් සිදු වීම මගින් තමයි ලෝකයේ සමතුලිතය පාලනය වෙන්නේ. මම පෙර කොමෙන්ටුවෙත් කිවූ පරිදි අදාල වාකයයේ කියන්නේ. කුරුල්ලන්ව වාතයේ පියාඔන්න පුළුවන් විදිහට මවල ලද්දේ අල්ලාහ් කියලයි. මෙලෙස කුරුල්ලන්ව අහසේ තබා ගැනීම විද්‍යාවේ කියන්නේ බනූලී ප්‍රමේයට අනුව තටු වල හැඩය නිසා ඇතිවන පීඩන වෙනස් කමින් කියලයි. විද්‍යාව තියෙන දේවල් වලට එක එක අර්ථකතනයන් දෙනවා. නමුත් කුරුල්ලෝ අහසේ පියැඹුවේ විද්‍යාවටත් කලින්. හඳ තියෙන්නේ අහස් තලවල මැදින් නොවෙයි. හඳ තියෙන්නෙත් පහළ අහසේ තමයි. පහළ අහස තරු වලින් සරසල තියෙනවා කියල කියවා. ඒ කියන්නේ පහළ අහසින් ඔබ්බට තරු නැහැ. මම පෙරත් කිව්වා වගේ මිනිස් යානයක් තවමත් සෞරය ග්‍රහ මණ්ඩලය වත් පහුකරල නැහැ.
  • Mohamed Farzan ඔබ මගෙන් සත්තු මරණ එක ගැන ඇහුවෙත් නැහැ. මම එහෙම උත්තරයක් දුන්නෙත් නැහැ. ඔබේ කොමෙන්ටුවෙන් ඔබ ඒ ගැන මගෙන් අහනවා කියන උපකල්පනය මත මම පිළිතුරක් දෙන්නම්, ඉස්ලාමය මාංශ අනුභවය අනිවාරය කරල නැහැ. අවශ්‍යනම් කන්න පුළුවන් නැත්තම් නිකං ඉන්න පුළුවන්. නමුත් තහනම් කරල නැහැ. හේතුව මේ ලෝකයේ දේශගුණය සළකල බැළුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් සියළු තැන් එක විදිහට වගා කරන්න සක්‍රීක නැහැයි කියල. උදා- කාන්තාරයේ ඉන්න අය, සදා හෝ සෘතුවකට අයිස් වලින් වැසී යන තැන් වල ඉන්න අය, ඝන කැලෑවල ඉන්න අය වගේ අයට වගා කරන ශාක ආහාර මත පමණක් යැපෙන්න බැහැ. මේ නිසා මාංශ ආහාර තහණම් කරන්න බැහැ. යමෙක් එහෙම කරනවා නම් ඔහු ලෝකය ගැන හරි හැටි නොදත් කෙනෙක් වෙන්න ඔනේ. අනෙක් කාරණය අපි සර්වභක්ෂකයින් ස්වභාදහමේ තීරණය අප ශාක හා සත්ව ආහාර යන දෙකම මත යැපිය යුතුයි කියන එකයි. යමෙක් ස්වභාදහමේ නීතිත් අභිබවා යනවානම් එතන සත්‍යතාවයක් කොහෙත්ම තියෙන්න බැහැ. අනෙක අපේ ශරීරයේ ප්‍රෝටීන වර්ගයක් තිබෙනවා අත්‍යවශ්‍ය ප්‍රෝටීන කියල. මේ ප්‍රෝටීන අප දිනපතා ලබා ගත යුතුයි. අද අපි වැඩිපුර ප්‍රෝටීන ගත්තොත් ඒවා මුත්‍රා සමග පිටවෙලා යනවා. ආයිත් අපි ඊලඟ දවසට අවශ්‍ය ප්‍රෝටීන නැවත ඊලඟ දවසේ ලබා ගන්න ඔනේ. යමෙක් සියයට සීයක් ශාක භක්ෂකයෙක් වුනොත් අනිවාර්යයෙන්ම ඔහුගේ/ඇයගේ ශරීරය දුර්වල වෙන්නවා. ශාක ගැන කියනවා නම් ශාක වලටත් දැනීමක් තියෙනවා කියල නවීන විද්‍යාව කියනවා.
  • Mohamed Farzan මේ පිටුවෙම ඇති කවුද ලෝකයේ ගොඩක් ලේ වැගුරුවේ මිනී මැරුවේ කියල දත්ත සමග ලිපියක්. ඒක කියවන්න. ආගමික යුද්ධයන් සිද්ධ වුනේ සුළු ප්‍රමාණයයි. එයින් මිය ගියෙත් සුළු ප්‍රමාණයක්. අනෙකුත් ඒවා දේශපාලනික යුද්ධයන්. අද ජිහාඩයන් පවතින්නේ පලස්තීනයේ ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේයි. ඉස්ලාමයට අනුව තමන්ගේ රට අන්‍යන් ආක්‍රමණය කරන විට එයට විරුද්ධව සටන් කල යුතුයි. එය ජිහාඩයක්. එයින් මිය යන අයට එයට හිමි ආනිසංස ලැබේවි. ඉස්ලාමය කියන්නේ ලොව ඇති එකම අංග සම්පූර්ණ ජීවන සැළැස්ම බව මතක තබා ගන්න.
