මිනිස් බුද්ධිය ක්‍රියා කරන හැටි! යහළුවන් දෙදෙනෙක් ගමනක් ගියෝය. ඔවුන් දෙදෙනා නගරයක් මැදින් යන විට අලිබෙටි වගයක් දුටුවෝය. එවිට එක් යාහළුවෙක් අනෙකාට මෙසේ කිවේය. “මෙතනින් අලියෙක් ගිහින් තියෙන්න ඕන නේද?” එවිට අනෙකා එය පිළිගනිමින් මෙසේ කිවේය, “ඔව් බන් මාත් හිතනවා එහෙම වෙන්ඩ ඕන” යැයි කිවේය. තවටිකක් යන විට ඔවුන් කිසිදාක නොදුටු වාහනයක් දුටුවෝය. එවිට එක් යාළුවෙක් අනෙකාට මෙසේ කිවේය. “නියමයි මචං මේක නම් කව්රුහරි හොඳ වැඩකාරයෙක් හදලා ඇති” අනිත් යාලුවා එය කිසිම වාදයක් නැතුව “මාත් හිතනවා එහෙම වෙන්න ඕන” මේ දෙදෙනා ගියේ ලස්සන මල්වත්තකටය. එහි දී එක් යාළුවෙක් අනෙකාට මෙසේ කිවේය. “මචන් මේකේ තියෙන ලස්සන කුරුල්ලෝ, මල්ගස්, සතා සිව්පාවෝ කව්රුහරි මවා තියෙන්න ඕන නේද?” එවිට අනෙක් යහළුවා මෙසේ කිවේය. “මොන පිස්සුද බන් මේවා ඉබේ ඇතිවෙන්නේ” යැයි කිවේය. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
By Fasy Ajward.
Original Post: https://www.facebook.com/IslaminSinhala/posts/659166870808137
Please go to next page to read more: http://bauddha-tharka.blogspot.com/p/bauddha-tharka-islam-bakthikayan-samaga.html
No comments:
Post a Comment