Buddhism helps us to experience the reality, without beliefs.

Buddhism helps us to experience the reality, without beliefs.
Buddhism helps us to experience the reality, without beliefs.

Budu Dahama Saha Naveena Vidyawa - part2

OUT OF THE BOX
පොඩි වැඩක් කරමුද 😎🤠🤠
ඔයාලට science ගැන තියන ප්රශ්න ඔක්කොම හලාගන යමුද ,පිස්සු වෙනස් විදිහට හිතෙන දේවල් උනත් කමක් නෑ තමන්ට හිතෙන දේවල් .දන්න අය post එක බලන අය තමන්ට හිතෙන උත්තර දෙයිනෙ
එතකොට හැමදාම මේ post එකේ ප්රශ්න තියෙයි අමුතු විදිහෙ ඒවා😋
 
Suresh Ranrahas Forexsigs කාලය කියන මානයත් ඇතුලත්ව ප්රධාන මාන හතරක් තියනවා. ඒවා ඇවිල්ල තියෙන්නේ බින්දුවට (0) ඉහළින්, ඒත් බින්දුවට පහලින් තියන බින්දුවේ දශම ස්ථානයෙන් (0.0) තවත් මානයක් ඇවිල තියනවා. උප මානයක් වන ඒ පස්වෙනි මානය තමයි ස්කන්ධ මානය (Mass Dimension). ඒ මාන වල ධන සහ ඍන දිශාවන් නිසා ආරෝපණයකුත් (Charge) හැදිලා තියනවා.

අංශු සෑදීම සහ ගණිතය (👉 බුදු දහමට අනුව 'ශුද්ධාෂ්ටක' 👈): https://www.facebook.com/ranrahas/videos/3300825433271505/
පරමාණු සහ එහි අන්තර්ගතය සොයාගෙන තිබුනත් ඒවා සෑදීමට හේතුව මෙතෙක් නවීන විද්යාවෙන් සොයාගෙන නැහැ. විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු (සෑම දෙයකම න්යාය) ගැන මා විසින් සොයාගත් පැහැදිළි කිරීම තේරුම් ගැනීමට අපහසු නොවීමට නම් මා විසින් භාවිතා කරන ගණිතමය පදනම ගැන පැහැදිළි කරපු පළමු ලිපියත් කියවලා බලන්න. 🔥
(It is a Mathematical explanation about the start of the Universe and Atoms from Mathematics Of The Universe.)

සතර මහා බූත සෑදීමට හේතුව මාන වල බැඳීම් 4ක් සහ ඊට ප්රතිවිරුද්ධව සෑදුනු සතර මහා බූත වල චරිතය ඇති බූත හෙවත් 'ගති' හතරක් නිසයි. ඒ පිරිසිඳු (ශුද්ධ) අට (Pure Eight) තමයි ශුද්ධාෂ්ටක කියන්නෙ. ස්කන්ධය කියන්නෙ උප මානයක් වන 5වන මානය එකතු වෙලා හැදිච්ච දෙයක්. ශුද්ධ 8 ට තව උප මානයක් (Mass Dimension) එකතු වෙලා අශුද්ධ වීමකින් තමයි Quantum භෞතික විද්යාවේ තියන කුඩාම අංශු 16 (quarks, leptons, forces) සමග ඉතා වෙනස් අශුද්ධ ක්ෂේත්රයක් (higgs boson) හැදිලා තියෙන්නෙ. වීඩියෝ එකේ ඒ ගැන වැඩි විස්තර තියනවා.

තාපය මගින් ඝන, ද්රව හෝ වායු හදන්න බැහැ කියලත් ඉගෙන ගන්න ඕනෙ. ඝන, ද්රව සහ වායු හැදෙන්න ඊට අවශ්ය උප පරමාණුක අංශු හැදෙන්න ඕනෙ. ඒ උප පරමාණුක අංශු වලින් හැදුනු හයිඩ්රජන් වායුව සාමාන්ය තත්ත්ව යටතේ වායුවක් විදියට පවතින්න හැකියාවක් ඇති උප පරමාණුක අංශු වලින් සහ ශක්ති මට්ටම් වලිනුයි හැදිලා තියෙන්නෙ. හැම උප අරමානුක අංශුවක්ම සහ ශක්ති මට්ටමක්ම සමාන නැහැ. ඝන ද්රව්ය වල උප පරමාණුක අංශු වල සහ ශක්ති මට්ටම් වල සකස් වීම වල වෙනස්කම් තියනවා. පරමාණු වල තියන විවිධ ශක්ති මට්ටම් හැදෙන්න හේතුවත් ඒවා වල තියන අංශු හැදිලා තියන විදියයි. ඒ වෙනස්කම් වලට හේතුව තමයි මං පැහැදිළි කරල තියෙන්නෙ. නවීන විද්යාවෙන් කරපු පර්යේෂණ වලින් සොයාගෙන තියනවා ස්කන්ධය වෙනස් වන අංශුත් තියනවා කියල (උදා: neutrino). ඇතැම් අංශු වල ස්කන්ධය අසාමාන්ය විදියට කුඩා බවත් සොයාගෙන තියනවා. හයිඩ්රජන් පරමාණු වලින් හැදුනු හයිඩ්රජන් වායුව පහසුවෙන් විනාශ නොවුනත් විද්යාගාර වල නිර්මාණය කරන Antimatter (ප්රතිද්රව්ය) හයිඩ්රජන් පරමාණු වලට සාමාන්ය පරිසරතත්ව වලදී පවතින්න බැරි බවත් සොයාගෙන තියනවා. පර්යේෂණ නල තුලත් ඒවා වැඩි දවසක් තියාගන්න බැහැ. Antimatter (ප්රතිද්රව්ය) සහ Matter (ද්රව්ය) කියල වර්ග දෙකකින් තමයි Quantum අංශු (කම්පන/vibrations) 16 හැදිල තියෙන්නෙ. කොච්චර තාපය දුන්නත් ඒවා වෙනස් වෙන්නෙ නැහැ. ඒවා වල ද්රව්ය (Matter) වෙනස් කරන්න හැකියාව තියෙන්නෙ ප්රතිද්රව්ය (Antimatter) වලටයි. අවකාශය තුල ඇති ද්රව්ය සහ ප්රතිද්රව්ය එකට තියනකොට ඒවා ඇතිවෙමින් නැතිවෙමින් යන බවත් සොයාගෙන තියනවා. (Does Antimatter Explain Why There's Something Rather Than Nothing: https://www.youtube.com/watch?v=JOMrbkZqTcs)
ඒ පර්යේෂණ වෙලින් පේන්නෙ Antimatter (ප්රතිද්රව්ය) වලට අපේ අවකාශය තුල ඝන, ද්රව සහ වායු ලෙස ස්ථාවරව පවතින්න හැකියාවක් නැති බවයි. එහෙනම් ඊට හේතුව ඒ Antimatter (ප්රතිද්රව්ය) හැදිල තියන විදිය නිසා බව පැහැදිළිව හිතන්න පුළුවන්. ඒ වගේම තමයි Matter (ද්රව්ය) වලට අපේ අවකාශය තුල ඝන, ද්රව සහ වායු ලෙස ස්ථාවරව පවතින්න හේතුවත් ඒ Matter (ද්රව්ය) හැදිල තියන විදිය නිසා බව පැහැදිළිව හිතන්න පුළුවන්.
  • Deshan Jayakody කාලය කියන්නෙ මානයක් නෙමේ.එත් කාලය උපයෝගී කරන් මානයන් පවතින්න පුලුවන්.උදාහරනයක් විදිහට ටෙසරට් එක
  • Suresh Ranrahas Forexsigs Deshan Jayakody , In physics, spacetime is any mathematical model which fuses the three dimensions of space and the one dimension of time into a single four-dimensional manifold.
    Spacetime: https://en.wikipedia.org/wiki/Spacetime
    Spacetime - Wikipedia
    EN.WIKIPEDIA.ORG
    Spacetime - Wikipedia
    Spacetime - Wikipedia