  • Suresh Madusanka  දෙවියන්ගෙ පණිවිඩකරුවන් කිව්වෙ දෙවියන් විසින් මේ ලෝකෙ මවල දුන්න කියලයි. දෙවියන් මේ ලෝකෙ මැව්වෙ දවස් 6 න් කියලයි කුරානයෙත් තියෙන්නෙ (And indeed, a day with your Lord is like a thousand years of those which you count. [Quran 22: 47]), ඔයා කිව්ව විදියට දැන් ඔයාල ඒ දවස් හත දෙවියන්ගෙ වෙලාවෙන් අවරුදු මිලියන ගණනක් වෙනව කියල කියනව. එත් කුරානයේ දෙවියන්ගෙ දවසක් කියල හදුන්වල තියෙන්නෙ අපේ අවරුදු වලින් 1000 කට ආසන්න කාලයක් විතරයි. ඒ කියන්නෙ පොළව, හිරු සහ තරු ඇතුලත් මේ විශ්වය නිර්මාණය වෙන්න ගතවෙලා තියෙන්නෙ අවරුදු 6000 ක් විතරයි. මං කලින් කියපු විදියට විද්‍යාවට අනුවනම් මහා පිපිරීමකට පස්සෙ මේ ලෝකය හැදෙන්න අවුරුදු බිලියන 9 ක් ගිහිං තියනවා. ඒක නම් වෙන්න පුළුවන්, එත් දෙවිකෙනෙක්ට මේ ලෝකය හදන්න ගිය කාලය එයාගෙ පණිවිඩකරුවන් මගින් කියපු කාලයටත් වඩා වැඩි උන එක ගැන නම් පුදුමයි. දෙවියන්ගේ "ඒකීයත්වය" කියල අලුත් නමක් දාල පරිණාම වාදය ගැන තියන ශාක්ෂි මකන්න හදන්න එපා. විද්‍යාවෙන් කරන්නෙ මේ ලෝකෙ තියන දේවල් පිළිබද සොයා බලන එකයි. මේ ලෝකෙ මිනිස්සුන්ගේ පරිණාමය ගැන හොයාගෙන දැන් මනුෂ්‍යයන්ගේ උප්පත්ති කතාවට නම් තිත තියල ඉවරයි. ඔයා වගේ අයට තියන අන්ධ භක්තිය නිසා ඔයාල ඒක පිළිගන්න කැමති නැහැ. උදාහරණයක් විදියට, මිනිස්සුන්ගෙ ගොඩක් ශාරීරික වෙනස්කම් වෙලා තියෙන්නෙ ජාන වල වෙනස්කම් නිසා කියල විද්‍යාවෙන් හොයාගෙන තිබුනත් ඒක පිළිගන්න කැමති නැති අයට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒත් කව්රු පිළිගත්තේ නැතත් ඒ දේවල් දැන් හොයාගෙන ඉවරයි. මං ඔයාට කිව්ව මෑතකදි ජාන මගින් මිනිස්සුන්ගෙ පරිණාමය ගැන හොයාගත්ත විදිය ගැන, ඒත් ඔයා දැන් කියන්නෙ විද්‍යාව පස්සෙ කලෙක වෙනස් වෙන්න පුළුවන් නිසා දැන් හොයාගෙන තියන දේවල් විශ්වාස කරන්න බැහැ කියලයි.
  • Suresh Madusanka  ඔයා පිළිගන්න අකමැති උනත් විද්‍යාවට අනුව නම් ජානත් පරිණාමය වෙලා තියනව කියල හොයාගෙන තියනව. ඔයාට මං අයෙත් ඒ ගැන කියන්නම්. අපිට ජාන 23 ක් තියනව, ඒත් චින්පන්සීන්ට සහ බොහෝ වානරයින්ට ජාන 24 ක් තියනව. එහෙනම් අපේ මුතුන්මිත්තෙක්ගේ හෝ කිහිප දෙනෙක්ගෙ ශරීරයේ එක ජානයක් අඩුවෙලා තියනව. ඒ ජානෙට මොකද උනේ කියල තමයි හොයන්න තියෙන්නෙ. හැම ජානයකම ක්‍රෝමසෝන දෙකක් තියනවා ඒව වල ඉහල සහ පහල තියනව Telomere කියල ද්‍රව්‍යක්, ඒකෙන් තමයි ක්‍රෝමසෝන වල කෙළවර ආරක්ෂා වෙන්නෙ (http://en.wikipedia.org/wiki/Telomere). ඒ දෙක මැද්දෙ තමයි තියෙන්නෙ Centromere කියන එක, ඒකෙන් තමයි ක්‍රෝමසෝන දෙක මැද්දෙන් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නෙ (http://en.wikipedia.org/wiki/Centromere). අපේ ජාන/ක්‍රෝමසෝන පරික්ෂා කරනකොට අපේ ඇගේ එක ජානයක් විතරක් හැදිලා තියෙන්නෙ වෙනස් විදියකට. ඒ තමයි, අපේ ඇගේ තියන දෙවැනි ජානයේ (ක්‍රෝමසෝන යුගලයේ) මැදත් Telomere කියන ද්‍රව්‍ය තියනවා. ඒ කියන්නෙ ඉහල පහල සහ මැද කියන තැන් තුනේම ඒ ද්‍රව්‍ය තියනව (Modern Genetics Confirms Evolutionhttp://www.youtube.com/watch?v=CexojNPz2cU). ඒකෙ ක්‍රෝමසෝන දෙක සම්බන්ධ වන Centromere කියන තැන තියෙන්නෙ එක පැත්තකට වෙන්නයි. අනිත් පැත්තෙත් සම්බන්ධ වෙන්නෙ නැති නිසා ඒ පැත්තෙ Centromere එක කාලයත් සමග නැති වෙලා තිබුනත් එතනත් Centromere එකක් තිබිල තියනවා කියල සලකුණු (genetic codes) හමුවෙලා තියනවා. චින්පන්සීන්ගේ 12 වන ජානය තමයි 2 ජානයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලත් හොයාගෙන තියනව. එහෙම එකතු වෙච්ච නිසා ඒ ජානය විශාලත්වය අතින් දෙවැනි තැනට ඇවිල්ල තියනවා (Normally a chromosome has just one centromere, but in chromosome 2 there are remnants of a second centromere.). (Human chromosome 2 is widely accepted to be a result of an end-to-end fusion of two ancestral chromosomes.http://en.wikipedia.org/wiki/Chromosome_2_(human)). විද්‍යාවට අනුව කරපු නිගමනය තමයි පරිණාමයේදී ජාන දෙකක් එකතු වෙලා තියනව කියන එක. ඒත් ඔයා වගේ අයට හිතෙන්න පුළුවන් දෙවියන් ඒ විදියට ජානයකුත් මැව්වා කියල. පරිණාමය ඔප්පු වෙන විදියට ජාන මවන්න තරම් දෙවියන්ට මොකක්ද තියන අමාරුව. මං දන්නවා ඔයා වගේ දෙවියන්ට බය ගොඩක් අය මොනවද හිතන්නෙ කියල. මං බුදු දහම වැළදගන්නත් කලින්, 5 වසරේදි විතර අපේ පංතියේ හිටපු කතෝලික යාලුවෙක් එක්ක බුදු දහම ගැන කතා කරන්න හදද්දි එයා ඒ ගැන කතා කරන්නත් බය වෙලා මාව මගහැරිය. එයා මට කියනව මගේ මාර්ගයෙන්/හරහා යක්ෂයා විසින් එයාව පරික්ෂා කරන්න යනවලු. එයාට තියන අන්ධ භක්තිය නිසා සත්‍යට මුහුණ දෙන්නෙ නැතුව පැනල ගියා. බුදුන් වහන්සේ නම් කාලාම සුත්‍රයේ දේශනා කරලා තියෙන්නෙ පොත් වල තිබුන නිසා හෝ දෙමව්පියන් කිව්ව නිසා හෝ ගුරුවරයෙක් කිව්ව නිසා කියල පිළිගන්නෙ නැතුව තමන්ට සහ අනුන්ට යහපතක් වෙනවනම් විතරක් පිළිගන්න කියලයි. ඒක තමයි බුද්ධියට ඉඩ දෙනව කියල කියන්නෙ. ඒත් අන්ධ භක්තිය නිසා බුද්ධියේ වර්ධනයට අවශ්‍ය කරන දැනුම ලබාගන්නත් මිනිස්සු බය වෙලා තියනව. දෙවියන් විසින් ඔයාව පරික්ෂා කරන්න මාව එව්ව කියල හරි මගේ කරුණු එව්ව කියල හරි ඔයා හිතනවානම් ඔයා දෙවියන්ට තියන භක්තිය/භය නිසා මගේ කරුණු වලින් පැනල යන්න පුළුවන් විදියෙ උත්තරයක් හොයාගන්න හදනව හැර ඔයාගෙ විශ්වාසය බිදගන්න ඔයා කැමති නැහැ.