  • Deshan Jayakody Suresh Ranrahas Forexsigs මානය අර්ත දැක්වීමේ එක තැනක කියනවා මානයක් කියන්නෙ ලෝකය දැකීමේ,දැනීමේ එක් ක්රමයක් කියලා.එතකොට කාලය මානයක් වෙන්නෙ ඒක හරහා නිරික්ශකයෙක් විදිහට කරි 3වෙනි හෝ අතර මැදියෙක් විදිහට හරි බලපෑමක් කරන්න පුලුවන් නම් විතරයි....හරියට ල්ය හරා අතීතය හෝ අනාගතය දකින්න පුලුවන් නම් වගේ
  • Suresh Ranrahas Forexsigs Deshan Jayakody , ස්ථාවරව පැවතිය හැකි මාන තුනක් අස්ථාවර කරන හතරවන මානය තමයි කාලය. ත්රිමාණ අවකාශයට රිංගපු හතරවන මානය නිසයි ත්රිමාන අවකාශය චලනය වී කාලය ගතවෙන්නෙ. එහි තියෙන්නේ ත්රිමාන අවකාවශයේ නැවීමක් (bending) විතරයි. එය සමබරව සිදුවන නිසයි අවකාශය තරංග ආකාරයට දෝලනය වෙන්නෙ. ඒ දෝලනය ත්රිමාන අවකාශය තුල පැතිරිලා තියනවා. කාලය නමැති මානයට හසුවූ විවිධ ත්රිමාන හෝ ද්වීමාන අවකාශයන් ඒක දිශාවකට නැඹුරුව ගමන් කිරීමේදී අංශුවක් ලෙස ක්රියා කිරීමට හැකියාවක් ඇති නමුත් එය අවකාශයේ පැතිරී පවතින නිසා තරංගයක් ලෙසද ක්රියා කරන්න පුළුවන්. කාලය නමැති හතරවන මානය මගින් විවිධ මානයන්ට අනුව හැඩ වුනු අවකාශයන් එකිනෙකට සමබරව සහ පොදු වූ මාර්ගයක දෝලනය වෙමින් ගමන් කිරීමට හැකියාවක් ඇති කරනවා.
  • Deshan Jayakody Suresh Ranrahas Forexsigs හරි බන්.ඔයා කියන කතාව හරි මානයේ අර්තදැක්වීම කියල බලන්න.මානයක් කියන්නෙ මොකක්ද කියලා
  • Deshan Jayakody අන්න එතනයි ප්රශ්නෙ තියෙන්නෙ.ඒකට අනුව කාලය නැතුව වෙනත් මාන ගැන තර්ක කරන්න බෑ.ඒත් ඩ්කෙ තේරුම කාලය කියන්නෙ මානයක් නෙමේ.ටෙසරට් එක තමා ඒකට හොදම උදාහරනය
  • Suresh Ranrahas Forexsigs Deshan Jayakody , ආලෝකයයි කාලයයි පටලවගන්න එපා. ආලෝකයේ වේගයට සාපේක්ෂව ගමන් කරන දේවල් වල වේගය අනුව කාලය ගතවීම වෙනස් වෙන්න හැකියාවක් තිබුනට කාලය පසුපසට ගමන් කරන්නෙ නැහැ. කාලය හතරවන මානය නිසයි ඒ දේවල් සිද්ධවෙන්නෙ. කාලය මානයක් නෙමෙයිනම් කාලය ඕනෑම වෙගයකදී එකම වේගයෙන් ගතවෙන්න ඕනෙ. හතරවන මානය හැදුන විදිය තේරුම් ගත්තනම් ඒක තේරුම් ගන්න පුළුවන්. මාන 3ක් විතරක් තිබුනානම් කිසිම දෙයක් හෙලවෙන්නෙ නැහැ. මාන හතරක් ඇතිවීමට හේතුව මං පැහැදිළි කරල තියනවා. My Special Theory About The Birth Of Atoms - Suddhatthaka - The Theory Of Everything: https://www.youtube.com/watch?v=Ss62UnIHyY8
    My Special Theory About The Birth Of Atoms - Suddhatthaka - The Theory Of Everything
    YOUTUBE.COM
    My Special Theory About The Birth Of Atoms - Suddhatthaka - The…
    My Special Theory About The Birth Of Atoms - Suddhatthaka - The Theory Of Everything


    • Dhanushki Yashodha Suresh Ranrahas Forexsigs කාලය ශූන්ය වෙන්න බැරිද🤔🤔
    • Suresh Ranrahas Forexsigs Dhanushki Yashodha , කාලය ශුන්ය වෙනවා කියන්නෙ මාන 4ක් තියන විශ්වය නැවතත් එක මානයකවත් නැති ශුන්ය විශ්වයක් බවට පත්වෙනවා කියන එකයි. විශ්වයේ චක්රීය ක්රියාවලියට අනුව කාලය ශුන්ය වෙන්නත් පුළුවන් හැබැයි විශ්වයේ දිශාවන් 6 සහ එහි අනන්තය නිසා විශ්වයේ ඝනත්වය සමතුලිත වෙන්න නම් නැවතත් විශ්වය මාන හතරක් හදනවා. ඒක නිසා කාලය ශුන්ය වෙන මොහොතම තමයි විශ්වය නැවත ආරම්භ වන මොහොත (Big Bang/කල්ප ආරම්භය).
    • Dhanushki Yashodha Suresh Ranrahas Forexsigs ඒක කල්පයේ විනාශය වෙන්නත් බැරිද
    • Suresh Ranrahas Forexsigs Dhanushki Yashodha , කාලය ශුන්ය වීමට හේතුවන මාන 4 යම් විදියකින් නැති වී යන මොහොත කල්ප විනාශය සිදුවන මොහොත වෙන්න පුළුවන්. ඒ මොහොතෙදි විශ්වය උපරිම විශාල වී තිබුනත්, ඒ මොහොතේදීම විශ්වය විශාලවී තිබෙන ප්රමාණය ශුන්ය ලෙස පෙනන විදියට සාපේක්ෂව ඉතා කුඩාවී හෝ ඉතා කුඩා ලෙස පෙනන විදියට ඊළඟ විශ්වය එතැන් සිට ආරම්භ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, සමහර විට මීට කලින් තිබුන විශ්වය අපේ විශ්වයේ තරමටම විශාල වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඒ විශ්වය පරමාණුවක් හෝ එවැනි කුඩා අංශුවක් තරමට කුඩා වී හෝ ඒ විශ්වය කුඩා නොවී අපිට ඒ විශ්වය පරමාණුවක් හෝ එවැනි කුඩා අංශුවක් වගේ කුඩාවට පෙනෙන විදියට අපේ විශ්වය විශාල වී ආරම්භ වෙනවා වෙන්නත් පුළුවන්. බොහෝ දුරට අපේ විශ්වයේ විශාලත්ව මීට පෙර තිබුණු විශ්වට සාපේක්ෂව විශාලත්වයෙන් ඉතා ආසන්න වශයෙන් සමාන වෙන්න පුළුවන්. විශ්වයේ අවකාශය තුල තියන අංශු පෙර තිබූ විශ්වයන් වල පරමාණු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ අංශු හැදිල තියන මාන වලට වඩා වෙනස් මාන අලුත් විශ්වය මගින් අවකාශයට එකතු කරනවා පමණක් වෙන්නත් පුළුවන්.
---------------------------------------------------------------------
මැවුම් කරුවෙකු නොමැතිව විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු ගැන ගණිතමය පැහැදිළි කිරීම (Atoms/පරමාණු සහ එහි අන්තර්ගතය සොයාගෙන තිබුනත් ඒවා සෑදීමට හේතුව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයාගෙන නැහැ. බුදු දහමට අනුව 'ශුද්ධාෂ්ටක' ගැන සහ විශ්ව ගණිතයෙන් පරමාණු සෑදීම ගැන සොයාගත් ගණිතමය පැහැදිළි කිරීම)

The Entanglement Of Mathematical Structures Of The Elementary Particles Theory by Suresh

විශ්ව ගණිතයට අනුව විශ්වයේ උපත ගැන සරල ඉංග්‍රීසි බසින් මා විසින් ලියපු පොත (මුදල් ගෙවා අන්තර්ජාලය හරහා කියවන්න පුළුවන්.)

9h 

badge icon
පො‍‍තේ අගට දාන් න රිසර්චර් කියලා.
1
  • Like
  • Reply
  • 8h

  • Author
    ok, Thanks. I'll try. However, I published the book in research and education category at amazon website. And the name of the Book mentions a research (Finding = Sounds like a reseach). And mathematics are not researches, because they give mathematical answers which are much accurate than a scientific research.
    • Like
    • Reply
    • 22m
    • Edited

-----------------------------------------------

You sent Yesterday at 8:32 PM

විශ්ව ගණිතයෙන් සෑදුනු පරමාණු ගැන ගණිතමය පැහැදිළි කිරීම https://www.facebook.com/ranrahas/posts/3763024957051548

The Entanglement Of Binary Mathematical Structures Of The Elementary Ghosts https://amzn.to/3me3NYM

Janali sent Yesterday at 8:50 PM

Niwan dakimu hamuduruwonge darma deshana tika ahanna

You sent Today at 2:10 PM

welawak labunoma balannam. (y)

Janali sent Today at 2:13 PM

Aniwarenma balanna Ee hamuduruwo kiyanwa විඥානය තුලත් පරමාණු එකතුවක් තියෙන්නෙ කියලා. ඒ නිසයි කර්මය එහෙම හැදෙන්න කියලා කියනවා
Seen by Janali at 2:12 PM

You sent Today at 2:20 PM

විඥානය අයිති වෙන්නෙ 'නාම' වලට. ඒ නිසා විඥානය උප පරමාණුක අංශු වල ආකර්ශනයන්ගේ ප්රතිඵලයක් වෙන්න පුළුවන්. ඒත් පරමාණු තරම් විශාල දේවල් වලින් විඥානය හැදිලා තියනවා කියල කියන්න බැහැ. විඥානය ඇති වෙන්න පුළුවන් විදිය ගැන විද්යාත්මක පැහැදිළි කිරීමක් මගේ පොතේ තියනවා.