    en.wikipedia.org
    A telomere is a region of repetitive nucleotide sequences at each end of a chromatid, which protects the end of the chromosome from deterioration or from fusion with neighboring chromosomes. Its name is derived from the Greek nouns telos (τέλος) 'end' and merοs (μέρος, root: μερ-) 'part.' Telomere r...
  • Suresh Madusanka  පරිණාමය දැන් නැවතිලා තියනව කියල පට්ට පල් බොරුවක් කියන්න හදන්න එපා. එහෙම දෙයක් විද්‍යාවෙ කියල නැහැ. විද්‍යාවට අනුව තාමත් පරිණාමය සිද්ධ වෙනවා. සරල උදාහරණයක් විදියට, දෙමව්පියන්ට තියන රෝග දරුවන්ට හැදෙන්නෙ/පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන්නෙ දරුවන් දෙමවුපියන්ගෙන් පරිණාමය වෙන නිසයි. මේ වන විට දියවැඩියාව ගොඩක් අයට තියන නිසා අනාගතයේ ඉපදෙන දරුවන්ට දියවැඩියාව ඉක්මනට වැළදෙන්න පුළුවන් කමක් තියනවා. ඒක පරිණාමයේ ප්‍රථමික අවස්ථාවක් කියල කියන්න පුළුවන්. එතනදි වැදගත් වෙන්නෙ එහෙම ඉපදෙන දරුවන්ගෙන් මොන දරුවද කොච්චර සීනි කෑවත් දියවැඩියාව ලෙහෙසියෙන් හැදෙන්නෙ නැති විදියට පරිණාමය වෙන්නෙ කියන එකයි. එහෙම දරුවෙකුගෙ ජාන තියන තවත් දරුවන් බිහිවෙන්න පුළුවන්. ඒ විදියට තමයි ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන විදියට මිනිස්සු පරිණාමය වෙලා තියෙන්නෙ, එත් ඒව අවරුදු 1000 කින් 2000 කින් වෙන දේවල් නෙමෙයි. ඒව සිද්ධවෙන්න අවරුදු ලක්ෂ ගණනක් යනවා. එහෙම තමයි සත්වයන්ගෙ පරම ආයුෂත් අඩු වැඩි වෙන්නෙ. සත්වයන්ගේ සිතත්/සිතුවිලිත් පරිණාමය සදහා බලපානවා. අපිට පෙනෙන සහ නොපෙනෙන අංශූන්ගේ සංකීර්ණත්වය නිසා ක්‍රියාත්මක වූ යන්ත්‍රයක්, එනම් ශරීරයක් තුල පුද්ගලයෙක් සිටිනවා කියල යන්ත්‍රය/ශරීරය විසින්ම සටහන් කරගත් (program කරගත්) දිනයේ සිට එම මුළාව/අවිද්‍යාව නිසා ආරම්භ වූ නොබිදෙන චක්‍රය, එනම් හේතු පල අනුව එකක් හේතු කරගෙන තව එකක් නිර්මාණය වීම නිසා සිදුවූ බැදීම අනුව සකස්වෙච්ච 'සංකාර' (හොද සහ නරක/පං සහ පව්/ 0 and 1 - Machine code (also called binary) is the lowest form of a low-level language of computers, robots and etc) නැමැති ගැටීම් හේතුවෙන් හටගත් 'විඥාණය' (හදුනාගැනීම) සමග පවතින රූපය තවත් රූපයක් සමග ගැටීමෙන් නිර්මාණය වූ ස්පර්ශයෙන් ඇතිවන වේදනාව ප්‍රසන්න සහ අප්‍රසන්න හෝ දුක සහ සැප වේදනාවන් ලෙස වෙන් කරගැනීම හේතුවෙන් සැප වේදනා ලබාගැනීම සදහා අවශ්‍ය පරිදි එහි පැවැත්ම පරිසරයට අනුව වෙනස් කරගැනීමත් ජීවීන්ගේ පරිණාමයට එනම් 'සලායතන' (ඇස, කන වැනි ආයතන) නිර්මාණය වීමට හෝ වෙනස් වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
  • Suresh Madusanka  පරිණාමය බොරුවක් කියල කියපු එක්කෙනා දැන් පරිණාමයේ සීමාවක් ගැන කතා කරනව. ඒක තමයි මං කලිනුත් කිව්වෙ එක බොරුවක් වහගන්න තව බොරු 1000 ක් කියාන්න වෙනව කියල. පරිණාමයට සීමාවක් තියනව කියල ඔයා කියනව කියන්නෙ ඔයා පරිණාමයක් සිද්ධ වෙලා තියනව කියන එක පිළිගන්නවා කියන එකම තමයි. ඒක නිසා දෙවියන් / බුද්ධිමත් ශක්තියක් / බුද්ධිමත් නිර්මාණකරුවෙකු (intelligent designer) විසින් පරිණාමට සීමාවක් දාලා තියනවා කියල අලුත් කතාවක් හදන්න ගිහිං නිකං චාටර් වෙන්න එපා. එල්ලෙන්න වැල් නැතිවෙලා තියෙන්නෙ පරිණාමය බොරුයි කියල කියන්න හදන අයටයි. සත්වයන් සහ මේ මුළු විශ්වයේම පරිණාමයක් සිද්ධ වෙලා තියනව සහ දැනටත් සිද්ධ වෙනව කියල ඔප්පු වෙලා තියන නිසා මැවුම්වාදය කියන්නෙ පට්ටපල් බොරුවක් කියල ඔප්පු වෙන නිසා ඒ අයට එල්ලෙන්න තැනක් නැතුව සත්‍යට ගැළපෙන විදියට තමන්ගෙ ආගමේ ඉගැන්වීම් වලට අලුත් අර්ථකතනයන් දෙන්නත් උත්සහ කරනවා. ජාන තාක්ෂනය සොයාගත්තට පස්සේ පරිණාමය ගැන තිබුණු සාධක වල නිවැරදි බව තවදුරටත් තහවුරු වෙලා තියනව. පරිණාමය කියන්නෙ සාධක මගින් ඔප්පු කරන්න පුළුවන් වෙච්ච දෙයක්, එහෙම නැතුව