Janali sent Today at 2:39 PM

නැහැ පරමණුම කියලා අදහස් කරන්නෙ නැහැ. පරමාණු හැදෙන්නත් හේතු වෙච්ච කාරනාවක් තියනවානෙ අන්න ඒ දේ විඥානය පවතින්නත් හේතු වෙනවා කියලා කියන්නෙ. මොකද එහෙම නැත්තන් විඥානය ස්වභාව දර්මයෙ කොටසක් නොවෙනවා කියලා කියන්නෙ
Seen by Janali at 2:12 PM

You sent Today at 3:04 PM

ඔව් පරමාණු/ උප පරමාණුක අංශු (කම්පන) හැදිල තියන විදිය නිසා විඥානය හදුනා කියන්න පුළුවන්. උදාහරණයක් විදියට, ආලෝකය ඇසට ගැටෙනකොට ඇස (observer/ measuring instruments) සහ 'ආලෝකය ආපු විදිය' (තරංග රටාව /wave pattern) කියන දෙකම වෙනස් වෙන බව නවීන විද්යාවෙන් සොයාගෙන තියනවා. ඒක ඔප්පු කරන පර්යේෂණයට කියන්නෙ double-slit experiment කියල. තරංගයක් විදියට එන ආලෝකය ඇසට ගැටුනට පස්සෙ අංශුවක් විදියට ආපු බවක් පෙන්වන්න පුළුවන්. එතනදී ආලෝකය කාලය හරහා පසුපසට ගොස් අංශුවක් විදියට නැවත ගැටීමක් සිදුවෙන බවයි සොයාගෙන තියන්නෙ. 'කාලයේ' ඒ මුලාව නිසා ආලෝකය ඇසට ගැටී සෑදෙන ක්ෂේත්රය (field) මගින්ම ඒ ආලෝකය අංශුවක් විදියට දැකීම වැනි දෙයක් (විඥානයකින් ආලෝකය දැකීම වැනි දෙයක්) සිදුවෙන්නත් පුළුවන්.

-----------------------------------------------


අද ඇතැම් පිරිස් විද්යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳව ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසාය. මෙම බුදුදහම පිළිබඳව මනා වැටහීමක් නැති අය ඇතිකරගත් වැරදි අදහසක් බවයි මගේ හැඟීම.

විද්යාත්මකව සොයාගත් කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්රයා පෘථිවිය වටාත්, පෘථිවිය ඇතුළු අනෙකුත් ග්රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ එම විෂය පිලිබද විස්තර නවීන විද්යා පරීක්ෂණ මගින් තව නව සොයා ගැනීම පමණි.

තාරකා විද්යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කලකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. පවතින පරීක්ෂණ වලින් පවා එය තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10-20 තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ගොඩනැගී තිබෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්යය.

එසේනම් විද්යාව බුදුන් සරණ ගියේ ද?

මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ යමක් කියූ පමණින් එය පිළිගන්නේ නොමැතිව එය ප්රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියාය. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නෙමේ 2550 වන විට විද්යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරුව ඉතුරු වෙන එකම දහම බුදුදහම ලෙස ආතර් සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියෙන් පෙන්වා දී තියෙනවා.

බෞද්ධ විශ්ව විද්යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්ර ගණනාවක විශ්වය පිළිබඳව විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්ර 20,000 කට ආසන්න ප්රමාණයක් දේශනා කළා. මෙයින් සූත්ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අද අප කතා කිරීමට බලාපොරොත්තු වෙන ලෝක විද්යාව ගැන සඳහන් වෙනවා.

ඒ අනුව මෙ විෂය බෞද්ධ විශ්ව විද්යාව ( Buddhist cosmology ) ලෙස හඳුන්වනවා. මෙහි ඇතුළත් කරුණු අද නවීන විද්යාවෙන් පරීක්ෂණ කර සොයා ගන්නා කරුණු අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. එපමණක් නොවේ මෙම බෞද්ධ විශ්ව විද්යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්යාවෙන් සොයාගෙන නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එදත් අදත් අපේ ජනතාව අතර හිරු සඳු පොළව ආදිය පිළිබඳවත් සෞරග්රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුක්තවය. අප ජීවත්වන පෘථිවිය තියෙන්නේ කොහේද? රාත්රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද? පරිමිතද අපරිමිතද? විශ්වයට කෙළවරක් තිබේද? මිනිසා බිහිවූයේ කෙසේද? මෙම විශ්වයේ ජීවත්වන දියුණු ජීවීන් අප විතරද? යනාදී ප්රශ්න වලට පිළිතුරු සෙවීමට අනාගතයේ මෙන්ම අතීතයේ ද මිනිසුන් උත්සුක වුණා....

මෙම ප්රශ්නය බුද්ධ කාලයේදීද පැවතුනා. චූල්ල මාලුංක්ය පුත්ර සූත්රයට අනුව මාලුක්ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්රශ්න විමසීමෙන් ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වන්නේ බඹයක් පමණ වු ශරීරය පිළිබඳ බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනාව කළ යුතු යන්නයි.

ඒ වගේම සප්ත සූරියෝද්ගමන සූත්රය, අග්ගඥ සූත්රය , ප්රථම කොසල සූත්රය, දක්ෂිණ විභංග සූත්රය, එම සූත්ර අතර ප්රධාන වෙනවා. මෙම සූත්ර දේශනා මගින් විශ්වයේ ආරම්භය, ලෝකයේ බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය, හා ව්යාප්තිය පිළිබඳ විශාල කරුණු රාශියක් පෙන්වා දෙනවා.

මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වෙනවා. මෙම සූත්රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳව බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑහැ.

මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව වන කරුණු තවමත් ළදරු වියේ පසුවන නවීන විද්යාවේ එන විශ්වය පිළිබඳ කරුණු වලට වඩා ඉතාමත් ඉදිරියෙන් සිටින බවයි. බුදු දහම හැර විශ්වය පිළිබඳව විග්රහ කල වෙනත් ආගමක් නැහැ.

ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදු දහමේ එන අග්ගඤ්ඤ සූත්රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?

මුල් කාලයේ පෘථිවියේ ප්රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තිබෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. නමුත් තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය හැරුනත් එතන ජීවයක් හටගන්නේ නැහැ.

නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්රයෙන් කියවෙන්නේ ආභස්සර බ්රහ්ම ලෝකයෙ ඉඳල ආපු මනෝමය ශරීරයක් තියෙන දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක්, පහලට ඇවිත් රස පොළව පොඩිකර කාලා බැලුවහම ඒ රස නිසා එය දිගටම අනුභව කිරීමෙන් ඔවුන්ගේ තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවීමෙන් ඔවුන්ට අහසින් යාමේ හැකියාව නැතිවී යනවා. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් අග්ගඤ්ඤ සූත්රයේ සඳහන් වෙනවා.

නවීන විද්යාවේ සඳහන් ප්රාථමික සුපය ගැන බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා වෙඩෙරු බදුය, ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියාය. දැන් විද්යාවේ දී ද කියන්නේ මෙම ප්රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවාද? ගිතෙල් කියන්නේ මොනවද? යොදය කියන්නේ මොනවද? මේ සියල්ල මගින් අර්ථ දැක්වූයේ ීන විද්යාවෙන් සොයාගත් ප්රාථමික සුපය සෑදුනු ඇමයිනෝ අම්ලය නොවේද? ඒ වෙනුවට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරල දේශනා කරලා තියෙනවා.

ත්රිපිටකයට අයත් සූත්ර ධර්මයක , මහා මේඝ වර්ෂාවක් මගින් හා වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්රහ මණ්ඩලය ඇති වූ බව පෙන්වා දෙනවා. මේ පිළිබදව ඔබ දරන මතය කුමක්ද?

තාරකා විද්යාවට අනුව සෞරග්රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇතිවූ සැම ග්රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දුහුවිලි වල්ගයක් ද තිබීම විශේෂත්වයක් වුණා.

මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසු සූර්යයාගේ ආලෝකයේ පීඩනය හේතු කොට ගෙන ඉවත් වී ගිය බව නවීන විද්යාවෙන් පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ හිරු සඳු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝ නිකායෙ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්රය, සමස්ත විශ්ව ක්රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකිය.

පෘථිවියේ බිහිවීම පිළිබඳ කතා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වුවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල වර්ෂාවක් ඇති වීමට ඉඩකඩක් තිබේ දැයි මෑතක් වන තුරුම මාහට ගැටළුවක්ව තිබුණා. නමුත් මීට වසර තුන හතරකට පෙර ඔරායන් නිහාරිකාවෙ ජලය තිබෙන බවටත්, එහි ඇති යිඩ්රිජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදි අපේ ලෝකයේ ඇති සාගර වල ජලය මෙන් 300 ප්රමාණයක් ජලය සෑදෙන බව විද්යාඥයින් විසින් සොයා ගත්තා.

ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධීන් නව සෞරග්රහ මණ්ඩලයක් බිහි වීමේ දී ඇති වන බව.

එසේම මීට වසර 2560 පෙරාතුව අප මහා බුදුරජානන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ ව කරුණු තවමත් නවීන විද්යාව මගින් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මතක් කළ යුතුය.

සහස්සි ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්රහ වී ඇති දේ නවීන තාරකා විද්යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?