අපිට බැහැනෙ අතීතෙට ගිහිං බලන්න. පරිණාමය ගැන කව්රු කලින් කිව්වද කියන එක වැදගත් නැහැ. බුදු රජාණන් වහන්සෙත් පරිණාමය ගැන කියල තියනව වෙනස් විදියකට. ඒ තමයි, ලෝක විනාශයක් සිද්ධ උනාම සත්වයන් ආභස්වර නැමැති බ්‍රහ්ම ලෝකයට ගමන් කර අවරුදු ගණනාවකට පස්සෙ නැවතත් ලෝකයක් බිහි උනාම දිව්‍ය ස්වභාවයේ (එනම් සාමාන්‍ය මූලද්‍රව්‍ය නොවන ද්‍රව්‍යයකින් සැදුණු) සතුන් විදියට පොළවට ඇවිල්ල මුල් කාලයේදී පොළවේ තියන දියර වර්ගයක් ආහාරයට අරගෙන තියනවා. ඊට පස්සෙ අවරුදු දහස් ගණනක් ගියාම පොළවේ හතු (mushroom) වර්ගයක් බිහිවෙලා තියනව. ඒවා තමයි ඊළගට ආහාර කරගෙන තියෙන්නෙ. මුල් කාලෙ ගැහැණු පිරිමි කියල වෙනසක් තිබිලත් නැහැ. පස්සෙ කාලෙක ඒ ජීවීන්ගේ ශරීරයේ ඝණත්වය වැඩි වෙලා තියනවා. ඒ වගේ අවරුදු දහස් ගණනක් ගතවීමත් සමග සත්වයන් විවිධ විධියට පරිණාමය වෙලා තියනවා. පොළවේ තියන අමුද්‍රව්‍යත් දිව්‍ය ස්වභාවයේ ශරීරයට එකතු වෙලා තියනවා.
  • Suresh Madusanka  මිනිස් රූපයට ආසන්න රූපයක් තිබුනත් වානර ලක්ෂනත් තිබෙන පොසිල ගොඩක් හම්බවෙලා තියන නිසා මිනිස් රූපයට ආසන්න නමුත් වනර ලක්ෂණත් තිබෙන විවිධ ජීවීන්/සත්වයන් වර්ග කිහිපයක් මේ ලෝකේ ඉදල තියනව කියන එකට කිසිම සැකයක් නැහැ. අපිට දැනට ඒ වගේ නියන්ඩතාල් මානවය වැනි ඉතා හොද අතරමැදි අවස්තාවන් හම්බවෙලා තියෙද්දිත් තව මොකටද ඒවා වලත් අතරමැදි අවස්තාවන් ගැන අහන්නෙ. එත් අපිට හමු නොවුණු තවත් අතරමැදි අවස්තාවන් තියෙන්න පුළුවන්. වානර මිනිස්සුන්ගේ තාක්ෂණික හැකියාව නිසා බුද්ධිය අතින් වෙනත් සත්වයන්ට වඩා වේගයෙන් අද ඉන්න මිනිසුන් බවට පාරිනාමය වෙලා තියනව කියල හිතන්න පුළුවන්. එකම සම්බවයක් තිබුන නමුත් පරම්පරාවන්ගේ ව්‍යාප්තිය අනුව වෙනස් උන විවිධ වර්ග වල මානවයන් සමගාමීව පරිණාමය වෙලා තියන බව අපිට පෙනෙනව බටහිර, චීන සහ අප්‍රිකා වැනි ප්‍රදේශ වල මිනිසුන්ගෙ තිබෙන වෙනස්කම් දිහා බැලුවමත්. විවිධ වදුරු වර්ග දිහා බැලුවම අපිට පේනවා ඒ වදුරන්ගේත් අතරමැදි අවස්ථා තියනවා කියල. මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ගෙන් දුරින් හෝ අපිටත් නෑදෑකම් තියනවා කියල කියන්න පුළුවන් විදියෙ මිනිස් හැසිරීම් වලට සමානකම් කියන සත්වයන් කොට්ටාශයක් විදියට වානර වර්ග හදුන්වන්න පුළුවන්. මිනිස්සුත් ඔලුවේ ඉන්න උකුණො අරන් දානවා වගේම ළමයින්ගෙ ඔලුවේ ඉන්න උකුණෝ අයින්කරන වදුරු අම්මලවත් මං දැකල තියනවා. ලංකාවෙත් බලන්ගොඩ ප්‍රදේශයෙන් ප්‍රාග් අයිතිහාසික මානවයන්ගේ පොසිල ගොඩක් හම්බවෙලා තියනවා. වෙනස් සත්ව විශේෂ අතර තියෙන්නෙ බොහෝ දුරට වෙනස් විදියෙ ජාන, ඒක නිසා ඒ සත්වයන් එකට එකතු උනාට සරු ජීවියෙක් නිර්මාණය නොවෙන්න පුළුවන්, නමුත් වෙනස් විශේෂ එකතු වෙලා වෙනස් විදියෙ ජීවීන් බිහිවෙලත්. උදාහරණයක් විදියට අශ්වයා සහ ෆෝනියා එකතු උනාම කොටළුවා කියල සත්වයෙක් ඉපදෙනවා. එත් කොටළුවා කියන්නෙ අශ්වයෙකුත් නෙමෙයි ෆෝනියෙකුත් නෙමෙයි. නමුත් එකම විශේෂයේ විවිධ වර්ගවල සතුන් එකතු වෙලා සරු ජනිතයන් බිහිවෙනවා. ඔයාගෙ තර්කයේ කිසිම තර්කයක් නැහැ. දෙන දෙයක් කාල වෙනදේ බලාගෙන ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න නම් හොදයි ඔයාගෙ ඒ තර්කය. ජාන හැදිලා තියෙන්නෙ ප්‍රෝටීන එකතු වෙලයි. ප්‍රෝටීනයක් හැදෙන්න නම් අවම වශයෙන් පරමාණු 50 ක් වත් එකතු වෙන්න ඕන වෙනවා. ඒ විදියෙ ප්‍රෝටීන තියන දියරයක් මගින් අපිට පෙනෙන සත්වයන්ගේ ආරම්භයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රෝටීන නිර්මාණයට ඇමයිනෝ ඇසිඩ් උපකාරී වෙනවා. ඒක නිසා ඇමයිනෝ ඇසිඩ් කියන සංයෝගයේ බිහිවීමත් ජීවීන්ගේ ආරම්භයට හේතු වෙලා තියනව කියල පිළිගැනීමක් තියනවා. ඇමයිනෝ ඇසිඩ් කියන්නෙ ගොඩක් සංකීර්ණ රසායනික සංයෝගයක් නොවන නිසා ඒක මේ පරිසරයේ තිබෙන රසායනික ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාවන් මගින් නිර්මාණය වෙන්න හැකියාවක් තියනවා.
  • Suresh Madusanka  හැම සත්වයාම පරිසරයට අනුව සාර්ථකව අනුවර්තනය වෙලා නැහැ, ඒවට හේතු තමයි සත්වයන් විවිධ කාල වලට වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම සහ එකම විශේෂයේ සත්වයන් විවිධ ප්‍රදේශ වල ඇති විවිධ පරිසර තත්වයන් වල බහුලව ජීවත් වීම. ඒ කියන්නෙ, සත්වයන්ගේ ව්‍යාප්තිය සිද්ධ වෙලා තියන විදියත් පරිණාමයට බලපානවා. මිනිස්සුන්ට නියගය බහුලව බලපාන දෙයක් නෙමෙයි. ඒක නිසා මිනිස්සු පුරුදුවෙලා තියෙන්නෙ වැඩිපුර කාල ජීවත් වෙන්නයි. අනිත් කාරණය නියගයකදි මිනිස්සුන්ගෙන් කුඩා පිරිසක් විතරයි ආහාර නැතුව ගොඩක් අසරණ වෙන්නෙ එහෙම අයගෙනුත් සුළු පිරිසකට විතරයි මන්දපෝෂණය වැනි තත්වයක් නිසා මැරෙන්න සිද්ධ වෙන්නෙ. බොහෝ මිනිස්සුත් විවිධ සත්වයන්වත් ආහාරයට ගන්න නිසා ආහාර නැති කාල වලට ඔරොත්තු දෙන විදියට පරිණාමයක් වෙන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැහැ. අනිත් දේ තමයි මිනිස්සුත් එක තැනක ඉන්න ජාතියක් නෙමෙයි. ආහාර නැති පළාත් අතහැරලා වෙනත් පළාත් වලටත් ගමන් කරන නිසා එකම පරම්පරාවක් එක දිගට දුෂ්කර ජීවිත ගත කරන්නෙ නැහැ. ඒ නිසා මිනිසුන් තුල ඒ අතින් සැළකිය හැකි පරිණාමයක් සිද්ධ වෙන්නෙ නැහැ. නමුත් බුද්ධි වර්ධනය අතින් නම් සැළකිය යුතු පරිණාමයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් පැහැදිලි වෙනසක් දකින්න නම් අවරුදු දහස් ගණනක් ගතවෙන්න පුළුවන්. බොරතෙල් හැදිලා තියෙන්නෙ අවරුදු මිලියන ගණනකට පෙර ජීවත් වූ සත්වයන්ගේ සහ ශාක වල කොටස් දිරාපත් වෙලා, එනම් බැක්ටීරියා මගින් වියෝජනය වෙලා කියල මට නිකං හිතුන නිසා කියපු දෙයක් නෙමෙයි. මං ඒක පාසලේදීත් ඉගෙනගෙන තියනවා (Oil formed from the remains of marine plants and animals that lived millions of years ago, even before the dinosaurs. The tiny organisms fell to the bottom of the sea. Bacterial decomposition of the plants and animals removed most of the oxygen, nitrogen, phosphorus and sulfur from the matter, leaving behind a sludge made up mainly of carbon and hydrogen. http://chemistry.about.com/.../oil-comes-from-dinosaurs...).

    chemistry.about.com
    The notion that petroleum or crude oil comes from dinosaurs is fiction. Surprised? Oil formed from the remains of marine plants and animals that lived millions
  • Suresh Madusanka  දෙවියන් 7 වන දවසෙ නිවාඩු ගත්ත කියල කුරානයේ නැත්තෙ සමහර මෝඩ කතා මිනිස්සු විශ්වාස කරන්නෙ නැති බව කුරානය ලියපු අය දන්න නිසයි. කොහොම උනත් කුරානයෙ ලියල තියන ගොඩක් දේවල් ඒ කාලෙ මේ ලෝකෙ තිබුන දැනුමෙම කොපියක් කියල පැහැදිළිව පෙනෙන නිසා කුරානයටත් ඒ කතාව වලංගුයි කියල කියන්න පුළුවන්. 7 වන දවසෙ නිවාඩු ගත්ත කියල (පරණ ගිවිසුමට අනුව) සදහන් වෙනවා. “And God rested on the seventh day from all his works.” [Hebrews 4:1-11]. කොහොම උනත් කුරානයට අනුව පළමු දවස් දෙක තුලදී තමයි පොළව මවල තියෙන්නෙ ("Him who created the earth in Two Days" [Quran 41: 9], "He set on the (earth) Mountains standing firm high above it, ... in FOUR DAYS…" [Quran 41: 10] ), එත් විද්‍යාවට අනුව big bang එක සිද්ධ වෙලා අවරුදු බිලියන 9 කට පස්සෙ තමයි පෘතුවිය හැදිල තියෙන්නෙ, ඒ කියන්නේ ඒ දවස් දෙක අවරුදු බිලියන 9 ක් විදියට සැලකුවොත් කුරානයේ තියන විදියට පොලවේ තියන අනිත් දේවල් නිර්මාණය කරන්න තවත් දවස් හතරක් එනම් අවරුදු බිලියන 18 ක් යන්න ඇති කියල සලකන්න සිද්ධ වෙනව. එත් මේ පෘතුවියට තාම වයස අවරුදු බිලියන 4.5 ක් විතරයි. එහෙනම් කුරානයේ කියන 6 න් තාම දවස් 3 යි ඉවරවෙලා තියෙන්නෙ. එහෙම බැලුවත් විශ්වය නිර්මාණය කෙරුවයි කියල කියන දවස් ගණනෙ පැහැදිළි වැරැද්දක් පෙනෙනවා. දිව්‍ය ලෝක මවල ඉවරවෙලා ඒ මැද්දෙන් හද සහ ඉර හැදුව