හිරු - සදු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයිද ඒතාක් දුර ප්රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්රයේ හා සංයුත්ත නිකායේ අරුණවති සූත්රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට බුදු දහමේ සහස්සි ලෝක ධාතුව ලෙස හැදුන්වු දෙය අද නවීන විද්යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්යාඥයෝ පිළිගෙන තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වන්නේ සහස්සී ලෝකධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එහෙත් ද්ව්සහස්සි ලෙසත් ද්විසහස්සි ලෝක ධාතු 1000 එකතු වී ත්රිව්සහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්ර ධර්ම වල සඳහන් වෙනවා. එම අනුව ත්රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අද නවීන විද්යාවට අනුව මන්දාකිණි ගණනාවක් එකතු වී මන්දාකිණි පොකුරක් ( cluster of galaxies) එකතුවී සෑදෙන බව සොයාගෙන තිබෙනවා. ඊට පසු ඒ පොකුරු එක්විය සුපිරි මන්දාකිණි පොකුරක් ( super cluster ) සැදී ඇති බවද එවා එකතු වී විශ්වය සැදී ඇති බව තාරකා විද්යා නිරීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා. මෙම සුපිරි මන්දාකිනි පොකුරු නවීන විද්යාව විසින් සොයා ගනු ලැබුවේ මෑතකදී වීම විශේෂයකි. නමුත් අප බුදුපියාණන් වහන්සේ දේශනා කළේ වසර 2600 ප්රථම ය.

බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්යාවේ මන්දාකිනියකට සමාන බවත් ද්සහස්සි ලෝක ධාතුව මන්දාකිණි පොකුරකට සමාන බවත් ත්රිසහස්සි ලෝක ධාතුව මීට සුළු කාලයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිණි පොකුරකට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහා සිංහනාද සූත්රයේ දිව්යලෝක හයක් ඇති බව සඳහන්, මේ දිව්ය ලෝක අපේ සෞරග්රහ මණ්ඩලයට එහායින් ඇති ග්රහලෝක විය නොහැකිද?

බුදුදහමට අනුව එක් ඉරකින් ආලෝකමත් වන භූමි ප්රමාණය චූලනිකා ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. චූලනිකා ලෝක ඨාතුවෙ මනුෂ්ය ලෝකයට තිරිසන් ලෝකය ද ඇතුළුව ලෝක 31 ක් තිබෙන බව සඳහන් වෙනවා. එහි මනුෂ්ය ලෝකයේ සිට යොදුන් 42000 , ගිය තැන දිව්යලෝක හා බ්රහ්ම ලෝක පිහිටන බැව් විස්තර කරනවා.

මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්යාව සමත් වී නැහැ. මේ විස්තර අනුව මට පෙනී යන්නේ ඉහත දැක්වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42000 - 42000 උසින් පිහිටා ඇති යන්නයි. එහෙත් මිනිස් ඇසට දර්ශනය වීම ොහැකි බවයි මාගේ හැඟීම නමුත් විද්යාවේ දියුණුවත් සමග එය අනාගතයේදී සොයාගැනීමට බොහොම ඉඩකඩ ඇත. නමුත් ඒවා අඟහරු සෙනසුරු නොවන බව වටහා ගන්න.

අන්තරීක්ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්රහය කුමක්ද? එසේම එහෙ සංඛ්යා විද්යාත්මක වටිනාකම කෙබඳුද?

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොව පහළ වන මෛත්රී බෝධිසත්වයන් සොළොස් අසංඛ්ය කල්පය ලක්ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්යාවට අනුව බුදුරජාණන් වහන්සේ පැවසූ කරුණු අනුවත් මන්දාකිණිය වටා සූර්යයා පමණක් නොවේ සම්පූර්ණ සෞරග්රහ මන්ඩලය ම ගමන් කරනවා. එහි වේගය කිලෝමීටර 275 බව හෙළිවී තිබෙනවා.

මන්දාකිණිය වටා හිරුට එක වටයක් ගමන් කිරීමට ගතවන කාලය තාරකා විද්යාවේදී හඳුන්වනු ලබන්නේ අන්තරීක්ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්ෂ වර්ෂයක් යනු භාවිතා වර්ෂ මිලියන 225 ක් බවයි කලින් සඳහන් කර තිබුණේ නමුත් අලුත්ම ගණනය කිරීම් අනුව වසර මිලියන 240 ගත වන බව සොයාගෙන තිබෙනවා.

පුරාන ජ්යෝතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තියෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි එයට අයත් කාලය වසර 17 ලක්ෂ 28000 දෙවැන්න වු ත්රෙතා උප යුගයට අයත් කාලය වසර 12 ලක්ෂ අනුදහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි එයට වසර අට ලක්ෂ හැටදහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි එයට ගතවන කාලය වසර හාර ලක්ෂ තිස්දෙදහයි. මෙම මුළු එකතුව වසර හතලිස් තුන් ලක්ෂ විසි දහසයි.

මෙම මහා යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයකට ඇති වසර ගණනයි. ඒ වසර 3.07*108 ක්. නවීන විද්යාවේන් අපට පහදා දුන් අන්තරීක්ෂ වර්ෂයට ගත වන කාලය වසර 2.4* 108 වෙනවා. එකම ගණයේ පිහිටි මෙම කාල පරාස දෙකම ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකිය. නවීන විද්යාඥයින් ගේ දියුණුවත් සමඟ අන්තරීක්ෂ වසරට යන කාලය ක්රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එබැවින් අනාගතයේදී ඉහත සඳහන් කාල පරාස දෙක අනාගතයේ දී බොහොම දුරට සමාන විය හැක.

ක්රිස්තු පූර්ව 604 තේල්ස් තමයි කිව්වේ පොලොව යනු මුහුදේ සිටින තල් මසුන් තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේසියක් වගේ පැතිලි තැටියක් කියලා. එතකොට පොළව රවුම් කියලා දැනගෙන හිටියේ නෑ.

බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දි පෘථිවිය ගෝලාකාරයි කියල ඇරිස්ටෝටල් කිව්වෙ ක්රිස්තු පුර්ව 384දි මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය ලෝකයේ හට ගැනීම, එහි විනාශය ආදී සියල්ල සඳහන් කර අවසන්...

බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්යාඥයින් අප අද දන්නා තාරකා විද්යාවේ සංකල්ප දියුණු කරල තියෙන්නෙ.

කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් අරගෙන නොබෙල් ත්යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාවක් නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ විහිළුවට ය. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.

එවගේම විශ්වයේ ප්රසාරණය පිළිබඳව, සෞරග්රහ මණ්ඩලයට පරිබාහිරව සිටින දියුණු ජීවීන් පිළිබඳව , කළු කුහර සම්බන්දව, මෙතෙක් නවීන විද්යාවෙන් සොයා ගත් හා සොයා නොගත් බොහෝ දෑ බුද්ධ දේශනාවේ සඳහන්..

උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමේ ගාර්ලන්ද සූත්රයේ ඉතා හොඳට පැහැදිලි කර තිබෙනවා.

අපේ පුරාණ ලංකාවේ මිහිඳු මාහිමියන් වැඩ වසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්යාවයි. බටහිර පොත් පත් වල සඳහන් ව තිබුනාට එදා සිටම තාරකා විද්යාව පිළිබදව ලාංකිකයන් තුළ දැනුම පැවතුනා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.

මෙම සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින විද්යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය හා විශ්වය පිළිබඳව එතරම් ලොකු වැදගත්කමක් දී දේශනා කළ නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙවැනි ඉදිරියෙන් සිටින්නේ.

ඉතින් මෙම කරුණු සොයා ගැනීමේදී උපකාර වුණු සැමට මගේ ගෞරවය....

නැවතත් මෙවැනි වටිනා කරුණු රාශියකින් හමුවෙමු තෙරුවන් සරණයි 🙏🙏🙏
-------------------------------------------------------------------

ලෞකික ධ්‍යානලාභියෙකු පිළිබඳ පර්යේෂණය හා සම්මුඛ සාකච්ඡාව



--------------------------------------------------------------------------------

අවසාන න්‍යාය - The Theory Of Everything or The Final Theory

විශ්වය සහ ලෝක ආරම්භය ගැන අග්ගඤ්ඤ සුුුුර්‍තය සහ මැවීම්වාද අතර ඇති ‌වෙනස


ගණිතමය බයිනරි භෞතික විද්‍යාව සහ බුදු දහම මගින් සෑම දෙයකම ආරම්භය තහවුරු කිරීම

අභිධර්මය 71 - කල්ප විනාශය වන අයුරු | 2022-04-09 | Abhidharma Lesson 71

Suresh Wanayalae:
Gravity would bring all the matter back to the center as a rain of High Energy Plasma of elementary particles. Gravitons would turn back and return to the center of the universe and accelerate all the matter making them high-energy particles. And then, they would cool down and become compact objects again. The duration of Cosmic inflation is like the Vivatta Kalpa. And then, galaxies formed during Vivattai Kalpa. The universe would contract during the Sanwatta Kalpa. And the universe would keep contracted during the Sanwattai Kalpa. If we put the cosmic inflation to the end, then Maha-Kalpa starts from Vivattai Kalpa.

The Big Bang Theory in Buddhism

EPI - 01 ශ්‍රි සද්ධර්මයේ ආශ්චර්යවත් බලගතු හෙළිදරව්ව අග්ගඥ්ඥ සූත්‍ර්‍ය සහ විද්‍යාව

Suresh Wanayalaege:
අද කාලෙට අවශ්‍ය වීඩියෝ එකක්. බුදු දහම ඉතා හොඳින් විද්‍යාවට ගලපන්න හෝ විද්‍යාවේ අඩුපාඩු පෙන්වන්න පුළුවන් නිසා ඒක හරියට කරන්න බයවෙන්න ඕනෙ නැහැ. ගුරුත්වාකර්ෂණ අංශු ආපසු හැරීමකින් විශ්වයේ ද්‍රව්‍ය වල ප්‍රසාරණය නතරවී ආපහු හැකිලීමේදී ඒවා ද්‍රවමය ශක්ති කදම්භ බවට පත්වී ගැටීම නිසා ද්‍රව්‍ය සහ ප්‍රතිද්‍රව්‍ය සෑදී ඒවා එකිනෙක ගැටීමේදී සෑදෙන අධික ශක්තිය නිසා මහා පිපිරීමක් වැනි ගැටීමක් ඉතා විශාල කාල පරාසයක් තුලදී සිදුවෙන්න පුළුවන්. කල්ප විනාශක මහා මේඝය ඇති වෙන්නේ එකිනෙක නොගැටී අපි සිටින විශ්වයේ (කෝටී ලක්ෂයක් සක්වල තියන විශ්වයේ) කේන්ද්‍රය පසුකර මුලින්ම ගිය ශක්ති කදම්භ ආපසු විශ්වයයේ ගුරුත්ව කේන්ද්‍රයට පැමිණීම නිසා වෙන්න පුළුවන්.  ඊට පසුව ලෝක විනාශය සිදුවී ඒ ශක්ති සියල්ල ආසන්න වශයෙන් ගුරුත්ව කේන්ද්‍රයට ගමන් කිරීම නිසා ඒ ශක්ති කදම්භ විශ්ව කේන්ද්‍රය පසුකරගොස් (පළමු ප්‍රසරණයේදී) විශ්වයේ කේන්ද්‍රය පිරී යාම බුදු දහමේ සඳහන් වෙන සම්පත්ති මහා මේඝය නමැති ශක්ති වරුසාවෙන් විශ්වයේ පිරීම බවත් හිතන්න පුළුවන්.

ගැඹුරු අභිධර්මයේ සදහන් රූප කලාප සහ එහි ක්‍රියාකාරිත්වය ‌මොන වගේද?

Suresh Wanayalaege:
රූප කලාප ගැන නොදන්නා ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. බොහොම ස්තුතියි. බුදු දහමේ තියනවා ප්‍රධාන රූපමය (ද්‍රව්‍යමය) හැසිරීම් 4ක් සහ ඒවා වලින් හැදුනු ද්‍රව්‍යමය හැසිරීම් 24ක් ගැන විස්තරයක්. එලෙස ඇති රූපමය හැසිරීම් 28ක් ගැන අභිධර්මයේ සඳහන් වෙනවා. ශුද්ධාශ්ඨක කියල බෙදා වෙන් කල නොහැකි අටක් ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා (ප්‍රධාන රුප 4ත් ඇතුලත්ව). රූප කාලප එකතු වී රූප සරීර (කුඩා අංශු) හැදෙන බවත්, ඒවා වල ප්‍රධාන පරම්පරාවන් හෙවත් රූප සන්තති (24ක්) හැදෙන බවත් සඳහන් වෙනවා. රූප ශරීර එකතු වෙලා ඒවා එකටම ක්‍රියාත්මක වෙන රූප සන්තාන (පරමාණු වැනි ඒකක) හැදෙන බවත් සඳහන් වෙනවා. රූප කාලාපයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් (ක්ෂණ 51 ක්) කියලත් සඳහන් වෙනවා. එයින් චිතක්ෂණ 16ක් සහ ක්ෂණ එකක් තුලදී රූප කලාපයේ ආයු කාලය ඉවර වෙන බවත් සඳහනක් තියනවා. ඒ නිසා ඒ චිතක්ෂණ 16ට පසුව රූප කලාපය අතුරුදහන්වී සකස්වීමක් නැති  චිතක්ෂණයකට පසුව නැවතත් සකස් වෙන බව සඳහන් වෙන බවත් පෙනීයනවා. සකස්වීමක් නැති (කාලයක් නැති) නිබ්බාන පරමාර්ථ ධර්මයට අදාළ චිතක්ෂණයක් ඒ විදියට තියනවා වෙන්නත් පුළුවන්. සිත අථත්‍ය දෙයක් බව සහ විවිධ දේවල් වල එකතුවක් බවත්, ඒ සිත් පහළවෙන චිත්ත බූමි ගැනත් අභිධර්මයේ පැහැදිළිවම තියනවා. සිත් ඇතිවෙන චිත්ත බූමි 89න් 54ක් කාම ලෝකයේ (මනුෂ්‍ය/දිව්‍ය) ලෝකයේ බහුලව ඇතිවන සිත් කියල සහ අනිත් සිත් බ්‍රහ්ම ලෝක වල ඉපදීමට හෝ ඉපදිලා සිටීමේදී ඇතිවන සිත් සහ මාර්ග ඵල ලබාගත් අය තුල ඇතිවන සිත් කියලත් සඳහන් වෙනවා. සිතත් හේතුන් නිසා හටගන්න අථත්‍ය දෙයක් නිසා ඒ ස්වභාවයෙන්ම විවිධ ආකාරයේ රූප තල/ලෝක වල ඉපදෙන්න හැකියාවක් තියනවා. සිතේ තිති මොහොත තමයි චිත්තය/සිත පවතින මොහොත. චුති සිත් ඇතිවීමෙන් පසුව විවිධ ලෝක වල ඉපදෙන විදිය ගැනත් අභිධර්මයේ සඳහන් වෙනවා.