කියල කුරානයේ තියන නිසයි මං කිව්වේ ඉර පෘතුවියට පස්සෙ මැව්වා කියල කුරානයේ තියනවා කියල ( '... created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp [Qur'an 71:15-16]'). කුරනයට අනුව නම් දිව්‍ය ලෝක වලටත් කලින් තමයි පොළව මවල තියෙන්නෙ. සූර්යාගේ නැවතුම් ලක්ෂයක් අපේ චක්‍රාවාටය තුල නම් නැහැ. සූර්යාට අපේ චක්‍රවාටය වටේ එක වටයක් ගමන් කරන්න අවරුදු මිලියන 240 ක් ගතවෙනවා. ඉතින් සූර්යාට දැනට වයස අවුරුදු මිලියන 4600 (බිලියන 4.6) ක් වෙන නිසා සූර්යා මේ වන විට අපේ චක්‍රාවාටය වටේ තියන කිසිම නැවතුම් ලක්ෂයකට වැදිල නවතින්නෙ නැතුව යහතින් වට 19 ක් විතර ගිහිං තිනනවා. කොහොම උනත් කුරානයේ තියෙන්නේ ඔයා කියන විදියෙ නැවතුම් ලක්ෂයක් ගැන නෙමෙයි. කුරානයේ තියෙන්නෙ ඉර පෑව්වට/උදාඋනාට පස්සෙ බැහැගෙන ගිහිං පොළවට යටින් නවතිනව කියලයි (And the sun runs [on course] toward its stopping point. [Quran 36: 38]). ඒක තහවුරු කරන්න පුළුවන් විදියෙ දෙබසක් 'හදීත්' (Hadith) වල සදහන් වෙනවා. ඒ දෙබසෙ තියනවා, "ඉන්පසු දෙවියන්ගේ පණිවිඩකරු (Prophet) උත්තර දුන්නා, බැසයාමෙන් පසුව, ඉර නැවතිලා වැතිර සිටිනව දෙවියන්ගේ බලයට යටත්ව/සෙවනේ (Aro’sh) සහ බලා සිටිනව දෙවියන්ගේ (Allah's) විදානය/අවසරය ලැබෙනකන් නැවත නැගෙනහිරෙන් උදා වීම සදහා. ඉරට නැවත උදාවෙන්න අවසරයක් නොලැබෙන දවසක් පැමිණෙනවා.." (Then Prophet (SA) replied, “After setting, the sun remains prostrated under Allah’s Aro’sh and waits for Allah’s command for rising again in the East. Day will come when sun will not get permission to rise again ..” [Sahih Bukhari Volume 4, Book 54, Number 421]).
  • Suresh Madusanka  පෘථුවිය ගෝලාකාර බව කුරානයේ කියනව කියල ඔයා පෙන්නන වාක්‍යය කුරානයෙන් කියපු (අදහස් කරපු) දෙයෙහි නිවැරදි අදහසත් සමග සිදුවූ පරිවර්තනයක් කියල කියන්න බැහැ. බටහිර, මැදපෙරදිග සහ නැගෙනහිර කියන සෑම කලාපයකම සමකයට දුරින් තිබෙන බොහෝ රටවල් වල ඉර පායන ස්ථානය ඍතුවෙන් ඍතුවට වෙනස් වෙනවා. ඒ කියන්නෙ ගිම්හානය (summer) ආරම්භයේදී ඉර නැගෙන ස්ථානය සහ ශීත ඍතුව (winter) ආරම්භයේදී ඉර නැගෙන ස්ථානය තියෙන්නෙ තැන්/ස්ථාන දෙකක. ඒ වගේම ගිම්හානය (summer) ආරම්භයේදී ඉර බැසයන ස්ථානය සහ ශීත ඍතුව (winter) ආරම්භයේදී ඉර බැසයන ස්ථානය තියෙන්නෙත් තැන් දෙකක. ඒවාට තමයි ඉර උදාවෙන ස්ථාන දෙක සහ ඉර බැසයන ස්ථාන දෙක කියල හදුන්වන්නෙ. ඔයා කියවල තියෙන්නෙ 'Sahih International' කියන පරිවර්තනය විතරයි. ඒ පරිවර්තනය කියෙව්වට නියම තේරුම එකෙන් තේරුම් ගන්න බැහැ. 'Muhsin Khan' ගෙ පරිවර්තනයට අනුව "(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි (ගිම්හානය (summer) සහ ශීත ඍතුව (winter) ආරම්භයේදී ඉර නැගෙන ස්ථානයන්හි) සහ බටහිරවල් දෙකෙහි (ගිම්හානය සහ ශීත ඍතුව ආරම්භයේදී ඉර බැසයන ස්ථානයන්හි) අධිපතිය/ස්වාමියා"
    (He is) the Lord of the two easts (places of sunrise during early summer and early winter) and the Lord of the two wests (places of sunset during early summer and early winter). ඒක නිසා, ඍතු (seasons) අනුව සිදුවන හිරු උදාවීමේ සහ බැසයාමේ ස්ථාන දෙකක් ගැන මිසක්, ලෝකයේ දෙපැත්තෙ ඉන්න අයට ඉර වේලාවන් දෙකකදි පායනව කියල ඒ වාක්‍යයෙන් කියවෙන්නෙ නැහැ. මේ ලෝකෙ ගෝලාකාර නිසා දෙපැත්තක විතරක් නෙමෙයි කොතැනක හිටියත් නැගෙනහිර හෝ බටහිර තියෙන්නෙ තමන් සිටින තැනට සාපේක්ෂව වන නිසා මේ ලෝකෙ හතරවටේ හතරදෙනෙක් හිටියොත් ඒ හතරදෙනාට පෙනෙන නැගෙනහිරවල් හතර සහ බටහිරවල් හතර එකිනෙකට වෙනස්. එහෙම කියල අපිට කියන්න බැහැනෙ මේ ලෝකෙ නැගෙනහිරවල් හතරකුයි බටහිරවල් හතරකුයි තියනව කියල. ඒ වගේම තමයි මේ ලෝකෙට නැගෙනහිරවල් දෙකකුයි බටහිරවල් දෙකකුයි තියනව කියල කියන්නත් බැහැ. ඍතු දෙකක් ගැන තමයි කුරානයේ කියල තියෙන්නෙ.