Buddhism and Fake Science - බුදු දහම සහ ව්‍යාජ විද්‍යාව


උල්කාපාත වැටීම නිසා ඇතැම් වෙනස් ජාන පරම්පරාවන් විනාශ වෙලා තියනවා. ශාක වලට තියෙන්නෙත් වෙනස් ජාන පරම්පරාවක්. ඩයිනොසර්ලා පරිණාමය වූ මුල් පරම්පරාවකින් කුරුල්ලන් පරිණාමය වෙලා තියන බව සොයාගෙන තියනවා. බොහෝ ඩයිනෝසරයන්ලාට සහ කුරුල්ලන්ට වර්ණදේහ 80ක් තියන නිසා ඔවුන් ආදි උරඟයන්ගෙනුයි පරිණාමය වෙලා තියන බවයි සැලකෙන්නේ. අවුරුදු මිලියන ගණනක් ගතවුනත් ලොකු පරිණාමයක් සිදු නොවුණු මදුරුවෝ වගේ සත්තුත් ඉන්නවා. ඔවුන්ගේ බිත්තර රැක ගැනීමට ඔවුන්ට අවශ්ය නොවීම සහ ජීවන රටාවත් එයට බලපාන්නවා. බිත්තර දමන උරඟයන් වගේම ආදි මීයන් මුල් කාලයේදී බිත්තර දාන්න ඇති කියල අනුමාන කරනවා. ඊට පසුව ඩයිනෝසර්ලාගෙන් බිත්තර ආරක්ෂා කරගන්න ඕන නිසා ඔවුන් කුස තුල පැටියාව වර්ධනය කරපු බවයි අනුමාන කරන්නේ. ආදි මීයන් පරිණාමය වී වර්ථමාන මිනිසුන් හැදුන බව බුදු දහමට ගලපන්න පුලුවන්ද?
ආලෝකමත් ජීවින් පෘතුවියට පැමිණ පරිණාමයක් වන බව බුදු දහමේ සඳහන් වෙනවා. ඔවුන් වසර දහස් ගණනක් ජීවත් වී විවිධ සතුන් බවට පත්වී විවිධ ලෝක විනාශයන් වලදී වඳ වී ගොස් නැවතත් කුඩා ජීවින්ගෙන් පරිණාමය වී වානරයන් බවට පත්වී ඉන්පසුව නැවතත් මනුස්සයන් බවට පත් වූ බව සිතන්න පුළුවන් නේද?
ආදී චින්පන්සීන් වර්ගයක් පරිණාමය වී මිනිසුන් බවට පත් උනා නම් මිනිසුන්ට තියෙන්නෙ වර්ණදේහ යුගල් 23 ක් පමණක් වන නිසා චින්පන්සීන්ටත් හරිනම් තිබෙන්න අවශ්ය වෙන්නෙත් වර්ණදේහ යුගල් 23 යි. එත් චිම්පන්සින්ට වර්ණදේහ යුගල් 24 ක් තියනවා. ඒක නිසා විද්යාක්ඥයන් කරපු උපකල්පනය තමයි චිම්පන්සීන්ගෙ වර්ණදේහ යුගල් 24 න් මොකක්හරි වර්ණදේහ යුගල් දෙකක් එකට එකතු වෙලා තනි වර්ණදේහ යුගලක් බවට පත්වෙලා තිබිය යුතුයි කියන එක. එහෙම වර්ණදේහ යුගල් දෙකක් එකට එකතු වෙලා තියනවනම් ඒ එකතු වෙලා හැදුණු වර්ණදේහ යුගලය තරමක් විශාල වර්ණදේහ යුගලයක් විය යුතුයි, සහ ඒ වර්ණදේහ යුගලය තුල චචින්පන්සීන්ට තිබෙන වර්ණදේහ යුගල දෙකක ලක්ෂණ එනම් ඔවුන්ගේ වර්ණදේහ යුගල වල අඩංගු දත්ත වලට ආසන්න දත්ත තිබිය යුතුයි. (ඒ තමයි පරීක්ෂණයට පෙර කරපු උපකල්පනයන්) ඒ උපකල්පනයන් නිවැරදි බව තහවුරු උනේ මිනිසුන්ගෙ වර්ණදේහ යුගල් පරික්ෂා කරපුවම ඒ වර්ණදේහ යුගල් වලින් දෙවැනි වර්ණදේහ යුගලය විශාල වර්ණදේහ යුගලයක් (ක්රෝමසෝන යුගලයක්) වෙලා තියෙන්නෙ කුඩා වර්ණදේහ යුගල දෙකක් එකතු වීමෙන් බව සොයාගැනීමෙනුයි. වර්ණදේහ යුගල දෙකක කෙළවරවල් එකතු වෙලා තමයි මිනිසුන්ගෙ දෙවන වර්ණදේහ යුගලය හැදිලා තියෙන්නෙ. එම වර්ණදේහ යුගල දෙක එකතු වීමේදී අක්රිය වූ කොටස් නිසා වෙනත් වානරයන්ගේ මොළය Alzheimer's කියන රෝගයෙන් ආරක්ෂා වන නමුත් මිනිසුන්ට ඒ රෝගය හැදුනොත් එය සුව කිරීමට අවශ්ය එන්සයිමය නිපදවන ජාන දත්තයන් (genetic codes) අක්රීය වී තිබෙන නිසා එම රෝගය සුව නොවී මරණයට පත්වෙනවා (Humans appear to have lost a functional caspase-12 gene). උදාහරණයක් විදියට මිනිසුන්ගෙ දෙවන වර්ණදේහ යුගලයේ (එනම් දෙවන ක්රෝමසෝන යුගලයේ) PGML ලෙස හදුන්වන ජානය phosphoglucomutase වගේ ජාණයක් උනත් එය අසම්පූර්ණ ජානයක්. මිනිසුන්ගෙ දෙවන ක්රෝමසෝන යුගලය නිර්මාණය වෙලා තියෙන්නෙ චචින්පන්සීන්ගෙ 12 සහ 13 වන ක්රෝමසෝන යුගල (වර්ණදේහ යුගල) දෙක එකතු වෙලයි. ඒකත් ජාන දත්ත (genetic codes) මගින් තහවුරු වෙලා තියනව.
ඩයිනොසර්ස්ලා වඳ උනේ වසර කොටි 6.6කට පමණ පෙරයි. ඊට පෙර උපරිම වසර කොටි 50කට කලින් ඩයිනොසර්ස්ලා බිහි වීම ආරම්භ වෙන්න ඇති. එත් වසර කොටි 50ක් කියන්නෙ ලෝකයේ සත්වයන් බිහිවීම ආරම්භ වීමට පටන් ගත්ත කාලය නෙවෙයි. අඩුම වසර කෝටි 100කට කලින් සතුන් ආරම්භ වීමට හැකියාව තිබුනා. ඒ නිසා එක බුදු කෙනෙකු සිටින කාලයේ හිටිය මිනිසුන්ගේ පරිණාමයට වසර කොටි 2ක් බැගින් දීල අවුන් වසර කොටි 10 කින් වඳ උනා කියල සැලකුවත් බුදුවරු 4 දෙනෙක් අවශ්ය මිනිසුන් වර්ග 4ක් සිටීමට අවශ්ය කාලය උපරිම කොටි 50කට අඩුයි කියල හිතන්න පුළුවන්.
- සුරේෂ්
Denuwan Ankana
බුදු දහමට අනුව ලෝකෙ වත් විද්යාවවත් ගලපන්න එපා.ඒක නිකන් පාට කන්නාඩියක් filter එකක් දාලා ලෝකෙ දිහා බලනවා වගේ.
විද්යාව එහෙම ඉගෙනගන්න අමාරුයි.
ප්රශ්නෙට උත්තරේ මනුස්සයා චිම්පන්සි වර්ගෙකින් නෙමෙයි පරිනාමය උනේ.මනුස්සයයි චිම්පන්සියයි දෙන්නම එක්කෙනෙක් ගෙන් පැවතගෙන එන්නෙ.DNA පරීක්ෂණ ,fossil records බැලුවම චිම්පන්සියා විතරක් නෙමෙයි හතු කෑල්ලක් ගත්තත් හතු කෑල්ලෙයි ඔයාගෙයි පරම්පරාවෙ උඩට උඩට යද්දි දෙන්නා එකම තැනකදි හම්බෙනවා.ඒ හම්බෙන කෙනාට තමයි කියන්නෙ ඔයාගෙයි ඒ හතු වර්ගෙයි common ancestor .ඔය විදිහට තනි සෛලය තමයි එක එක විදිහට වෙනස් වෙවී මේ වර්තමාන ජීවී විශේශ සේරම හැදුනෙ.
3
  • Like
  • Reply
  • Share
  • 22h
  • Suresh Ran Rahas
    Author
    Denuwan Ankana, බ්රහ්ම ලොවෙන් මේ ලෝකයට ආපු ආලෝකයක් ඇති දිව්ය සත්වයන් මුලින්ම අපි ඉන්න පොළවට ආවා කියල කියන්න බැහැ. කල්ප විනාශයේදී විනාශ නොවූ බ්රහ්ම ලොවක ඉදල මුලින්ම ඊට පහල තියන අලුතින් නිර්මාණය වූ බ්රහ්ම සහ දිව්ය තල වලටයි එන්නෙ එතකොට පොළව කියල හඳුන්වන්නේ දිව්ය තල වල පොළවයි. ඊට පසු කාලයකදී විවිධ වර්ගයේ තිරිසන් සත්වයන් බිහි වූ බවත් ඒ සුත්රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ සත්වයන් පොළව තුලත් නැවත ඉපදෙන්න පුළුවන්. මුල් කාලයේදී පොළව රසායනික ද්රව්ය වලින් පිරුණු දියර ඇති තැනක් නිසා ඒ පොළව තුල කනිජ ලවන සහ විවිධ ගල් වර්ග නිසා විශාල අනු නිර්මාණය වී ජීවින් නිර්මණය වෙන්න පුළුවන් බව නවීන විද්යාවට අනුවත් දැන් හොයාගෙන තියනවා. ජාන දත්ත ගැන දන්න අයට අපිව විහිළු කාරයෝ විදියට පේන්න ඉඩ නොදී නවීන විද්යාව බුදු දහමට ගැලපෙන විදිය ගැන බලන්න ඕනෙ. බුදු දහමේ වර්තමාන මිනිසුන්ගේ පරිණාමය ගැන කතා නොකිරීමට විශේෂ හේතු තියෙන්න පුළුවන්. මිනිසුන්ගේ මානය නිසා මිනිසුන් සතුන්ගෙන් පරිණාමය වීම පිළිගැනීමට අකමැති වෙන්නත් පුළුවන්. සතුන්ගෙන් පරිණාමය වූ බව බුදු දහමේ කෙලින්ම සඳහන් උනා නම් මැවුම් වාදී ආගම් වලිනුත් පරිණාමය භාවිතා කරලා ඔවුන්ගේ මැවුම් වාදය නිර්මාණය කරන්න ඉඩ තිබුනා. එහෙම උනානම් ඔවුන්ගේ ආගම් වලට විද්යාවෙන් අභියෝග කරන්න අමාරු වෙනවා. අපේ ජාන තුල අපේ ජාන පරම්පරා වල ඉතිහාසය සටහන් වී තියනවා. වයිරස් වැනි හේතු නිසා අපේ ජාන දත්ත මැකී තියන තැන් වලම චින්පන්සීන්ගේත් මැකී ගොස් තියනවා. වයිරස් වලින් මිනිසුන් වෙනස් වීම නිසා සහ ඔවුන් හුදකලාව ජීවත් වීම නිසා වේගයෙන් පරිණාමය වන බවත් සොයාගෙන තියනවා. වසර 42000 කට පමණ පෙර වඳ වුනු නිඅන්ඩතාල් (Neanderthal) මානවයා සහ වර්තමාන මිනිසුන් අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඔවුන් වානරයින් නෙමෙයි. සමහර විට වර්තමාන මිනිසුන් සමග ගැටුම් නිසා සහ හිම යුගයේ තිබූ දුෂ්කර පරිසර සාධක නිසා ඔවුන් වඳ වුනා වෙන්නත් පුළුවන්. නවීන විද්යාවෙන් සොයාගත හැකි පරමාණුවලට වඩා විශාල දේවල් ගැන සහ අපේ ලෝකය තුල ඇති දේවල් ගැන තර්ක කර කර නවීන විද්යාව ප්රතික්ෂේප කිරීම හරියට මිනිසුන් හඳට ගිය බව පිළිගැනීමට මැදපෙරදිග සමහරු අකමැති වීම වගේ කාලයට නොගැළපෙන දෙයක්. බුදු දහමට අනුව මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. දිව්ය තල වලම ගොඩක් පහලින් සිටින මිනිස්සු උත්තරකුරු (Uttarakuru) නමැති පොළවට සාපේක්ෂව ඉහළම තලයේ ඉන්න මිනිස්සු කියලත් හිතන්න පුළුවන්.
    • Like
    • Reply
    • Share
    • 12m
    • Edited


විද්යාව විශ්වාස කරන සමහර අය නොදන්නා කමට වැරදි න්යායන් වැඩිය හොයල බලන්නෙ නැතුව විශ්වාස කරනවා. බටහිර විද්යා සමාජය ආලෝකයේ වේගයට වඩා වේගයෙන් කුඩා අංශුවක් ලොකු වෙලා විශ්වය හදුනා කියල කියන්නයි, මේ විශ්වය අලුත්ම විශ්වයක් කියල කියන්නයි අසාමාන්ය න්යායන් හද හද දඟලන්නේ මැවුම්වාදී ආගම් නවීන විද්යාවට ගාවන්න හදන නිසා කියලත් හිතන්න පුළුවන්. ඒත් විශ්වය ගැන සොයාගැනීම් සහ නිවැරදි න්යායන් බුදු දහමේ පැහැදිළි කිරීම් වලට ගළපන්න දැනට සොයාගෙන තියන ආලෝකයේ වේගයයේ සීමාව වගේ ප්රධාන සාධක නොසළකා හරින්න අවශ්ය නැහැ. බටහිර විද්යා සමාජය වංචනිකව හදපු සම්මත විශ්ව මොඩලය (standard model of cosmology) හදල තියෙන්නෙ මැවුම්වාදයට වාසි වෙන විදියටයි. ඒ මොඩල් එක ඇතුළට ඔවුන් හැම සොයාගැනීමක්ම එකතු කරලා ඒ මොඩල් එකේ ආරම්භය කුඩා තැනකින් සිදුවුණ බව කියන්න වංචනික උත්සහයක් ගන්නවා. විශ්වයේ ආයුෂ වසර බිලියන 13.8ක් කියල කිව්වත් අපේම චක්රාවාටය තුල වසර බිලියන 14.4ක් විතර පරණ තරුවකුත් තියනවා. ඒක අපේ චක්රාවාටයටත් වඩා පරණ බව පෙන්වන නිසා ඒක සහ අති විශාල කළු කුහර ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගුරුත්වාකර්ෂණ අංශු වල බලපෑමත් එක්ක හැදිච්ච ඒවා වෙන්නත් පුළුවන්. පරමාණුවක් වගේ කුඩා දෙයක් තුල මුළු විශ්වයම තිබිල ඒක අති විශාල දෙයක් බවට පත්වෙන්න හැකියාවක් විශ්වයට නොතිබුන බව මොළයක් තියන කෙනෙකුට තේරෙන්න ඕන. හැබැයි මැවුම්වාදය ඔලුවටම ගහල තියන නිසා හෝ මැවුම්වාදීන්ගේ ආක්රමණශීලි බලපෑම් නිසා බටහිර විද්යා සමාජයේ පිරිසක් සහ නොදැනුවත්ව ඒ අයගේ ව්යාජ විද්යාව ජනප්රිය කරන පිරිසකුයි පිස්සො විදියට හැසිරෙන බවයි මටනම් තේරුණේ. පැතලි (Flat) බවක් පෙන්වන විශ්වයේ අංශු ඉතා කුඩා වක්ර ගුලියක් තුල (singularity එකක් තුල) හැදෙන්න විදියක් නැති බව ප්රසිද්ධ කරන්නෙ නැතුව ඔවුන් මැවුම්වාදයට අවශ්ය විදියට විකාර කියවනවා.
විශ්වය තුල තිබුන ආලෝක වර්ෂ ගණනාවක් විශාල විශ්වීය ක්ෂුද්ර පසුබිම් කිරණ (CMB Radiation) නිකුත් වීම ආරම්භ වුනේ විශ්වයේ තිබුන ද්රව්ය සහ ප්රතිද්රව්ය වලින් ද්රව්ය ටිකක් විතරක් ඉතුරු වීමේදී ඇතිවුණු උෂ්ණත්වය අඩුවෙන්න පටන් ගත්තට පස්සෙයි. ඊට කලින් වෙච්ච දේවල් ගැන තියෙන්නේ න්යායන් විතරයි. අංශු ත්වරක (particle accelerators) භාවිතා කරල පරමාණු වල න්යෂ්ටි වල තියන ද්රව්ය ශක්තිය බවට පත් කරලා ඒවා ගැටීමෙන් ද්රව්ය සහ ප්රති ද්රව්ය සාදාගෙන ඒ අනුව තමයි විශ්වයේ අංශු හැදීම පැහැදිළි කරන්න බටහිර විද්යා සමාජය උත්සහයක් ගන්නේ. ද්රව්ය සහ ප්රතිද්රව්ය සෑදෙන්න ශක්ති ගැටීමක් අවශ්ය බව නොකියා ඒ දෙක සහ අවකාශය එකටම අලුතින්ම හැදිල කුඩාම තැනක ඉඳල ආලෝකයේ වේගයේ වඩා වේගයක්කින් කෙටි කාලයක් තුල ඒවා ආලෝක වර්ෂ විශාල ගණනාවක් දුරට පැතුරුණු (Cosmic Inflation එකක් සිදුවුණු බව) බව කියන්න ව්යාජ න්යායන් හදන්න උත්සහ කරල තියනවා. ඒත් තාමත් අවකාශය වැඩි වෙමින් තියන නිසා සහ ඒ අවකාශය වැඩි වීමේ වේගය (ද්රව්ය එකිනෙකින් දුරස් වෙන වේගය) දැනටත් වඩා මුල් කාලයේදී අඩු බවත් සොයාගෙන තියන නිසා ඒ කතාව නොගැළපෙන බව තේරුම් ගන්න පුළුවන්. විශ්වය කියල කියන්නේ ද්රව්ය වලට විතරක් නෙමෙයි. හිස් අවකාශයත් විශ්වය තුල කේන්ද්රගතවූ ද්රව්ය වටා තියන නිසයි ඒ ද්රව්ය වලට හිස් අවකාශය වෙතට වේගයෙන් යන්න හැකියාවක් තියෙන්නෙ. වාතයක්/පඩයක් ගියත් ඒක ඒ වගේ පතිරෙන්නෙ පිටතින් අවකාශයක් තියන නිසයි. Dark Energy කියන නම පාවිච්චි කරල අවකාශය හදන්න කපටි උත්සහයක් අරගත්තට චක්රාවාට (galaxies) තුල අවකාශය හැදෙන්නෙ නැති නිසා ඒ තර්කයත් බිඳෙනවා. විශ්වයේ ද්රව්ය ප්රසාරණය වෙන්නේ දැනටමත් පිටතින් තියන අවකාශයකට. බොහෝ දුරට ඒක ගුරුත්වාකර්ෂණ අංශු පිටතට ගමන් කිරීම නිසා හෝ පිටත ඝනත්වය අඩු නිසා හෝ ඒ හේතු දෙකම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ හැකිලෙන සහ දිගහැරෙන තැන් අනන්ත විශ්වය තුල ඕන තරම් තියෙන්න පුළුවන්. හැකිලිමේදී ගුරුත්වාකර්ෂණ අංශු කේන්ද්රයට ආසන්නයෙන් දීර්ග කාලයක් හුවමාරු වෙන නිසා විශ්වයේ ප්රසාරණය මුලදී අඩු අගයක තියෙන්න ඕන කියන එක ඉතාමත්ම තර්කානුකූලයි සහ විද්යාත්මකයි. ඒත් තර්ක සහ විද්යාව වැඩිය නොසලකන මැවුම්වාදී අදහස් තියන අයගේ බලපෑම් නිසා බටහිර විද්යා සමාජයත් ගුරුත්වාකර්ෂණ අංශු සහ සාමාන්ය සාපෙක්ක්ෂතා වාදයේ තියන දෝෂ වගේ දේවල් වලට වැඩි ජනප්රියතාවයක් දෙන්න උත්සහ කරන්නෙ නැති බවයි පේන්න තියෙන්නෙ.
බුදු දහමට අනුවනම් ගංගා නදියේ වැලිකැට ගානට වැඩිය කල්ප (චක්රීය Big Bangs වගේ ආරම්භයන්) ගණනාවක් තිබිල තියනවා. බුදු දහමට අනුව, රූප කාලාපයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් කියලත් සඳහන් වෙනවා. විශ්වය තුල කුඩාම කාලයක් සහ කුඩාම දිගක් (Planck Time/Length) තියන බවත් විද්යාවෙන් සොයාගෙන තියනවා, ඒත් නවීන විද්යාවට අනුව ඊට වඩා කුඩා දේවල් හෝ ඊට ආසන්න දෙයක්වත් බලන්න බැහැ. පළමු විශ්වය තුල ඒ වගේ ඉතා කුඩා දෙයක් මුලින්ම හැදෙන්න පුළුවන්.