  • Suresh Madusanka  හද සහ ඉර තිබෙන්නෙ දිව්‍ය ලෝක වලට මැද්දෙන් කියල තමයි කුරානයේ තියෙන්නෙ, ඔයා එහෙම නැහැ කිව්ව කියල ඒක වෙනස් වෙන්නෙ නැහැ. ඔයා දැන්වත් හරියට කියවල බලන්න, දෙවියන් දිව්‍ය ලෝක 7 එක උඩ එක හැදුව, සහ හද ආලෝකයක් ලෙස ඒවා (දිව්‍ය ලෝක 7) මැද (MIDST) තැබුවා. අනිවාර්යෙන්ම අපි ළගම දිව්‍ය ලෝකය තරු වලින් සැරසුවා ("Allah has created the seven heavens one above another, 'And made the moon a light in their MIDST, and made the sun as a (Glorious) Lamp," [Qur'an 71:15-16] "Surely We have adorned the nearest heaven with an adornment, the stars" [Qur'an 37:6]). ඒ කියන්නේ තරු තිබෙන්නෙ පහළම දිව්‍ය ලෝකයේ වන නමුත් හද සහ ඉර තිබෙන්නෙ දිව්‍ය ලෝක 7 මැද්දෙයි. හදත් අයිති වෙන්නෙ පහළම දිව්‍ය ලෝකයට නම් මොකටද මැද්දෙන් තිබ්බ කියල කියන්නෙ. තරු වලට යටින් හද තැබුව කියල නොකිව්වත් තරුත් සමග පහල දිව්‍ය ලෝකය තුලම හදත් තැබුව කියලවත් කියන්න තිබුනනෙ. අහස් 7 කියන්නෙ ඉස්ලාම් අය යෑමට බලාපොරොත්තු වන ස්වර්ගයන් 7 ක් නෙමෙයි කියල ඔයා කිව්වත් ඒ දිව්‍ය ලෝක 7 න් පළවෙනි දිව්‍ය ලෝකයේ තියන සැප මනුෂ්‍ය ලෝකයේ හොදම/සැපම ජීවිතයකට වඩා සිය ගුණයක් හොදයිලු, ඒ විදියට ඉහලට යනකොට අනිත් දිව්‍ය ලෝක වල සැප/සතුට තවත් වැඩි වෙනවලු. අන්තිමට එනම් ඉහළම තියන 7 වන දිව්‍ය ලෝකයේ තියන මාලිගාවන් හදල තියෙන්නෙ සුර දූතයන් විසින් රත්තරං වලින්ලු (http://en.wikipedia.org/wiki/Heaven -Islam). ඒ කියන්නෙ 7 heavens කියන්නෙ දිව්‍ය ලෝකයන් 7 කට මිසක් අහසවල් 7 කට නෙමෙයි. වායු ගෝලය කියන්නෙ අපිට අත්‍යවශ්‍ය දෙයක්. වායුගෝලය සහ වෙනත් වායු ස්ථර තිබුණෙ නැත්නම් මනුෂයන් වැනි සත්වයන්ට කොහොමත් ජීවත් වෙන්න හැකියාවක් නැති වෙනවා. ඒක අපි හැමෝම දන්න කාරණයක්. අපි දැනටත් ජීවත් වෙන්නෙ එහෙම ආරක්ෂාවක් තිබුණ නිසයි. නමුත් ඊට වඩා වැඩි ආරක්ෂාවක් අහසෙන් ලැබෙන්නෙ නැහැ. අහස වහලයක් වගේ අපිව ආරක්ෂා කරනවා කියල කියනවනම්, එහෙම කියන්න ඕනෙ අපිට දැනට තිබෙන ආරක්ෂාවක් ගැන නෙමෙයි. උල්කාපාත වැනි දෙයකින්නුත් අපිව විනශ නොවන විදියට ආරක්ෂාවක් තියනවනම් කමක් නැහැ. නමුත් එහෙම ආරක්ෂාවක් අහසේ නැහැ. දැනට අපිට අහසෙන් යම්කිසි ආරක්ෂාවක් තියනව කියල කව්රුත් අපිට කියන්න ඕනෙ නැහැ. මොකද ඒක සාමාන්‍ය දෙයක් විතරයි. පොළව ගමං කරනව කියල කුරානයේ නම් නැහැ ඔයා සදහන් කරේ උපකල්පනයක් විතරයි. ඔයා කිව්වේ ඉර ගමන් කරන බව කුරානයේ කියල තියන නිසා ඉරත් එක්ක පොළවත් ගමන් කරනවා කියල කියවෙනවා කියලයි. එත් කුරානයේ තියෙන්නෙ ඉර පොළවට උඩින් පථයක ගමන් කරනව කියලයි. පොළවත් ඉරත් සමග ගමන් කරනව කියල කුරානයේ ලියල නැහැ.

    en.wikipedia.org
    Heaven, the Heavens or Seven Heavens, is a common religious, cosmological or transcendent place from which heavenly beings (such as a God, angels, the jinn, and sky deities like King or Queen of Heaven, Heavenly Father, Heavenly Mother, Son of Heaven, heavenly saints or venerated ancestors) originat...