CMB Radiation වලින් එන විශ්වයේ තියන ද්රව්ය වලට වඩා වැඩිපුර එන ශක්ති අංශු කිරණ (Photons) නිසයි ප්රතිද්රව්ය තිබුන බව අනුමාන කරන්නෙ. ඉක්මනින් විශ්වය විශාල උනානම් ද්රව්ය සහ ප්රතිද්රව්ය දුරස්වෙලා ප්රතිද්රව්ය විශ්වය පූරා ගොඩක් ඉතුරුවෙන්නත් ඉඩ තිබුනා. ඒත් ප්රතිද්රව්ය විශ්වය තුල හොයාගන්නත් අමාරුයි. ඒ නිසා විශ්වයයේ ද්රව්ය සහ ශක්ති කිරණ (Photons) විශ්වයේ ගුරුත්ව කේන්ද්රයකට හැකිලීමේදී ඒවා ශක්ති කදම්භ බවට පත්වෙලා සිදුවෙන ගැටීමකින් ද්රව්ය සහ ප්රතිද්රව්ය එක ළඟ හැදුන බවයි හිතන්න වෙන්නෙ. සාමාන්ය ද්රව්ය (ordinary matter) නැති අවකාශය තුල තියන අතත්ය අංශු (virtual particles) ලෙස සලකන ඇතිවෙමින් නැතිවෙමින් පවතින ඉතා කුඩා ද්රව්ය සහ ප්රතිද්රව්ය අංශු කල්ප ගණනාවක් තිස්සේ ද්රව්ය සහ ප්රතිද්රව්ය ගැටීමෙන් හැදෙන ශක්ති අංශු (Photons) සමගම හැදෙන ඒවා නිසා අවකාශය නිතරම විශාලවෙන බවයි මං නම් හිතන්නෙ. විශ්වය උණුසුම්ව සහ ඝනව තිබුන කාලයේ සහ දැන් තියන විශ්වයේ විශාලත්වය ලොකු වෙනසක් නැහැ. පළමු විශ්වය සමරුපීව අංශුවෙන් අංශුවට හැදුනට පසුව අවකාශයට අමතරව තිබුන ද්රව්ය සහ ප්රතිද්රව්ය ගැටීමෙන් ශක්ති අංශු සහ වැඩිපුර අවකාශය හැදුන බවයි මං නම් හිතන්නේ. ඒවා ගුරුත්ව කේන්ද්රයට එන යන එක මාහ කල්ප ගණනාවකට කලින් ආරම්භ වෙන්න ඇති. චක්රාවාට මැද තියන අති විශාල කළු කුහර හැරුනම මධ්යම ප්රමාණයේ කළු කුහර එකක්වත් හොයාගන්න බැරිවෙලා තියනවා. ඉතාමත්ම අති විශාල කළු කුහර හැදෙන්න හේතුවත් තාම හරියටම හොයාගෙන නැහැ. එක තැනක පොඩි හෝ ලොකු කළු කුහරයක් ඇති උනාම විශ්වයේ වටෙන්ම ඇවිත් ඒ හරහා යන්න හදන ශක්ති කදම්භ එතනම නවතින නිසා ඒවා ඉක්මනින් ලොකු වෙන්නත් හැකියාවක් තිබුන කියල හිතන්න පුළුවන්.
උපකල්පිත Cosmic Inflation න්යායෙන් කිසිම අංශුවක් හැදෙන විදිය සොයාගෙන නැහැ. ඒ න්යාය පාවිච්චි කරන්නේ කාලය ආරම්භ කරන්න වංචනිකව සාපේක්ෂතාවාදය කණපිට හරවලා ආපහු නිවැරදි කරද්දී කාලයක් ගතනොවීම මුළු විශ්වයම හැදිලා ඉවර වෙන්න ඕන නිසයි. විශ්වය තත්පරයකටත් වඩා කුඩා කාලයක් තුලදී හැදුවට ඒ වගේ විශ්වයන් හැම මොහොතේම හදන න්යායක් තමයි Cosmic Inflation න්යාය කියල කියන්නෙ. ඒක කොහෙත්ම නිවැරදියි කියන්න බැරි විදියේ න්යායක් වෙන්නේ ගොඩක් ද්රව්ය හැදෙන්න අවම කාලයක්වත් ඕන බව ඒ න්යායෙන් නොසළකන නිසයි. නිවැරදි සාපේක්ෂතාවාදයට අනුවනම් කාලය බිංදුවට කොච්චර ලං කරත් විශ්වය ගොඩක් විශාලයි සහ අවකාශය හැදෙන බවක් හෝ නැතිවෙන බවක් පෙන්වන්නේ නැහැ. කළු කුහර වල විශාලත්වය වැඩි වෙනකොට කළු කුහරයේ මතුපිට ගුරුත්වය (surface gravity) අඩුවෙන එක සාපේක්ෂතාවාදයට අනුව අවකාශයේ නැමීමකින් නිරුපණය කරන්නත් බැහැ. ඒ නිසා සාපේක්ෂතායත් සැමවිටම නිවැරදි නැහැ. නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන න්යාය පාවිච්චි කරල කාලය හෝ ශක්තිය ආරම්භ කරන්න බැරි එය විශ්වය තුල තියන න්යායක් නිසයි. සාපේක්ෂතා වාදයත් ඒ වගේ ද්රව්ය මත තියන න්යායක් නිසා විශ්වය හදන්න ඒක පාවිච්චි කිරීම කපටි වැඩක්. ඒක හරියට අපි ලොකු වෙනකොට උස යන නිසා අපි ඉපදෙනකොට අපේ උස බිංදුවයි කියල කියනවා වගේ වැඩක්. ඒ වගේ බොරු න්යායන් පාවිචි කරල බොරුකාරයෝ මිනිස්සුන්ව රවට්ටන්න ලෙහෙසියෙන්ම පාවිච්චි කරන්නේ වැඩිය මොළේ පාවිච්චි නොකරන උගත්තු වීමයි තියන ලොකුම ගැටලුව. විශ්ව විද්යාල වලත් විශ්වයේ හැකිලීම ගැන වැඩිය උගන්වන්නෙ නැත්තෙ මැවුම්වාදී බලවේග වලට යටවෙලා ඉන්න නාසා සහ ප්රධාන බටහිර විද්යා සමාජය ඒ සංස්කෘතික හා ආගමික ව්යාප්තියට/ආක්රමණයට උදව් කරන නිසා වෙන්න පුළුවන්.
බුදු දහමට අනුව, විශ්වය චක්රීයව සෑදීම සහ විනාශ වීම:
1.සංවට්ට (හැකිලිම ආරම්භ විම)
2.සංවට්ටායි (හැකිලිම)
3.විවට්ට (ප්රෙසාරනය ආරම්භවිම)
4.විවාට්ටායි (ප්රෙසාරනය)
ගුරුත්වාකර්ෂණ අංශු ආපසු හැරීමකින් විශ්වයේ ද්රව්ය වල ප්රසාරණය නතරවී ආපහු හැකිලීමේදී ඒවා ද්රවමය ශක්ති කදම්භ බවට පත්වී ගැටීම නිසා ද්රව්ය සහ ප්රතිද්රව්ය සෑදී ඒවා එකිනෙක ගැටීමේදී සෑදෙන අධික ශක්තිය නිසා මහා පිපිරීමක් වැනි ගැටීමක් ඉතා විශාල කාල පරාසයක් තුලදී සිදුවෙන්න පුළුවන්. කල්ප විනාශක මහා මේඝය ඇති වෙන්නේ එකිනෙක නොගැටී අපි සිටින විශ්වයේ (කෝටී ලක්ෂයක් සක්වල තියන විශ්වයේ) කේන්ද්රය පසුකර මුලින්ම ගිය ශක්ති කදම්භ ආපසු විශ්වයයේ ගුරුත්ව කේන්ද්රයට පැමිණීම නිසා වෙන්න පුළුවන්. ඊට පසුව ලෝක විනාශය සිදුවී ඒ ශක්ති සියල්ල ආසන්න වශයෙන් ගුරුත්ව කේන්ද්රයට ගමන් කිරීම නිසා ඒ ශක්ති කදම්භ විශ්ව කේන්ද්රය පසුකරගොස් (පළමු ප්රසරණයේදී) විශ්වයේ කේන්ද්රය පිරී යාම බුදු දහමේ සඳහන් වෙන සම්පත්ති මහා මේඝය නමැති ශක්ති වරුසාවෙන් විශ්වයේ පිරීම බවත් හිතන්න පුළුවන්.
- සුරේෂ්
Vihanga Wickramaarachchi
බෞද්ධ දර්ශණයේ විශ්වයේ ආරම්භය ගැන විස්තර වෙන්නෙ කොහෙද ? මොන සූත්රයකද ? අපිට ඒවා හොයගන්න පුලුවන් තැනක් තියනවද ?
  • Like
  • Reply
  • Share
  • 4h
  • Edited
  • Suresh Ran Rahas
    Author
    Vihanga Wickramaarachchi, කල්ප විනාශය ගැන උගන්වන අභිධර්ම දේශනා අහන්න: යූටියුබ් නාලිකාව: "Pauranika Theravadaya පෞරාණික ථේරවාදය"
    දේශනය: අභිධර්මය 71 - කල්ප විනාශය වන අයුරු | 2022-04-09
    • Like
    • Reply
    • Share
    • 52m
-----------------------------------------------------------------------------------

EPI 03 - බෞද්ධ ධාතු විග්‍රහය සහ පදාර්ථ ශක්තිය

The Supreme Buddha Explained The Origin Of The Observable Universe

EPI 08 - ඇසට රූපයක් පේන්නේ කොහොමද? විශ්මිත අභිධර්මයේ රහස්

පක්ෂපාතී සම්මුතිමය විද්‍යාවට අභියෝගයක් -- A challenge for the biased conventional science

බුදුරජාණන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රණයෙන් බිඳක් - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ



No comments:

Post a Comment