  • Suresh Madusanka  දෙවියන් තෙල් දීල තියෙන්නෙ අරාබියට විතරක් නෙමෙයි. ඇමරිකාවෙත් අවරුදු 50 කට වඩා පාවිච්චි කරන්න පුළුවන් විදියේ තෙල් නිදි/උල්පත් තියනවා. ඒත් ඇමරිකාව ඒවට තාම අතවත් තියල නැහැ. ලෝකෙ අනිත් රටවල් ඔක්කොගෙම තියන රත්තරං (සංචිත?) ප්‍රමාණයට වඩා වැඩි (හෝ ඉතා ආසන්න) රත්තරං ප්‍රමාණයකුත් තනි ඇමරිකාව සතුව තියනවා. මෑතකදි ලංකාවෙ තෙල් නිදියක් හොයාගෙන තියනවා. ඒකෙන් තෙල් ගන්න අවශ්‍ය කරන තාක්ෂණය මේ වන විට ලංකාවට ගෙන්වගන්න යනවලු. ඔයා දැන් අරාබියේ තෙල් බලය ගැන කතා කරත් තෙල් භාවිතා කරන්න කලින් මැදපෙරදිග ප්‍රධාන අදායම් මාර්ගයක් විදියට වෙළදාම් කටයුතු භාවිතා උනත් ඒ සදහා එක දිගට සිදුවූ විදේශ ආක්‍රමණ වලින් වස්තුව කොල්ල කෑම සහ එම ආක්‍රමණ වලින් අල්ලාගත් වහලුන්ව වෙළදාම් කිරීම වගේ දේවලුත් බහුලව සිද්ධ උනා. ඒ කාලෙ තිබුණෙ තෙල් බලය නෙමෙයි, යුධ බලයයි. කාලෙන් කාලෙට රැල්ල වෙනස් වෙන එක විතරයි සිද්ධ වෙන්නෙ, ඔයා හිතන විදියට දෙවියන් විසින් බෙදල දුන්න දෙයක් නැහැ. මේ ලෝකෙ තියන දේවල් මිනිස්සුන් විසින් පාවිච්චි කරන විදිය සහ කාලය තමයි වෙනස් වෙන්නෙ. ඔයා කියල තියන විදියටත් විද්‍යාවට අනුව කුරුල්ලන්ගෙ හෝ ගුවන්යානා වල තිබෙන තටු වල පහල වක්‍රාකාර හැඩයක් හේතුවෙන් ඉහල පීඩනයට වඩා පහල පීඩනය වැඩි නිසා වායු පීඩනය මගින් ඉහලට තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. ඒත් ඒව කව්රුහරි අල්ලගන ඉහල තියාගෙන ඉන්නව කියල කියන්න බැහැනෙ. ඒක දෙවියන්ගෙ ප්‍රතිහර්යක් කියල කියපු එක තමයි වැරැද්ද. උඩ පැන්නම බිම වැටෙන එකත් ප්‍රාතිහාර්යක් විදියට සළකන්න තිබුණ මේ ලෝකෙ පදාර්ථ/අංශු අතර ආකර්ෂණක් හා විකර්ශනක් සිද්ධ නොවුනානම්/නොතිබුනානම්.
  • Suresh Madusanka  ශාක විතරක් ආහාරයට ගන්න සතුන් ඕන තරම් ඉන්නවා. ශාක ආහාරයට ගත්ත කියල ජීවත් වෙන්න බැරි තරමටම ශරීරය දුර්වල වෙන්නෙ නැහැ. අලින්ට නම් ඕනවටත් වඩා ශක්තිය තියනවා. මාංශ ආහාරයට ගත්තට ප්‍රශ්නයක් නැහැ, ඒත් අපි උදුරගන්නෙ තවත් ජීවියෙකුගෙ ජීවත් වීමේ අයිතියක්. ඒක තමයි වැරැද්ද. සතුන් මරණ එකෙන් සතාට විතරක් නෙමෙයි තමාටත් හානියක් වෙන්න පුළුවන්. මේ ලෝකෙ ඉන්න සත්තුත් කන්න නැති කමට මරාගෙන කනව තමයි. ඒත් ඒකෙ පොඩි හරි වැරැද්දක් තියනවා කියල තේරුම් අරගෙන තමා විසින් සතුන් මරන්නෙ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සහ කරන්න ඕනෙ. මං ප්‍රතිපත්තියක් විදියට අවරුදු ගානක ඉදල උයපු නැති හෝ වේලපු නැති මස් සහ මාළු ජාති ගේන්න කඩවල් වලට යන්නෙ නැහැ. එත් මට කන්න ලැබෙන දේවල් මං කනවා. බුදු දහමට අනුව, විශේෂයෙන් යම් පුද්ගලයෙක් සදහා මරපු සත්වයන් ඒ පුද්ගලයා විසින් මිලදී ගැනීමෙන් ඒ පුද්ගලයටත් ලොකු පවක් සිද්ධ වෙනවා. ඒත් පොදුවේ විකුණන තැනකින් මිලදී අරගෙන ආහාරයට ගත්තට කමක් නැහැ කියල තමයි තියෙන්නෙ. බුදුන් වහන්සේගේ මැදුම් පිළිවෙතට අනුව එහෙම අවසරයක් දුන්නට ඒ අවසරය අනවශ්‍ය විදියට භාවිතා කරන්නත් හොද නැහැ. සතුන් මරණ එක වැරදි බව මනස විකෘති නොකරපු පුංචි දරුවන්ගෙ සිත් වලට හොදට දැනෙනවා (මස් කන හැමෝම විනාඩියක් මේ පුතාට කන් දෙන්න https://www.youtube.com/watch?v=7fNTooN5UMM). කන්න ඕන උනාම කබරගොයාවත් තලගොයා කරගන්න එක හොද වැඩක් නෙමෙයි.
  • Suresh Madusanka  ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික යුද්ධයන් වලට ප්‍රධාන හේතුව උනේ තමන්ගෙ ආගම පමණක් නිවැරදියි කියල හිතපු මානසිකත්වයයි/අධික විශ්වාසයයි. ඒක නිසා තමයි බලහත්කාරයෙන් හෝ තමන්ගෙ ආගම පතුරවන්න දැඩි උත්සහයක් ගත්තෙ. ඒවා වලට බලපාපු ආගමික ඉගැන්වීම් ගැන සහ ඕනෑම වෙලාවක පාට මාරු කර අන්‍ය ජාතීන්ට එරෙහිව සටන් කිරීමට අවසරය දෙන ඉගැන්වීම් ගැනත් වෙනම ලොකු විස්තරයක් කරන්න පුළුවන්. විස්තරය ලොකු වැඩි නිසා ඒව ගැන දැන් කතා කරන්න බැහැ. ඒ ඉගැන්වීම් වලින් ටිකක් පහළ තියන වෙබ් පිටුවේ පහළම හරියේ English වලින් ලියල තියනව http://bauddha-tharka.blogspot.com/.../bauddha-tharka....

    bauddha-tharka.blogspot.com
    Sameed Mohamed Mohamed Siyan suraj mahattaya mama al-qurhanaya gena witharak katha kare netha...obata ma sanatha karana de boruwak yey oppu kireemata puluwan nam INSHA ALLHA mama bouddhaga welada deneemata lhesthi....mama anek muslim sahodarayan wenuwen katha kare ne...ma pawasanne meyay ma al-qurah...

Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/2014/05/bauddha-tharka-islam-bakthikayan-samaga.html

Previous page: http://bauddha-tharka.blogspot.com/2014/02/bauddha-tharka-islam-bakthikayan-samaga_17.html